ගව ඝාතකාගාරයට අනුමැතිය දුන් නිර්දේශය මහසභාව අනුමත නොකළේ ඇයි ?

0
141

නීති විරෝධි යැයි කියමින් ජනතාව පෙත්සම් පවා ගසා තිබුන ගව ඝාතකාගාරයක සම්බන්ධයෙන් සෞඛ්‍ය කාරක සභාව විසින් පත්කර තිබුන කමිටුවක ඇගයුමකින් එයට අනුමැතිය ලබාදිමට සෞඛ්‍ය කමිටුව නිර්දේශ කිරිම ගැන බරපතල විවේචනාත්මක සංවාදයක් පසුගිය මහසභා රැස්විමේදි සිදුව තිබුනි.

කෙසේ වෙතත් මහසභාව විසින් මේ  නිර්දේශය අනුමත නොකළ  බව අප කළ විමසුමකදි විපක්ෂයේ මන්ත්‍රීවරයකු පවසා සිටියේය.එය ඊළඟ මහසභාව දක්වා කල් දි ඇතැයි තවදුරටත් සදහන් කරන ලදි.

මෙම ගව ඝතකාගාරයට අනුමැතිය දිම සදහා කර තිබුන නිර්දේශය සම්බන්ධයෙන් වැඩිම විවේචන එල්ල වි තිබුනේ එහි සභාපති මොහාන්ට  සහ තවත කාරක සභා සමාජිකයෙකු හටය.

මේ අතර මේ නීති වි⁣රෝධි ගව ඝාතකාගාරයේ හිමිකරු පසුගිය ගංවතුර ව්‍යසනය පැවති කාලයේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපති හට මෙට්ට සහ කොට්ට තොගයක්ද ලබාදිම ගැනද විවිධ කසු කුසු සභාව තුල පැවැතුණි.

මෙම ඩීල් එක පිටුපස ස්වාධින කණ්ඩායමකින් තරඟ කොට තේරි පත්වු අයෙකුද සිටින බව අප කළ විමසුමකදි විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් පෙරියමුල්ල කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක මේ මස් කඩ මෆියාව ගැනත් ඒවා පිටපසු සිටින ඇතැම් නාගරික මන්ත්‍රිලා ගැනත් මහ නගර සභාව තුල තැන තැන කතාවෙන තත්වයක්ද දැන් මතුව තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here