spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිමල් ලංසා මෛත්‍රිගේ මැයි රැළියට ? දයාන් ලංසා මහින්දට ? සරත් කාටද ?

Must read

sarath and nimalnewලංසාට පවුලට ඇත්තේ පවතින දේශපාලනය කෙසේ හෝ තම පවුල වෙතට සැප සම්පත් බුක්තිවිදිමට ඉඩකඩ සලසාලන එකක් බවට පත්කරගැනිම වෙනුවෙන් වු අරගලයකි.
මේ නිසා ඇමති නිමල් ලංසා කෝටි ගණන් ධනස්කන්දයක් රාජපක්ෂ පවුලේ ආශිර්වාදය සහ මගපෙන්විම යටතේ එක්රැස්කොට ගෙන ජනවාරි 08 වෙනිදායින් පසුව මෛත්‍රි පිළට පැන්නේය.
මහින්දට සිග්නල් දමා මෛත්‍රිගේ පැත්තට හැරවු නිමල් ලංසා ට දැන් ඇති ඊළග මෙහෙයුම වන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි සිය මළණුවන් වන දයාන් ලංසා වෙත මීගමුව පාලනය කිරිමේ සුක්කානම අතට ගතහැකි අයුරින් සියල්ල සැලසුම් කිරිමය.
මේ සැලැස්මට අනුව නිමල් ලංසා දවල් කාලයේදි මෛත්‍රි වෙනුවෙන් පෙනි සිටිමින්ද මගුල් ගෙවල් මළගෙවල් වලදි ආණ්ඩුව විචේනය කරමින් දවල් මිගෙල් රැ දනියෙල්ට ඇද ඇතැයි නම සදහන් කිරිමට අකමති මීගමුව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.ඔහු තවදුරටත් කියා සිටියේ මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් එකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගැන සාකච්ජා කිරිම සදහා යැයි කියමින් මේ මස 28 වෙනිදාට විශේෂ සාකච්ජාවක්ද කැදවා ඇති බවය.
මෙම රැස්විම පිළිබදව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් හට ඇරයුම්කර ඇතැයිද වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.
මේ අතර ඔහුගේ  මීපුර වෙබ් අඩවිය වෙත කියා සිටියේ ඇමති නිමල් ලංසා  සිය කාන්තා සමිති කැදවා ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රිගේ මැයි රැළියට වත්තල ආසනයෙන් බස් 10 ක රැගෙන යාමේ මෙහෙයුමක නිරතව  සිටින බවය.
මේ අතර අද මීගමුව තුල දේශපාලන කවයන්හි කථාබහට ලක්ව ඇති තවත් කරුණක් වෙයි.
එනම් මහින්ද පිළේ ප්‍රබලයෙකු වු මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්න දැන් කොයි පිළේද යන්නයි.
තතු දන්නෝ කියා සිටින්නේ සරත ගුණරත්නගේ දේශපාලන අනාගතය ඇමති නිමල් ලංසා විසින්  උගසට ගෙන  ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article