නිමල් සහ දයාන් ඇතුළු සැකකරුවන් පිරිසක් අද (30) උසාවියේ පෙනී සිටියි !

0
933

 

මීට වසර 19 කට පමන පෙර එනම් 2006 වසරේ සිදු වු ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිමල් ලංසා, හිටපු මීගමුව නගරාධිපති දයාන් ලන්සා සහ හිටපු මීගමුව නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න ඇතුළු සැකකරුවන් පිරිසක් අද දින ( 30/10/2025 ) පෙරවරුවේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලදී. ඒ එම සිදුවීමට අදාල නඩුව අද දින මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඉදිරියේ යලි කැඳවූ අවස්ථාවේදීය.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරීන්ට නියෝග කළේ හිටපු ඇමති නිමල් ලන්සා සහ හිටපු මීගමුව නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන සැකකරුවන් දෙදෙනාගේ විමර්ශන කඩිනම් කරන ලෙසයි.

මෙම සිදුවීම සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැඩිදුර උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් නීතිපති වෙත යොමු කරන බවද සඳහන් කල අතර මෙම නඩුව යළිත් එළඹෙන වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ට (26/10/2026) නැවත කැඳවන බව ද දැනුම් දෙන ලදී .

2006.03.08 වැනිදා රාත්‍රි 10.30 ට පමණ කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ, ජොසප් මයිකල් පේරේරා මාවතේ හිටපු උප නගරාධිපති සුනිල් සිල්වා මහතාගේ නිවසට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම සැකකරුවන් අතර හිටපු මීගමුව නගරාධිපති හෙවත් හිටපු ඇමති නිමල් ලංසාගේ සොහොයුරු වන දයාන් ලන්සාද සිටී.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් එතෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ සැකකරුවන් දෙදෙනෙකු පසුගිය සැප්තැම්බර් 28 වැනිදා (28/09 /2025 ) නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ හිටපු අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනාවය

ඔවුන් අත තුවක්කු තිබු බවට සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි ප්‍රකාශ මත ඔවුන් දෙදෙනාව මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ලෙස නම් කර පසුගිය සැප්තැම්බර් 29 වන දින (29/08/2025) කොච්චිකඩේ පොලිසියට පැමිණීමෙන් පසු ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ගිනි අවි අඥා පනතේ 26 වෙනි වගන්තිය ප්‍රකාරව වැරදි සිදුව ඇති බවත්, තව දුරටත් විමර්ශන සිදු වන බැවින් සාක්ෂිකරුවන්ට බලපැම් සිදු විය හැකි බැවින් ද හිටපු ඇමති නිමල් ලන්සාව සහ හිටපු මීගමුව නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනාව එදින රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඒ අනුව සැප්තැම්බර් මස 08 වැනි දින (08/09/2025) හිටපු ඇමති නිමල් ලංසා මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කල මෝසමක් මත, ඔහුට ඇප ලබා දුන් අතර සැප්තැම්බර් 12 වැනි දින (12/09/2025) හිටපු මීගමුව නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්නට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබා දෙන ලදී.

මෙම සිදුවීමට අදාළව මීළඟ නඩු වාරය එලඹෙන 2026 වසරේ ඔක්තෝබර් මස 26 වැනි (26/10/2026) දින යළි විභාගයට ගැනීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here