spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිදහසේ ,රහට කෑම කන්න නම් grandම තැනක් ! නම වගේමයි වැඩත් !

Must read

grand 2

නමේ හැටියට වැඩ නොකර කටෙන් විතරක් බතල හිටවන්න දක්ෂ ගොඩ දෙනෙක් අපේ සමාජයේ අපිට මුණගැසෙනවා. ව්‍යාපාරිකයන් කියන්නේ ඒ වගේ වැඩ කරන්න දක්ෂ පිරිසක් විදියට තවත් ප්‍රසිද්ධයි.
නමුත් තම ව්‍යාපාරයේ නමේ හැටියටම වැඩ පෙන්වන තැනක අත්දැකීමක් මේ ලගදී දවසක අපට ලැබුණා.

the-grand-espresso-barඒ වෙන්නප්පුව ග්‍රෑන්ඩ් හෝටලය.
පවුලේ පිරිසත් සමග එහි රෑ කෑමකට ගිය අපට එහි සේවක මණ්ඩලයෙන් ලැබුනේ ආදරණීය පිලිගැනීමක්.

අපි එහි ගිය විගසම ඔවුන් විසින් අපට බීම එකකින් සංග්‍රහ කලා. ඒ අපගේ කිසිදු ඇනවුම් කිරීමක් නැතුවයි.
එ පිලිගැනිමේ බිම එක එයාලගෙන්
ඉන්පසු අප ඇණවුම් කල ආහාර සියල්ලක්ම සුළු වේලාවකින් කිසිදු පමා වීමකින් තොරවම අපට ලැබුණා.
ඒ නිසා වෙනත් බොහෝ ආපනශාලා හෝ හෝටල් වල මෙන් කෑම එනකම් හුලං බි බී ඉන්න අපට සිදු වුණේ නැහැ.grand 1
ඒ වගේම ඒ කෑම ඉතාමත් ප්‍රනීතයි වගේම නැවුම් කියලත් නොකියාම බැහැ.ඒ වගේම ඔවුගෙන් ලැබෙන ඉක්මන් හා සුහද සේවයත් අගය කල යුතුමයි.
තවත් එක දෙයක් කියන්නම ඕනේ .
දැන් ගොඩක් හෝටල් වල බිල  අතට දුන්නම තමයි තේරෙන්නේ එකේ අස්සේ තියෙන හංගපු ගැහිලි.
VAT /BAT වගේ සහ තවත් දේවල් …
අනේ මෙතන එහෙම නෑ.අඩුම තරමේ සර්විස් චාර්ජ කියලවත් අරන් තිබුනේ නෑ.
මෙතනට රෑ කෑමකට අපි ආවේ කි.මි.25 ක් පමණ දුරගෙවාගෙන කෑම කන්න තියෙන් තැන් ගොඩක් පහුකරගෙන.grand 3
ඒත් අපේ තීරණය  හරියට හරි කියල අපට සතුටුවෙන්න පුලුවන් වුණා.
ඇත්තටම ව්‍යාපාරිකයෙකුට ඇත්ත සතුට ගෙන්නේ එයාලගේ සේවය ලබන පාරිහෝගිකයා තෘප්තිමත් නම් විතරයි නේද ?

වරක් පැමිණි විට නැවතත් පැමිණීමේ අවශ්‍යතාවයක් දැනෙන අකාරයෙන් ඔවුන් තමන්ගේ සේවය සපයනවා.
ඒ නිසාම කාලයකට පස්සේ කාපු හොදම රාත්‍රී ආහාරය ලබා ගන්න එදා ග්‍රෑන්ඩ් හෝටලයේදී අපට පුළුවන් වුණා.ඒ නිසයි මේ සටහන තියන්න හිතුණේ.

මිතිලායා ගමගේ

https://www.facebook.com/GrandHolidayResort/

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article