spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරම්පරා තුනක් මාළු හුරතල් කළ පවුලක් !

Must read

පි.එස් වීරවංශ මහතා සහ ඔහුගේ මුනුබුරු කවින්ද වීරවංශ

අතුල වීරවංශ මහතා
අතුල වීරවංශ මහතා
කාවින්ද වීරවංශ
කාවින්ද වීරවංශ

ශ්‍රි ලංකාවේ සුරතල් මසුන් ඇතිකීරීමේ හා විකිණීමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු වු “නිගම්බු ඇක්වේරියම්” ආයතනය මීගමුව-හලාවත පාරේ කුරණ ප්‍රදේශයේ දක්නට ලැබේ .
වසර 45 කට වඩා ඉතිහාසයක් ඇති මෙම ව්‍යාපාරය  දැන් තුන්වන පරම්පරාවටත්  උරුම වී ඇත.
.සුරතල් මසුන් විකිණීම පමනක් නොව බෝ කිරීම හා ටැංකි නිෂ්පාදනය මෙන්ම ගෙවතු අලංකරණ පොකුනු හා සුරතල් මසුන් ඇතිකිරීම සම්බන්ධ සියලුම උපදෙස් හා තාක්ෂණික මෙවලම්ද මෙහිදි ලබා ගත හැක.
වසර 45 ක ඉතිහාසයක තතු අප වෙතට ඉදිරිපත් කල පී.එස් අතුල වීරවංශ මහතා සමඟ කල අප සංවාදයක් ඇසුරින් පහත සටහන සැකසුණි.
සුරතලයට ඇතිකල මසුන් ව්‍යාපාරයක් බවට පත්වුනේ කොහොමද?
මගේ පියා තමා මෙම ව්‍යාපාරය ආරම්භ කලේ  මුහුදු මාලු අපනයනයට සම්බන්ධවෙමිනුයි .මේකට ගොඩාක්ම බලපාන්න හේතුව වුනේ ඔහුගේ රැකියාව.ඒ ඔහු ධීවර අමාත්‍යංශයේ උපදේශකයෙක් විදියට සේවය කලා.
ව්‍යාපාරයේ ආරම්භය ගැන සදහන් කලොත්?
1968දි තමා මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ නිගම්බු ඇක්වේරියම් නමින්.ඒ කාලේ නිගම්බු ඇක්වේරියම එක විතරයි තිබුනේ මේ පළාතටම.එතකොට තිබ්බේ සිමෙන්ති වලින් කරපු මාලු ටැංකි.එක පැත්තක වීදුරු අනේක් පැති තුන්ම සිමෙන්ති.ඒ ටැංකිය තමා මාලුන්ට හොදම පරිසරය.මාලු වර්ග 200කින් වගේ තමා ඒ කාලේ පටන් ගන්තේ.
පියා ගැන සදහනක්  කලොත්?
ඔහු පී.ඒස් වීරවංශ,ඔහුගේ ගම කොළඹ ගල්කිස්ස. ගල්කිස්ස තමා ඒ කාලේ ඉදින්ම සුරතල් මසුන් ඇති කිරීමට ප්‍රසිද්ධ .ඔහුට රැකියාව නිසා මීගමුවවේ පදිංචියට එන්න වෙනවා.ඉතින් එයා විශ්‍රාම ගියාට පස්සේ තමා මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ.මේ සදහා ඔහුට ගොඩාක් උදව් වෙනවා රොක්සි ජොන් ක්ලාස් මහතා ඉන් විශේෂයි . ඔහුට (පි.එස් .වීරවංශ මහතාට )පුතාල 4යි දුවලා 3යි ඉන්නවා.හතරවන පුතා තමයි මම ඉතින් මට තමා මේ ව්‍යාපාරය හිමිවුනේ.
ඔබ මේ ව්‍යාපාරයට සම්බන්ධ වුනේ ඇයි?
තාත්තා ව්‍යාපාරය කරන කාලේ ඉදන් මෙම ව්‍යාපාරයට සම්බන්ධ වුනා.මම අවුරුදු 05ක් මුහුදු කිමිදුම් කරා.පස්සේ මැදපෙරදිග රැකියාවකට ගියා.තාත්තා කරගෙන ගිය ව්‍යාපාරය දිගටම කරන් යන්න මම හිතුවා.1972 දි තමා මේ ව්‍යාපාරය මට හිමිවන්නේ.
කොහොමද ඒ කාලේ ව්‍යාපාරයේ තත්ත්වය එහෙම?
1982දි තමා අපි දේශීය වෙළදපොලට ගොඩාක්ම සම්බන්ධ වෙන්නේ.මාලු බෝ කිරීම ආරම්භ කරනවා. මාලු බෝ කරන කර්මාන්තයේ ඉන්න ගොඩාක් අය අපිට තමා දෙන්නේ විකුනන්න.පොලොන්නරුවේ අපිට වෙනම මාලු බෝ කරන ගොවිපලක් තිබුනා.එහෙ ගොඩාක් මාලු විශේෂ බෝ කරා.පොලොන්නරු පැත්තේ අයට නිවෙස් වලම මාලු බෝ කරන ක්‍රම කියා දිලා ඔවුන්වත් මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තා. ඒක නිසා තොග වෙළදාමටත් සම්බන්ධ වුනා.
ඒ කාලේ බිස්නස් එහෙම සරුද ?
අදට සාපෙක්ශව ඒ කාලේ බිස්නස් එහම අඩු ඒත් අපි හොද තැනක හිටියා.මොක්ද අපි අපේ ව්‍යාපාරය ගොඩාක් පුලුල් කලේ ඒ කාලේ.ගොඩාක්ම විකිනෙන්නේ ගෝල්ඩ් ෆිෂ්, කාෆ් වගේ මාලු විශේෂ.ඉල්ලුම අනුව මාලු අපනයන කලා.
ඒ කාලෙත් තිබුනේ සිමෙන්ති ටැංකිද?
නැහැ.1980දි වගේ තමා වීදුරු ටැංකි නිර්මාණය වුනේ.විවෘත ආර්ථිකය එක්ක ගොඩාක් ආනයන මෙහෙට ආවා.වීදුරු, විසිතුරු භාණ්ඩ, ටැංකි අලංකරණ උපකරණ වගේ ගොඩල් දේවල අපේ රටට ආවා.ඒ වගේම ගොඩාක් තාක්ෂණික උපකරණ වෙලඳපොලේ තිබුනා.
මොනවද ඉතින් මේ දවස් වල කරන්නේ?
දැන් ඉතින් ටිකක් නිදහස් මොකද පුතා ඉන්න නිසා.එයාගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා දැන් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා.
මේ වන විට මෙම ව්‍යාපාරය සදහා අතුල වීරවංශ මහතාගේ පුත් කවින්ද වීරවංශ මහතා තම පියාණන්ගේ අධීක්ෂණය යටතේ මෙහෙයවයි.අප ඒ මහතා සමහ කල කෙටි සංවාදයක්.
ඔබත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ වුයේ ඇයි?
පරම්පරාවෙන් එන ව්‍යාපාරයක් නිසා අනිත් එක මම මගේ උසස් අධ්‍යාපනය කලේ ව්‍යාපාර පරිපාලන අංශයෙන් ඉතින් ව්‍යාපාරයේ දියුණුවට හා ඉදිරියටත් මේ ව්‍යාපාරය කරගෙන යෑමට ඔනෑ කියන බලාපොරොත්තුව ඇතිවයි.
ඔබ ගැන පොඩි හැදින්වීමක් කලොත්?
මම කවින්ද වීරවංශ . මම පාසල් ගියේ මහනුවර ශාන්ත.අන්තෝනි විදුහලට. මගේ උපාධිය ජපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන අංශයෙන් නිම කලා. පසුගිය ජූලි මාසයේ ඉදලා මම මේ ව්‍යාපාරයට සම්පූර්ණයෙන් මගේ කාලය වැය කලා.
කොහොමද ඒ කලේයි අදයි මේ ව්‍යාපාරයේ තත්ත්වය ?
දැන් ලොකු ඉල්ලුමක් සුරතල් මසුන් සදහා ඇති වී තිබෙනවා.අලංකරණ කටයුතු වලට ගොඩාක් සුරතල් මසුන් යොදාගන්නවා.ඉස්සරට වඩා දැන් බිස්නස් එහම වැඩි.
ඔබේ අආයතනයට  පැමිණෙන අයට ඔබේ සේවාව කොහොමද ?
ඇත්තටම අපි පාරිභෝගිකයාට ලොකු තැනක් දෙනවා ඒ වගේම ඔහුගේ දැනුම අනුව තමා අපේ සේවාව ලබා දෙන්නේ.අවශ්‍ය තාක්ෂණික දැනුම අප ඔවුන්ට ලබා දේනවා.
සුරතල් මසුන් මිලදී ගැනීමට එන පාරිභොගික ගැන සදහන් කලොත්?
ගොඩාක්ම එන්නේ පොඩි ලමයින්ගේ උවමනාව මත එන පාරිභෝගික පිරිස තමා.ඒ වගේම සුරතල් මසුන් ඇති කිරීම විනෝදාංශයක් කරගත් බොහෝ පිරිසක් අපේ පාරිභෝග්කයෝ වෙලා තිබෙනවා.ඔවුන් මේ පිලිබඳ දැනුමෙන් ඉතාමත ඉහලයි එම නිසා ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි සේවාව ලබා දීමට බැඳී සිටිනවා.දැන් ගොඩාක් සොයන්නේ තම වෙහෙස අඩුවෙන් දරලා මසුන් ඇති කිරීමටයි එම නිසා තාක්ෂණික දැනුම හා ඒවට අවශ්‍ය උපකරණ අප ලබා දෙනවා.
පොඩි කාලේ ඉදලා සුරතල් මසුන් එක්ක ඔබ ලද අත්දැකීම පොඩ්ඩක් අපි එක්ක බෙදාගමුද?
මාලුවෙක්ගේ හැසිරීම් රටා තුලින් කියන්න පුලුවන් ඔහු නිරොගිද නැද්ද කියල ඒ මන් දැකපු අත්දැකීමක් ඒ වගේම තමා ටැංකියක් තුළ මාලු ඇතිකීරීමේදි මාලුන් වර්ධනය වන එක දැක්කම ලොකු සතුටක් දැනෙනවා හිතෙට. විද්‍යාත්මක්ව ඔප්පු කරනවා මත්ස්‍ය ටැංකියක් පාලනය තුලින් මානසීක පීඩනය අඩු කරනවා කියලා.
මෙම ව්‍යාපාරයට ඇති තරගකාරීත්වය කොහොමද?
ඇත්තටම කිව්වොත් තරගකාරිත්වක් නැහැ.මොකද අවුරුදු 45ක පාරිභෝගික විස්වාසය දිනාගෙන තිබෙනවා.එදා ඉදන් හිටපු තොග හා සිල්ලර පාරිභෝගිකයන් රැදිලා ඉන්නවා.ඒ වගේම අලුත් තාක්ෂණයත් එක්ක පාරිභෝගික වර්ධනයක් දක්නට ලැබෙනවා.
විසිතුරු මාළු ටැංකිවල මිළ ගණන් ගැන කිව්වොත් ?
අපි ලග තියෙනවා අඩි 1 එකේ ඉදන් අඩි 6 වගේ දක්වා ටැංකි මේවායේ මිළ ගණන් පරාසය බැලුවොත් රු 200 ඉදන් රු 85000 අතර ගණනක් වෙනවා.
ඒ ටැංකි සමහරක් අපි නිෂ්පාදනය කරනවා ඒ වගේම ආනයනය කරන ඒවත් තියෙනවා. විශේෂයෙන්ම මිළ අධික ආනයනික ටැංකි තනි විදුරුව නවල හදල තියෙන්නේ.
ඔබේ ව්‍යාපාරයේ අනාගත සැලසුම් මොනවාද?
අපි දැනටමත් අපේ ව්‍යාපාරය පුලුල් කරගෙන තිබෙනවා ලංකාවේ ගොඩාක් ප්‍රදේශ වලට අපි මසුන් බෙදා හරිනවා යාපනය ,පුත්තලම ,කොළඹ,ගාල්ල,මඩකලපුව,ත්‍රිකුණාමලය කුරුණැගල වගේ හැම ප්‍රදේශකම වගේ තොග වෙලදාම සිදු වෙනවා.ඉතින් ඉදිරියේදි අපේ අපනයන දියුනු කිරීමට හා ජාත්‍යන්තර වෙළදාමට සම්බන්ධ වීමට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා
සංවාද සටහන සහ ඡාායරූප – දිල්ෂාන් තිසේරා

fish tanks 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article