spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නත්තලට මීගමුව සූදානම් ද ?

Must read

මීගමුව, සංඛ ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබිලිෂර්ස්  අායතනයේ අධිපති , සංඛ ස්වර්ණාධිපති මහතා

” මා මේ වන විට මීගමුව නගරයේ දශක 03 ක පමණ කාලයක් ව්‍යාපාරික කටයුතු වල නියැලී සිටින ව්‍යාපාරිකයෙකු ලෙස දකින ප්‍රධාන වෙනස් කමක්  තමයි,  එදා කාලයට වඩා අද කාලයේදී මීගමුව නගරය සෑහෙන නවීකරනයකට ලක් වී තිබෙනවා.  බොහෝ විට මීගමුව නගරයට පැමිෙණන  ඕනෑම  පුද්ගලයෙකුට ඒ තත්වය මැනවින් අවබෝධ කර ගත හැකියි.
මීගමුව කියන්නේ අති බහුතර කතෝලික ප්‍රජාවක් සිටින නගරයක් කියන එක අපි  ඕනෑම කෙනෙක්  අවිවාදිතව පිලිගන්නා කරුණක්. මා දන්නා කාලයේ සිටම මීගමුව යනු ශ්‍රී  ලංකාවේ සහ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹට පමණක් දෙවැනි වන ප්‍රධාන වෙළද නගරයයි.
ඒ නිසා නත්තල් කාල සීමාව මීගමුවට ඉතා වැදගත් කාලයක් බව අපි කවුරුත් දන්නා කරුණක්.
වීශේෂයෙන්ම දෙසැම්බර් 10 යින් දාට පසුව මීගමුව නගර මධ්‍යයේ ඇති හෝරා ස්ථම්භයේ සිට සෑම අන්තයකටම විහිදී බෙදී යන මාර්ගයන් විශාල ලෙස ජනී ජනයාගෙන් පිරී ඉතිරී යනවා.
ඒ නිසා මීගමුව නගරය මේ කාලයේදී යම් විධිමත් සැලසුමකට අනුව පාලනය කළ යුතුයි කියා මා සිතනවා. විශේෂයෙන්ම නගරයේ මාර්ග පද්ධතිය තුළ රථ වාහන ධාවනය අනිවාර්්‍යයෙන්ම මේ උත්සව කාලයේදී ඒක-මාර්ගික (වන්-වේ) ක්‍රමයක් රථ වාහන පොලිසියේ මැදිහත් වීම මත සිදු කළ යුතුයි කියා මා සිතනවා. එවන් ක්‍රමයකදී හදිසි තත්වයක් හමුවේ එන ගිණි නිවන රථ සහ හදිසි ගිලන් රථ වලට ධාවනය කළ හැකි ලෙසට එම ක්‍රමය සකස් විය යුතුයි.   අද වන විට මීගමුව කෙතරම් නවීකරණය වුවත් නගරය තුළ රථ වාහන ගාල් කිරීමට නිසි ස්ථානයක් නොමැති වීම කණගාටුවට කරුණක්. ඒ නිසා නගරයේ රථාවාහන ගාල් කිරිමට නිසි ස්ථානයන් හදුනා ගත යුතුයි. ඒ සදහා සුදුසුම ස්ථානයක් ලෙස මා දකින්නේ සාන්ත ජෝශප් විදියේ ටෙලිකොම් ආයතනය අසල ඇති රාජි හෝල් භුමියයි. එවැනි ස්ථාන හදුනා ගෙන නගර සභාව මුලික වී රථ වාහන පොලිසියේද සහය ඇතිව එම ස්ථාන තාවකාලිකව හෝ ස්ථීරව රථ ගාල් ලෙස පවත්වා ගෙන යායුතුයි.
මා මුලින් සදහන් කළ සේ මේ උත්සව කාලයට මීගමුවට පාරිභෝගික ජනතාව සේම සැලකිය යුතු ප‍්‍රමානයක් නගරයට පිටින් සුඵ සහ මධ්‍ය පරිමාන වෙළදුන් තාවකාලිකව හෝ පැමීනීම අනිවාර්්‍යයෙන්ම සිදු වෙනවා. ඒනිසා නගරයේ සිටින ස්ථීර ව්‍යාපාරිකයන් වාගේම එලෙස පිටින් එන අමතර වෙළෙදුන්ගේද එලෙසම නගරයට එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආරක්ෂාව ගැන ද අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් මේ උත්සව කාලයේදී නගරය තුල සිදු විය හැකි සොරකම්, මංකොල්ලකෑම්, චේන් කැඩිලි, පිට්-පොකට් ගැහැලි වාගේ නීති වීරෝධී ක්‍රියාවන්ගෙන් මේ සෑම දෙනෙකුවම අපි ආරක්ෂා කල යුතුයි. ඒ කාර්්‍යය සදහා හමුදා භටයන් පොලිසිය සමග යෙදවීම වඩාත් යෝග්‍යයි කියා මා සිතනවා. අපි අසා ඇති පරිදි මීගමුවේ පමනක් නොවෙයි රටේ බහුතරයක් පොලිස් ස්ථානවල සිටිය යුතු තරමටම නිලධාරීන් නැහැ. ඒ නිසා අඩුම තරමින් මේ උත්සව කාලයට පමණක්වත් මීගමුව වැනි ජනාකීර්ණ නගරයක ආරක්ෂාවට හමුදා භටයන් කැදවන්න හැකි නම් සෑම අන්තයකින්ම යහපත් කියයි මා සිතන්නේ.
නගරය අනිවාර්්‍යයෙන්ම මේ කාලයේදී අලංකාර විය යුතුයි. විශේෂයෙන්ම විදුලි බුබුඵ යොදා කරන අලංකරණය තමයි වඩාත් අකාර්ෂනය දනවන්නේ කියලයි මා හිතන්නේ. ඊට අමතරව නගරයේ ඉඩ කඩ ඇති  වෙනත් ස්ථාන වල නත්තල ගැන නව වසර ගැන ප්‍රකාශ වන වෙනත් කලා නිර්මාණයන් අලංකාරයට යොදා ගැනීම හොදයි.
එහිදී නගරයේ ජනතාවට විශේෂයෙන්ම නගරයට පැමිණෙන අයට එය කරදරයක් හිරිහැරයක් නොවිය යුතුයි. එම අලංකරණ නිර්මාණ සදහා පරිසරය අපවිත්‍ර  කරන පරිසරය දුෂනය කරන පොලතීන්, ඉටි රෙදි , ඩිජිටල් බැනර් වලට යොදා ගන්නා කැන්වස් වැනි දේ සහ ප්ලාස්ටික් වැනි මිනිසාට අවට ගහකොලට අහිතකර දේ යොදා ගැනීම අනිවාර්්‍යායෙන්ම නොකළ යුතුයි. එලෙස නගර අලංකරණ නිර්මාණ කරන්න ඉන්න අයගෙන් මම කරුණිකව ඉල්ලීමක් කරනවා, එලෙස මිනිසාට ගහ කොලට සතා සිවුපාවාට සමස්ථයක් ලෙස ගත් කළ මේ මුඵ පරිසරයටම අහිතකර දේ නගර අලංකරණය පිනිස කවදාවත්ම යොදා ගන්න එපා කියලා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article