නිමල් ලංසා අත්අඩංගුවට !

0
499

 

2025.08.29 දින පෙරවරු 8.35 ට පමණ කොච්චික⁣ඩේ පොලිස් ස්ථානය මගින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිමල් ලංසා මහතා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අංක 58, මීගමුව පාර, කොච්චික⁣ඩේ ලිපිනයේ පදිංචි, බන්දුල නාඔටුන්න යන අයවලුන් මීගමුව ම.උ නඩු අංක බී 1024/ 2006 දරණ නඩුවේ සැකකරුවන් වශයෙන් නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැනුම් ලද නියෝගයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

sunil silva MC e1530778517315
හිටපු නාගරික මන්ත්‍රී සුනිල් සිල්වා

2006.03.09 දින මීගමුව මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපති වරයෙකු වන අංක 35, ජෝශප් මයිකල් පෙරේරා මාවත, දකුණු පල්ලන්සේන, කොච්චිකඩේ ලිපිනයේ පදංචි රුද්‍රිගු සුනිල් විල්ප්‍රඩ් සිල්වා යන අයගේ නිවසට සහ වාහන වලට පහරදී රුපියල් ලක්ෂ 28 ක් වටිනා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන්, කොච්චික⁣ඩේ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව බී 1024/ 2006 දරණ නඩුව 2025.08.28 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදි එහි සැකකරුවන් ලෙස නම් කර සිටින ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොච්චික⁣ඩේ පොලිස් ස්ථානයනය වෙත නියෝග කර ඇත.

IMG 20250829 131823
හිටපු නාගරික මන්ත්‍රී බන්දුල ඔටුන්න

සැකකරුවන් දෙදෙනා 2025.08.29 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here