spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පමුණුගම පොලිසියේ නිළධාරින් , කතකට පහරදීම පිළිබද පරික්ෂණ සීදුව පොලීසිය යටතට !

Must read

FB_IMG_1565760859338පමුණුගම පොලිසිය විසින් මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිණියක වු ඈන් මහත්මිය හට එල්ල කර ඇති නින්දිත ප්‍රහාරය පිළිබදව  පරික්ෂණ කටයුතු මීගමුව පොලිසි අධිකාරිවරයාගේ උපදෙස් පරිදි සීදුව පොලිසිය වෙත භාර දි ඇතැයි අප කළ විමසුමකදි ඈන් රණවීර මහත්මිය පවසා සිටියාය.
පසුගිය 13 වෙනිදා පමුණුගම පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ කාර්යාලය තුල දි මේ පහරදිම සිදුව ඇත්තේ  කතෝලික පියතුමෙකු ඉදිරිපිටදිය.
පොලිස් ප්‍රහාරය නිසා තුවාල ලැබු ඈන් රණවීර දැන් නේවාසිකව රාගම රෝහලේ ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුලත්ව තිබුණි .
මේ අතර  පමුණුගම පොලිසියේ 4 දෙනෙකු  රාගම රෝහලට පැමිණ තිබුනේ ඈන් සමගින් සමාදානයට කැමැති යැයි කිමටය.
මේ එක් අයෙකු නිළ ඇදුම් සහිතව සිට ඇති අතර අනෙක් තිදෙනා සිටියේ සිවිල් පිටය.
ඈන්ට පහර දෙන අවස්ථාවේ සිටි සික්ස්ටර්ස් කුරුකුලසූරිය පියතුමාවද පොලිසිය විසින් කැදවාගෙන විත් තිබුනේ සමාදානයට උදව් ගැනිම සදහා විය යුතුය.
කෙසේ වෙතත් දැනටමත් මේ සිදුවිම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන මෙන්ම විවිධ සිවිල් කණ්ඩායම් පවා මැදිහත්වි ඇති නිසා තමන්ට සමාදානයකට යා නොහැකි බව ඈන් විසින් පමුණුගම පොලිසියේ නිළධාරින්ට දන්වා තිබුණි.

කෙසේ වෙතත් මෙහි බරපතල කම තවත් මතුව ඇත්තේ පමුණුගම පොලිසිය විසින් පොලිස් වරෙන්තුවක්වත් නැතිව නිවසට ඇතුලු වි රාත්‍රි ඇදුම පිටින්  ඇයව බලෙන් පොලු මුගුරු සමග පැමිණ මාංචු දමා රැගෙන යාමට කටයුතු කර ඇති අත එයට එරෙහිව මැදිහත් වූ ඇයගේ මවට පවා අඩම්තේට්ටම් කිරිමට පසුබටව නැති නිසාය.එපමණක් ඇය රාත්‍රි ඇදුමින් සිටියදි ඇයව විඩියෝ ගත කිරිමට තරම් මේ පොලිසියේ නිළධාරින් කටයුතු කර තිබිම සැබැවින්ම පිළිකුල් සහගතය.
යහපාලන මේ රට ස්ථාපිත කොට කොමිසම් පත් කොට පොලිසිය ස්වාධින කොට හෙටට ගැලපෙන පොලිසියක් ගොඩනැගිමට ගත් උත්සාහය තුල ඇතැමුන් තවමත් පොලිසිය ඇදගෙන යන්නට හදන්නේ පරණ යුගයටමය,
එබැවින් මේ නින්දිත කම් වලට තිත තබන්නට පෙළගැසිය යුතු ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article