spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පත්තර වල තිබුණ, කප්පම් මුදල අඩුකලා කියන කථාව අමුලික බොරුවක්.

Must read

   සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින මීගමු ධීවරයින්ගේ
බිරියන් සහ පවුලේ උදවිය පවසති.


මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිදුවීමේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් එම ධීවරයින් මුදා හැරීම ස`දහා මුදලින් කෝටි 06 ක් හෙවත් බිලියන 06 ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා සිටී බව වාර්තා වුණි.
මෙලෙස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ භාරයේ පසුවන්නේ පසුගිය සැප්තැම්බර් 27 වැනිදා (2011/09/27* මීගමුවෙන් මුහුදු ගිය ” නිමේෂා දුව” නැමැති බෝට්ටුවේ සිටි ධීවරයින් 06 දෙනෙකි. මෙම පිරිසෙන් දෙදෙනෙක් මීගමුව උතුරු පිටිපන ප‍්‍රදේශයේ ධීවරයන්ය. සෙසු ධීවරයින් සිව් දෙනා, අ`ඵත්කූරුව, තලාහේන,  ක`ඵතර සහ පුත්තලම-කුදුප්පාඩුව, යන ප‍්‍රදේශවල පදිංචි කරුවෝ වෙති. මේ පිරිස මුහුදු ගිය පසුගිය සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 27 වැනිදා දක්වා මාසයක පමන කාලයක්  බෝට්ටුවේ අයිතිකරු වන පිටිපන, නැරැුල්ලවත්තේ පදිංචි නිහාල් නැමැති අය හා දුරකථනයෙන් කථා කොට ඇත. මේ ධීවර පිරිස බෝට්ටුව අයත් නිහාල් යන අය සම`ග එලෙස දුරකතනයෙන් කථා කල අවසන් වතාවේදී ඔවුන් පවසා ඇත්තේ තම බෝට්ටුවේ තීබූ ඉන්ධන සහ ආහාර සියල්ලම අවසන් වී ඇති බවයි. ඒ අනුව මසුන් මැරීමට මුහුදු යන බෝට්ටුවක ඉන්ධන සහ ආහාර එවන ලෙසද ඔවුන් බෝට්ටුවේ අයිතිකරුට එහිදී පවසා තිබිණි. ඒ අනුව මසුන් මැරීමට යන බෝට්ටුවක මේ ධීවර පිරිසට අවශ්‍ය ඉන්ධන සහ ආහාර යැවුවත් මහා සයුරේදී මෙම ධීවරයන් 06 දෙනා සිටින බෝට්ටුව සොයා ගැනීමට නොහැකි වී තිබුණි. සාමාන්‍යයෙන් මෙලෙස මසුන් මරන්නට මුහුදු යන මෙම ධිවරයින් දින 21 ත් දින 30 ත් ( මාසයක් * පිරිමට පෙර ගොඩබිමට ල`ගාවේ. එහෙත් ඔවුන්ගෙන් කිසිදු පනිඩිඩයක් පසුගිය ඔක්තෝබර් 27 දා යින් පසුව බෝට්ටුවේ අයිතිකරුට හෝ ඥාතීන්ට නොලැබී තිබිණි. මෙම ධීවර පිරිසේ සිටින මීගමුවේ ධීවරයින් දෙදෙනාගේ ඥාතීන් පවසන පරිදි ඔවුන් පිලිබ`දව කිසිදු හෝඩුවාවක් නොලද විට බෝට්ටුවේ අයිතිකරු විසින් රජයේ වගකිය යුතු ආයතන සහ වගකිව යුතු නිලධාරීන් මෙන්ම බලධාරීන්ටද පැමිණිලි කර තිබිණි. එලෙසම ශී‍්‍ර ලංකාව අවට ඇති ඉන්දියාව ඇතු`ඵ රටවල් 05 කටද මෙම බෝට්ටුව පිලිබ`දව දැනුම්දී තිබිනී. එහෙත් ඔවුන් පිලිබ`දව හෝ එම බෝට්ටුව පිලිබ`දව හෝ කිිසිදු හෝඩුවාවක් නොලැබුණි.
එහෙත් පසුව මේ වසරේ එනම් 2012 වසරේ ජනවාරී 04 වැනි දින අ`ඵයම බෝට්ටුවේ අයිතිකරුට 00252698840002 යන දුරකතන අංකයෙන් ඇමතුමක් ලැබුනු අතර ඉන් පැවසුනේ මෙම ධීවරයින් 06 දෙනා සම`ග මෙම බෝට්ටුව සොමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහනයට නතු වී ඇති බවයි. ඒ අනුව ඔවුන් මුදා හැරීමට නම් බිලියන 06 ක මුදලක් අවශ්‍ය බව පවසා තිබිනි. එදා සිට මේ දක්වාම බෝට්ටුවේ අයිතිකරු ද මෙම ධිවර පිරිසේ ඥාතීන්ද විටින් විට මෙම කොල්ලකරුවන්ට දුරකථනයෙන් කතා කර ඇත. එහිදී කොල්ලකරුවන් විවිධ දින සිමාවන් ලබා දෙමින් පවසා ඇත්තේ ඒ දිනයන්ට පෙර මෙම කප්පම් මුදල නොලැබේ නම් මේ ධීවරයින් 06 දෙනා මරා දමන බවකි. ඒ අනුව කොල්කරුවන් විසින් ලබා දී තිබුන අවසන් දිනය වන්නේ පසුගිය පෙබරවාරී 03 වන සිකුරාදායි. ඒ පිලිබ`දව වාර්තා කල සමහර පුවත් පත් වල ස`දහන් වී තිබුනේ කොල්කරුවන්ගේ බිලියන 06 කප්පම් මුදල භාගයකට එනම් බිලියන හෙවත් කෝටි 03 ක් දක්වා අඩුකර ඇති බවකි. එහෙත් එම පුවත් පත් ප‍්‍රවෘත්තිය අසත්‍යයක් බවට මීගමුවේ ධීවරයන් දෙදෙනාගේ බිරියන් දෙදෙනා සහ එම ඥාතීන් පවසති.
මෙම ධිවරයින් 06 දෙනා අතර සිටින මීගමුව ධීවරයින් දෙදෙනා වන්නේ උතුරු පිටිපන ¥පත් අංක 02 හී 546/11 – ඞී, දරණ නිවසේ පදිංචි 43 හැවිරිදි , පස් දරු පියෙකු වූ පී. සෙල්වරාජ් නැමැත්තා සහ උතුරු පිටිපන ¥පත් අංක 01 හී 546/04-03 , දරණ නිවසේ පදිංචි 27 හැවිරිදි එක් දරු පියෙකු වූ ජේසුදාස් ලෙවෝන් රුදි‍්‍රගු නැමැත්තායි.
කුඩා කල සිටම මුහුදු ගොස් මසුන් මැරිමට පෙළඹුණු පී. සෙල්වරාජ් ” නිමේෂා දුව ” නැමැති මෙම බෝට්ටුවට පැමිණ වසරක පමන කාලයකි. ඔහුට දියණියන්ම 05 දෙනෙකි. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 23 කි. බාලම දියණියගේ වයස අවුරුදු 07 කි. මෙම දියණියන් පස් දෙනාගෙන්  තිදෙනෙකු තවමත් පාසල් යති. සෙල්වරාජ් ගේ බිරි`ද 42 හැවිරිදි එස්. කමලා නැමැත්තියට මේ වනවිට තම පාසල් යන දරුව්න්ගේ අඩුපාඩුකම් හා ඔවුන්ගේ පෝෂනය වෙනුවෙන් කරවල වාඩියක එදිනෙදා කුලියක් ලැබෙන රැුකියාවක් පවා කිරීමට සිදුව තිබේ. තම සැමියා සිටින විට ඔහු උපයන දෙයින් අරපිරිමැස්මෙන් යුතුව තම දරුවන්ද පෝෂනය කර ගත් ඇයට රැුකියාවක් කිරීමට පවා එතරම් අවශ්‍ය නොවුයේ තම සැමියාගේ ආදායම යම් ආකාරයකින් ප‍්‍රමානවත් වු නිසාය.
එලෙසම 27 හැවිරිදි ලොවෝන් රුදි‍්‍රගු මෙම ”නිමේෂා දුව” බෝට්ටුවට පැමිණ ගත වී ඇත්තේ වසරක් පමන කාලයකි. එමෙන්ම ඔහු ධීවර බෝට්ටු රැුකියාවට පැමිණ වසර 04 ක පමන කාලයකි. ඔහුට 7 හැවිරිදි පාසල් යන දියණීයකි . දියණියගේ අධ්‍යාපනය සහ පෝෂනය වෙනුවෙන් ඔහුගේ බිරි`ද 23 හැවිරිදි වත්සලා මධුෂානී නැමැත්තිය මේ වන විට දෛනික කුලී රැුකියාවන් වල යෙදෙමින් සිටී. තම සැමියා තමන් සමීපයේ සිටියේ නම් තමාගේත් තම දියනියගේත් සිය`ඵ අඩුපාඩුකම් ඔහු විසින් නොපිරිහෙලා ඉටු කරන බව ඇය ඉතා ශෝකයෙන් යුතුව පවසයි.

එලෙසම මේ අයගේ ඥාතීන් පවසන්නේ සම්පුර්ණ කප්පම් මුදල භාගයකට අඩුකලත් එවැනි විශාල මුදලක් එනම් බිලියන 03 ක් (කෝටි 03 ක් * වැනි මුදලක් තමන් සන්තකයේ හෝ තමන්ට සොයා ගැනීමට හෝ නොහැකි බවයි. එලෙසම ඔවුන් වැඩි දුරටත් අවධාරනය කරන්නේ පසුගියදා පුවත් පත් වල පලවූ පරිදි කප්පම් මුදල් භාගයකට අඩුකල බවට කොල්ලකරුවන් පැවසූ යැයි කියන කථාව පදනමක් නැති අසත්‍යයක් බවයි. එලෙසම ඔවුන් පවසන්නේ කොල්ලකරුවන් විසින් පෙබරවාරී 03 වැනිදා දක්වා කප්පම් ගෙවීමට ලබා දී තිබූ අවසාන දිනය මේ වන විට ඉවත් කර ගෙන ඇති බවයි. වරෙක බෝට්ටුවේ අයිතිකරු කොල්ලකරුවන්  සම`ග කථා කල අවස්ථාවකදී බිලියන ගණනක කප්පම් මුදල ගෙවීමට නොහැකි නම් මේ ධීවරයින් 06 දෙනා බෙරා ගැනීමට ලබා දිය හැකි කප්පම් මුදල යෝජනා කරන්නැයි කොල්ලකරුවන් එහිදී දන්වා ඇත. අඩුම තරමින් රුපියල් ලක්ෂ 05 ක් වැනි කප්පම් මුදලක් කොල්ලකරුවන් විසින් යෝජනා කරන්නේ  මේ වන විට තමන් සන්තකයේ එතරම් මුදලක් නොමැති වුවත් එය කෙසේ හෝ සොයා ගැනීමට හෝ හැකි බවට මේ ධීවරයින්  දෙදෙනාගේ ඥාතීන් වැඩි දුරටත් අවධාරනය කරති.
මේ තත්වය මත විශේෂයෙන්ම මෙම ධීවරයින් සම්බන්ධව ඔවුන්ගේ බිරියන් සහ ඥාතීන් විසින් වගකිව යුතු නිලධාරීන් සහ බලධාරීන් දැනුවත් කර තිබේ. එලෙසම කතෝලික සභාවේ ධීවර කටයුතු සම්බන්ධයෙන් කි‍්‍රයා කරන පියතුමන්ලාටද එලෙසම මීසම් පාලක පියතුමන්ලාවද දැනුවත් කර තිබේ . එහෙත් මේ වන තුරු කිසිදු ආකාරයක පිලිතුරක් හෝ සැහීමකට හෝ පත් විය හැකි කි‍්‍රයා මාර්ගයක් හෝ මේ කුමන අංශයකින්වත් මෙතෙක් ගෙන නොමැති වීම ඉතා කනගාටුදායකය.
එසේ හෙයින් මීගමුවේ ධීවරයින් දෙදෙනාගේ බිරියන් වන  එස්. කමලා සහ වත්සලා මධුෂානී ඇතු`ඵ ඔවුන්ගේ දරුවන්ද එලෙසම ඔවුන්ගේ ඥාතීන්ද  මෙලෙස සොමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රාණ ඇපකරුවන්සේ ර`දවා ගෙන සිටින  පී. සෙල්වරාජ්  සහ ජේසුදාස් ලෙවෝන් රුදි‍්‍රගු ඇතු`ඵ සෙසු ධීවරයන් සිව්දෙනාවද ඉක්මනින්ම නිදහස් කරගැනීමට කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ධීවර අමාත්‍යවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටී.  

තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article