spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නි.වෙ.ක කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි තබයි

Must read

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් අද දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය ආරම්භ කිරීමට පෙර සිටිම පොලිස් නිලධාරීන් විසින් එයට බාධා පැමිණිවීය. විශේෂයෙන්ම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට ඇතුළු වන හා පිටවන සියළු ගේට්ටු අසල සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිස් බැගින් රැදී සිටිනු දැක ගත හැකි විය.

එලෙස පොලිස් නිලධාරීන් එම පිවිසුම් ගේට්ටු ආවරණය කරමින් එම ස්ථාන වල රැදි  සිට ඇත්තේ ආයෝජන ප‍්‍රවර්ධන කලාපය තුල සිටි සේවක සේවිකාවන්ට පිටතට පැමිණ උද්ඝෝෂනය කිරීම වැලැක්වීමටය. එහෙත් එම උද්ඝෝෂනය මුලින්ම ආරම්භ වූ කලාපයට ඇතුළු වන 04 වන ගේට්ටුව හා ඇවරිවත්ත බස් නැවතුම් පොල අසල පිහිටි ප‍්‍රධාන ගේට්ටුද කඩා දමමින් මෙම සේවක සේවිකාවන් සිය උද්ඝෝෂනය ආරඹා ඇත. එහෙත් එම උද්ඝෝෂනය ආරම්භ කර ටික වේලාවකදී අවට පොලිස් ස්ථාන වලින් පැමිණි තවත් පොලිස් නිලධාරී කන්ඩායම්ද එක්වෙමින් උද්ඝෝෂන කරුවන්ව එලවා දැමීමට කටයුතු කර ඇත. ඉන් පසුව රබර් උන්ඩ හා කදුළු ගෑස් යොදා ගනිමින්  උද්ඝෝෂන කරුවන්ව විසුරුවා හැරීමට පොලිස් නිළධාරීන් කටයුතු කර ඇත. ඉන් පසුව ඇවරිවත්ත ආයෝජන ප‍්‍රවර්ධන කලාපය ආශී‍්‍රතව යුධ පිටියක ස්වභාවයක් ගත් බව වාර්තා වේ. කදුළු ගෑස් යොදා පිරිස විසුරුවාලීමට යන පොලිස් නිළධාරීන්ට උද්ඝෝෂන කරුවන් විසින් ගල් මුල් වලින් පහරදී තිබේ. එම පහරදීමෙන් පසු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටම තුවාල සිදු වූ අතර ඉන් කිහිප දෙනෙකු මීගමුව හා සීදුව-විජය කුමාරණතුංග යන රෝහල් වලින් ප‍්‍රතිකාර ලබා ගෙන ගිය බවද වාර්තා වේ.  සවස 1.30 න් පමන පසු මේ තත්වය ඉතා දරුණු බවට පත් වෙමින් පොලිසිය විසින් රඩර් උන්ඩ නොව නියම උන්ඩ යොදා ගෙන වෙඩි තබමින් උද්ඝෝෂන කරුවන්  විසුරුවාලීමට කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් ටද උද්ඝෝෂන කරුවන් නැවත නැවතත් පහර එල්ල කර තිබේ. ඉන් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමන මීගමුව රෝහලින් ප‍්‍රතිකාර ලබා ගෙන තිබේ. ඒ අතර පුත්තලම කොට්ඨාශ පොලිස් පරීක්ෂක වරයාද සිටින බව වාර්තා වේ. එලෙසම පොලිසිය තැබූ වෙඩි පහරින් බරපතල ලෙස තුවාල ලත් කර්මාන්ත ශාළා සේවකයෙකුද මේ වන විට මීගමුව රෝහලේ ප‍්‍රකිකාර ලබමින් සිටි. ඔහුව ශළ්‍යකර්මයකටද ඇතුලත් කර ඇත. ඒ මීට සති 03 කට පමන පෙර සිය ප‍්‍රථම රැකියාව ලෙස කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ 02 වන අදියරේ පිහිටි ඒ.ටී.ජී. ලංකා ආයතනයට කම්කරුවෙකු ලෙස රැුකියාවකට පැමිණි ඉබ්බාගමුවේ පදිංචි , 19 හැවිරිදි මංගල සම්පත් යන අවිවාහක තරුණයායි. පොලිසිය තැබූ වෙඩි පහර ඔහුට වැදී තිබුනේ ඔහුගේ කලවා ප‍්‍රදේශයට වූ අතර එහි තුවල සලකුණු 02 ක් වූ බව රෝහල් ආරංචි මාර්ග ස`දහන් කරයි. මේ සිදු වීම් වලට අමතරව සවස් කාලය වන විට ආයෝජන ප‍්‍රවර්ධන කලාපය තුල පිහිටි සමහර කර්මාන්ත ශාලා ඇතුලටම පැමිණි  පොලිස් නිලධාරීන් කන්ඩායම් කිහිපයක්ම උද්ඝෝෂන කරුවන් සොයමින් එම කර්මාන්ත ශාලා වල බඩු බාහිරාදියටද හා යන්ත‍්‍ර සුත‍්‍ර වලටද හානි කරන බවට වාර්තා වේ.මේ  අතර සිදුව රෝහල වෙත පැමිණිතුවාලකරුවන් 11 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා රාගම රෝහල වෙත මාරුකර යවා ඇත.ඉන් එක් අයෙකු උදරයට වෙඩිවැදුන අයෙක් බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article