නිති විරෝධි වැඩවලට බන්ධනාගාරයේ ඉඩක් නෑ! – මිගමුව බන්ධනාගාර අධිකාරි

0
294

 

මිගමුව බන්ධනාගාරයේ ⁣සිටින මිගමු දේශපාලකයෙකු විශේෂ වරප්‍රසාද භුක්ති විදින බවට සමාජ තුල පවතින කසුකුසුවක් ගැන පුවතක් අප පසුගියදා පළ කලෙමු.

එයට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටියේ බන්ධනාගාර තුල CCTV සවිකර ඇති බැවින් නිති විරෝධි කටයුතු වලට කිසිදු ඉඩක් නැති බවය.

එවැනි චෝදනාවන් එල්ලවන්නේ නම් එ ගැන විමර්ශනය කරන බවත් ඒ සඳහා තොරතුරු ලබා දෙන ලෙසද  ඉල්ලා සිටියේය.  .

බන්ධනාගාර අධිකාරිවරයා කර තිබෙන මේ ඉල්ලිම ඉතාමත් වැදගත් අතර ඒවා ගැන සොයා බැලිමට විඩියෝ සාක්ෂි පවා ඇති බැවින් වැරදි කරන අය අල්ලා ගැනිමට කටයුතු කලහැකිව තිබේ.

.එපමණක් නොව ඒ සඳහා කැපවි සිටින බන්ධනාගාරය අධිකාරිවරයෙකුද සිටිම සටහන් කළ යුතුම වඩාත් විශේෂ තත්වයකි.

ලංකාවේ අති බහුතරයක් බන්ධනාගාර තුල අන්ත දුෂණ සිදුවන බවට චෝදනා පවතින්නේ දැනට දශක ගණනාවක සිටය.

මේ අතර  බන්ධනාගාරයේ පවතින පහසුකම් පිලිබද ප්‍රශ්ණ රැදිිවියන් මුහුණ දෙන ගැටළු ජාත්‍යන්තරයට පවා ගොස් තිබු⁣නේ බන්ධනාගාරගතව සිටින විදේශීය රැදවියෙකු විසින් පසුගියදා කර තිබුන හෙළිදරව් කිරිම්ද සමඟින්ය.

උසාවිය විසින් සති දෙකක කාලයක් බන්ධනාගාර ගත කිරිම සඳහා නියෝග කර තිබුන අයෙකු ඒ කාලය තුල මිගමුව රෝහලේ නේවාසිකව සිට ඇති අතර එය වෙනත් රැදිවියෙකුට නොතිබුන වි⁣ශේෂ වරප්‍රසාදයක් බව රෝහල තුලත් ඉන් පිටතදිත් කතා බහට ලක්ව තිබුණි.
වෛද්‍යවරයකු අදාල රැදිවියාගේ සහෝදරයෙකු විමද මෙයට බලපා තිබුණ කරුණක් ලෙස පසුව හෙළිදරව් විය.

හජ්ජි උත්සවය පැවැති අවස්ථාවේදි මුස්ලිම් සිරකරුවන් සඳහා යම් වි⁣ශේෂ සහනයක් ලබා දි තිබුණු බවද වාර්තා විය.

බන්ධනාගාර තුල සිදුව ඇති අන්ත දුෂිත තත්වයන් රටේම දැඩි කතාබහකට ලක්ව ඇති පසුබිමක මිගමු බන්ධනාගාර අධිකාරිවරයා නිතියට පිටින් මිගමු බන්ධනාගාරය තුල සිදුවනවා යැයි කියනු ලබන දුෂණ ගැන cctv සාක්ෂි පවා යොදාගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ඇති සුදානමට අනිවාර්යයෙන්ම සැමගේ සහය ලබා දිය යුතුව තිබේ.

බන්ධනාගාර අධිකාරි නිලය අද ආන්දෝලනයකට   පත්ව  ඇති පසුබිමක මිගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ ස්ථාවරය සැබැවින්ම අගේ     කලයුතු අතර එවන් හෙළිදරව්  හැකි උපරිම ලෙසින් සමාජ ගත කලයුතු බවද අවධාරණය කළ යුතුව තිබේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here