spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිතියේ කණෙන් රිංගා තරුණයන් බිලිදුන් මීගමුවේ සක්විති ?

Must read

වසර 11 කට වැඩි කාලයක් කිසිදු වෛද්‍යමය සුදුසුකමක් නොමැතිව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අජිත් විපුල බණ්ඩාර නැමැත්තා තරුණයන් හට මත්විම සදහා විකල්ප පෙති වර්ග අලෙවි කිරිමේ ජාවාරම මීගමුව පොලිසිස් අධිකාරි කාර්යාලයේ ආනන්ද අල්විස් මහතාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වු පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය දිනක වටලා තිබුණි.
මෙහිදි සිදුකෙරුන පරික්ෂන වලදි හෙළිදරව් වි ඇත්තේ මේ පුද්ගලයා ට වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා සුදුසුකම් ඇති බවට ව්‍යාජ සහතිකයක්ද ඉදිරිපත් කර තිබුණ බවයි.
එමෙන්ම මෙම පුද්ගලයා විසින් සිය නාමපුවරැවේ සදහන් කර ඇති වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සෝමරත්න යන නම වෛද්‍ය සභාවේ 2000 වසරින් පසු එ ලියාපදිංචිය අලුත් කර නැති බවත් වෛද්‍ය කවුන්සලය විසින් හෙළිදරව් කර ඇත.
මීගමුව සහ කටාන යන ප්‍රදේශ පුරා වසංගතයක් සේ පැතිර යමින් ඇති මත්ෙපති ජාවාරමට අදාලව ස්ථාන කිපයක්ම මේ පුද්ගලයා විසින්ම තවත් තැන් කිපයක විවිධ ස්වරුපයෙන් පවත්වාගෙන ගොස් ඇත.
මේ එක් ස්ථානයක් බොල්වලාන මංසන්ධියේ ඇති අතර එය පවත්වාගෙන ගොස් ඇත්තේ  ආප්ප කඩයක් ලෙසිනි.
මේ සියළු ජාවාරම් වසන් කරගැනිම සදහා මේ පුද්ගලයා ගීත ගායනටද පිවිස ඇත. ඔහු විසින් එළි දක්වා ඇති මේ DVDපටය පිළිබද නිරන්තර වෙළද ප්‍රචාරයක්ද මීගමුවේ සෙත් එප් එම් නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.
ඒ හඩ පටයේ කියැවෙන්නේ වෛද්‍ය අජිත් බණ්ඩාර යනුවෙනි.මේ සටහන තැබෙන මොහොතේ අපි සෙත් එප් නාලිකාව අමතා මේ ගැන විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ මීට විනාඩි 10 කට කලිනුත් ගිතයක් ප්‍රචාරය කරන ලද බවත් මේ පුද්ගලයා දැනට මත්පෙති විකුණා පොලිසියට අසුවි බන්ධනාගාර ගතව සිටින බවත් දන්නා නමුත් තමන් ඔහුගේ සංගිත පැත්තට පමණක් අවධානය යොමුකර ඇති නිසා තවමත් ඒ වෙළද දැන්විමත් එයට අදාලව ගීතත් ප්‍රචාරය කරන බවය.
තවදුරටත් ඔවුන් පවසා සිටියේ වෛද්‍ය අජිත් බණ්ඩාර නැමැත්තා තමන්ගේ සංගිත ප්‍රසංගය විවිධ ආධාර වැඩටසහටන් සදහාද ලබා දෙන බව ගැන කියන  එකි වෙළදැන්විම ටද ප්‍රචාරයක් ලබාදෙන බවය.
තරුණයන් හට මත් පෙති විකිණිමට අමතරව ගබ්සා කිරිම්ද මේ ස්ථානයේ සිදුකර ඇති අතර මෙසේ ගබ්සා තිරිම් සදහා පැමිණි 15 දෙනෙකුගේ ජාතික හැදුනුම්පත් මේ පුද්ගලයා විසින් ලගතබාගෙන සිට ඇත්තේ ගබ්සා කිරිමේ ගාස්තුවේ ඉතිරි හිඟ මුදල ලබාදෙන තෙක් බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙහි අරුමය වන්නේ වසර 11 යන තුරුත් මීගමුව පොලිසියේ හෝ මේ සම්බන්ධයෙන් විමසා  බැලිම් කිරිම සදහා ආදල වගකිම් පැවරි ඇති රාජ්‍ය නිළධාරින් වන ග්‍රාම සේවක ,මහජන සෞඛ්‍ය නිළධාරියා සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා යන කිසිවෙකුත් මේ ජාවාරම ගැන කිසිවක් දන්ෙන් නැති බව පවසා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article