නීති විරෝධි ඉදිකිරිම් කළ මේ කඩකාරයන් තවමත් නිදැල්ලේ ?

0
308
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

00pm)මීගමුවේ සමනල ගොඩනැගිල්ල , ග්‍රීන්පාක් , වාසනා බේකරිය යන ගොඩනැගිලි අසලින් ගලා බසින කාණුවකි.
මීගමුවේ තවත් කාණු ගණනාවකින් එකතුවන වතුර මෙම කාණුවට එකතුවී කලපුවට වැටෙයි. මෙම වතුර තද කළුපැහැයෙන් යුතුය.
නගරයේ විශාල කුණු ප්‍රමාණයක් මෙම කාණුව දිගේ පැමිණ කලපුවට බැහැර කරන්නේ විශාල හානියක්ද කරමිනි.

මෙම කාණුව දිගේ එන කුණු සුද්ධ කිරීමේ හැකියාවක් නැත.
මන්ද කාණුව යටකරගෙන ඉදිවී ඇති අනවසර ගොඩනැගිලි සහ පාරවල් ඊට බාධාකාරීව පවතින හෙයිනි. පසුගිය කාලවකවානු තුළ මෙම අනවසර කටයුතු සඳහා අවසර ලැබීමේ හේතුවෙන් මේ තත්වය ඇතිවී ඇත.

DSC_1043
කාණු මත ඉදිකළ පාර සහ ඒ අසල රක්ෂිතය අල්ලා ඉදිකරන ලද තට්ටු ගොඩනැගිල්ල.

මීගමුවේ අප ජලය බැහැර කිරිම සඳහා ඉදිකෙරුණ කාණු පද්ධතිය නිසි ප්‍රමිතියකින් නිමකිරිමට අපොහොසත් වු ලංසා පාලනය එහි නියමිත මුදල් කල් ඇතිව අවසන් කරගෙන තිබුණ නිසා මේකි  අප ජලය කලපුවට මුදාහරුණේ කිසිඳු පිරිපහදුවකින් තොරවය.
ව්‍යාපෘතියට අනුුව නම් එය නිසි ප්‍රමිතියකින් යුතුව පිරිපහදු කිරිමට පියවර ගත යුතු තිබුණි..
ඉන් නොනැවතුන ලංසා පාලනය මේ කාණු රක්ෂිතය අල්ලා තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකරගැනිමට සිය සහචරයන්ට ඉඩසලසා දිමය.

සල්ලි ලැබේනම් ඕනෑම දෙයක් කරන්නට සූදානම්වූ පාලකයින්ට පින්සිදුවන්නට තමන්ගේ අරමුණු ඉටු කරගත් මේ කඩකාරයෝ ඉහතකී බලධාරීන්ට පඩුරු පාක්කුඩම් සපයා තමන්ගේ වෙළහෙළදාම් දිගටම කරගෙන යාමට සමත්වී ඇත.

අනවසර ඉදිකිරිම් ඉවත් කරනවා යැයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වන වත්මන් පාලකයන්ද මේ අනිතික කටයුතු වලට නිසි පියවරයන් ගැනිම තවමත් පමා කරන්නේ නම් ඉන්  කියැවෙන්නේ කුමක්ද

දැන් කල් ගත්තා ඇතිය .

ඇත්ත කෙරුවාව මිගමුවේ බදුගෙවන ජනයා අනිවාර්යෙන්ම දැනගත යුතුය.
මේ සියළු අනිතික ක්‍රියා ලංසා පවුලටම පාරා වලල්ලක් බවට පත්කරන්නට මේ මාලිමා පාලකන්ට නොහැකි වන්නේ නම් වෙනසක් වෙනුවෙන් ඡන්ද දුන් මිගමුවේ ජනයාගේ බලාපොරොත්තු සුන්වෙමින් ඇත.

සියළු කුණු වසා ගෙන කිසි හිරිකිතයක් නැතිව පොදුදේපල තම පුද්ගලික දේවල් ලෙස සලකා කටයුතු කිරීමේ ඉතිහාසයක් ඇති මෙම අයිය මලෝ දෙපල කුමන නෙයියාඩමක් නැටුවත් කෙදිනක හෝ සත්‍යයට මුහුණදීමට සිදුවන බව අප  දැන් දශක දෙකක් තිස්සේ අපේ මාධ්‍ය මෙහෙවර තුල අප දිගින් දිගටම මතු කළෙමු.

පුනරුද පාලනට දැන් ඇත්තේ විසිල් නවත්වා බල්ටි ගසන්නට මුලපුරන්නටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here