spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිමල් ලංසා මහමැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹයි! පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් ඉල්ලයි !

Must read

NImal lansa denguපැවැති ජනාධිපතිවරණයත් සමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම අර්බුදයට ගිය පොහොට්ටු දේශපාලකයා වන්නේ නිමල් ලංසාය.එයට හේතුව වන්නේ ඔහුගේ යටතේ පැවැති ආසන දෙකම පරාජයට පත්විමයි.මීගමුව සහ වත්තල පරාජයට පත්වන්නේ නිමල් ලංසා විසින් පාස්කු ප්‍රහාරය උපරිම වශයෙන් මාකට් කිරිම සදහා දැවැන්ත උත්සාහයක්ද ගෙන තිබුන පසුබිමක් තුලය.එබැවින්ම දැන් නිමල් ලංසා තවත් බියට පත්ව ඇත්තේ මහමැතිවරණය ගැනය.කාවින්ද ලංසා අශුද්ධ සන්ධානය අමන්දානන්දයට පත්ව සිටි රොයිස් විජිත සිරගතකො⁣ට තිබිම මහමැතිවරණය පෙර අනිවාර්යයෙන්ම අහෝසිව ගොස් මිගමුව දිනවිම සදහා මෙන්ම පාර්ලිමේන්තුවට යැවිමට නුසුදුසු අය පරාජය කිරිම ඒ ගැම්මෙන්ම සිදුවනු ඇත.මේ පසුබිම තුල නිමල් ලංසා දැන් වැටි ඇත්තේ අසිරූ අඩියකටය.ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහොමයක් ආසන සංවිධායකන් ඔහුව ප්‍රතික්ෂේප කොට තිබිම නිසාය.එබැවින් ඔහු යළිත් වරක් පාස්කු ප්‍රහාරය කතෝලිකයන් හට විකුණා ගොඩයන්නට කල්පනා කර ඇති සෙයිකි.එබැවින් ගෝඨාභය රාජපක්ෂ ජනපති වු සැනින් නිමල් ලංසා පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් ඉල්ලා ඇත.ඉදිරි කාලය තුල ලංසාගේ මහමැතිවරණ දේශපාලනය වනු ඇත්තේ පාස්කු ප්‍රහාරය හිඟන්නාගේ තුවාලය කරගැනිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article