නීතියට වෙට්ටු දැමු ,මේ නිලධාරින් ගැන මාලිමාව නිහඬ ද ?

0
422

මීගමුව නගර මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින දිනපතා පොළ අසල පිහිටි තෙමහල් ගොඩනැගිල්ල නිතියට වෙට්ටු දමා ඉඳිකරන්නට ආදල ව්‍යාපාරිකයා ඉඩකඩ ලබා දි තිබුන ප්‍රධාන චරිතය බව කියැවෙන්නේ හිටපු කොමසාරිස්වරයෙකු වන ලක්ෂමන් නැමැත්තා බව දැන් මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.

ගමේ කමේ හයියේ වාසියද රැගෙන  අදාල ව්‍යාපාරිකයා ලක්ෂ්මන් නැමැති කුප්‍රකට හිටපු කොමසාරිස් මගින් සිය උවමනාවන් ඉටුකරගන්නට මුලික පදනම් දමාගෙන තිබුණි.

රද්දොළුවේ  පිහිටි හිටපු කොමසාරිස්වරයාගේ නිවස ඉදිරිපිටට නගර සභාවට අයත් ෆලැස්ලයිට් පවා අයථා ආකාරයෙන් සවිකරගත් කුප්‍රකටනිලධාරියෙකු නගරයේ ගොඩනැගිලිවලින් කොයිතරම් නම් ගසාකන්නට ඇතිදැයි අමුතුවෙන් කිව යුතු නැත.

IMG 20250624 123927

ඩඩ්ලි මාර්කට් 696x522 1

නීතිය හමුවට අනිවාර්යෙන්ම ගෙන ආ යුතු මිගමු මහනගර සභාවේ නිලධාරින් කව්ද ? 

නගරය මැද සිව් මහල් ගොඩනැගිල්ල මෙන්ම  ඩඩලි සේනනායක වෙළද සැල් ගොඩනැගිල්ලද කප්පරක් වංචා දුෂණ වලින් පිරි ගිය එකකි.

ඩඩ්ලි සේනානායක ගොඩනැගිල්ල ඉදිකරමින් තිබුනේ සුදුසුකම් නැති අසාදු ලේඛන ගත කළයුතු කොත්ත්‍රාත් සමාගමක් විසිනි
මේ  ගොඩනැගිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන්නේ නම් නීතියට වෙට්ටු දැමු  අය කව්දැයි ඉතා පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත.

මේ ගොඩනැගිලි  දෙක ඇතුළු අනවසර ඉදිරිකිරිම් රැසක් සම්බන්ධයෙන් වත්මන් පුනරුද පාලනය ක්‍රියාකරන්නේ කෙසේද ? එය ඔවුන්ගේ පළමු ලිට්මස් පරික්ෂණ වනු නොඅනුමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here