හීන්කෙන්ද මුදලිගේ දොන් රොබට් හීන්කෙන්ද අද (02/06/2025) පෙරවරුවේදී නව නගරාධිපතිවරයා ලෙස මීගමුව මහා නගර සභාවේදී සිය රාජකාරී ආරම්භ කළේය.
,මෙවර පැවති පළාත් පාලන මැතිවරණය සඳහා, ප්‍රථම වතාවට ඉදිරිපත් වූ අතර ඔහු මීගමුව, පළඟතුරේ කොට්ඨාශය නියෝජනය කළේය. ජාතික ජන බලවේග පක්ෂයේ මීගමු ආසනයේ කණ්ඩායම් නායකයා බවට පත් වූයේ ද ඔහුයි.
රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව රැස්ව සිටි පිරිස අමතමින් ඔහු ප්‍රකාශ කළේ මීගමුව මහා නගර සභාවට ජයගත යුතු අභියෝගයන් රාශියක් පවතින බවය
ඉදිරි කාලයේ සියලු දෙනාගේම සහයෝගය මත එම අභියෝග සියල්ලම ජයග්‍රහණය කිරීමට තමා බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා සියලු දෙනාගේම සහය බලාපොරොත්තු වන බවත්, නුදුරේදීම මීගමුව මහා නගර සභාව ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන සහ දියුණු, පළාත් පාලන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට තමා කටයුතු කරන බවද පැවසීය.
මේ අවස්ථාවට, මීගමුව භාර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්ත මහතා, එලෙසම නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නම් කර ඇති චාමර ප්‍රනාන්දු මහතා සහ නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ සහභාගි වූහ.
එලෙසම මීගමුව මහා නගර සභාවට තේරී පත්වූ ජාතික ජන බලවේග පක්ෂයේ නාගරික මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ද තවද මහ නගර සභාවේ කාර්ය මණ්ඩල නිලධාරීන් සහ නිළධාරිණයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.