නීතියට උඩින් කිසිවෙකුත් නැත.කලපුව ගොඩකළ අයට නීතිය ක්‍රියාත්මක කරන්න.

0
248

රට පවුලක් විසින් පාලනය කරද්දි මිගමුව කලේද පවුලක් විසිනි.

පළාත් පාලන නීතිය පමණක් නොව වෙරළ පරිසර නීතියද වල්වැදි තිබුන යුගයක සිදුව තිබුන මේ කලපුව ගොඩකර සිදුකර ඇති මේ ඉදිකිරිම් සම්බන්ධයෙන් දැනටමත් දැවැන්ත විරෝධයත් ගම්වැසියන්ගෙන් මෙන්ම ධිවර සංවිධාන වලින්ද එල්ල වි තිබේ.

මේ අතර මිගමුව ප්‍රාදේශීය ලේකම්වරිය අවශ්‍ය තොරතුරු සියල්ලක්ම පවතිද්දි හිටපු ග්‍රාම නිලධාරිණිය පවා මෙයට
දැඩි ලෙස විරුද්ධව සිටියදි පවා මන්දගාමි වුයේ ඇයිද යන ව්වේචනයක්ද මේ වනවිට මතුවෙමින් තිබේ.

IMG 20260117 180135

Screenshot 20260117 173600

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරිය දැනටමත් අවධාරණය කර තිබුනේ
අනිවාර්යයෙන්ම මේ අරභයා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවය.

දැන් වගකීම ඇත්තේ ඇය
හටය.පවුල් පාලන දේශපාලනය මීගමුවෙන් මෙන්ම රටින්ද අතුගා දමා හමාරය.

දැන් ඇත්තේ නීතියට උඩින් කිසිවෙකුත් නැතැයි කියා රටහමුවේ සපථ කර ඇති ජනපතිගේ කෙනෙකුගේ විධායක පාලනයකි.

අවනිතිය රජය කළ යුගයේ සිදුකරන සියලු ක්‍රියා ආපස්සට හැරවිම සඳහා පාලනයක් යළිත මේ රාජ්‍ය නිලධාරීන් හට හමුනොවනු ඇත.

දැන් ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරිය කියු දේ ක්‍රියාවට නැගිමේ
මොහොතයි.

තවත් පමා නොකර වැඩේට බහින්න .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here