spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පල්ලියේ මත්කුඩු විරෝධි පෙළපාලියට නිමල් ලංසාත් ? පියතුමන්ලා අතර මතගැටුමක් ? ?

Must read

nimal_lanza_actකතෝලික පල්ලිය විසින් සංවිධානය කර තිබෙන මත්කුඩු විරෝධි පෙළපාලිය සදහා නිමල් ලංසාද පැමිණිමට නියමිත බව  මෙය රැළිය සංවිධානය කරනු ලබන පියතුමෙක් විසින් ප්‍රකාශ කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගැනිමට ඇතnimal_lansa.
මේ පණිවිඩය අනෙකුත් පියතුමන්ලාටද මේ වන විට ලැබි ඇති අතර ඒ බොහොමයක් දෙනා ප්‍රශ්ණ කර සිටියේ මත්කඩු පිළිබදව මුළු රටේම ප්‍රසිද්ධ චෝදනාවකට ලක්ව ඇති නිමල් ලංසා වැනි අයෙකුව පල්ලියෙ මත්කුඩු රැළියට සහභාගි විම තුලින් කතෝලික පල්ලියට සිදුවන අවමානය ගැන තේරුම්ගැනිමට තරම් මොළයක් මෙය සංවිධානය කරන පියවරුන්ට නැතිදැයි කියාය.
නම සදහන් කිරිමට අකමැති පියතුමෙක් කියා සිටියේ මීගමුවේ ඇතැම් පියතුමන්ලා දැනටමත් ලංසා පවුලේ ණයකාරයන් බැවින් මේ රැළිය යනු ඒ ණය පියවිමට සැලසුම්කරන ලද්දක් නම් ඒ ගැනද පුදුම විය යුතු නැති බවය.
කෙසේ වෙතත් අද රැළිය පිළිබදව පියතුමන්ලා මෙන්ම කතෝලික ජනතාවට පිල් දෙකකට බෙදි ඇත.
කාර්දිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් කිසිදු දේශපාලකයෙකු සම්බන්ධ කර නොගෙන මෙය සංවිධානය කිරිමට පියවර ගතයුතුව තිබුනේ යැයි මේ වන විට මීගමුවේ බහුතරයක් පියතුමන්ලාගේ පොදු මතය වි තිබේ.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන්  මධ්‍යස්ථ මතධාරින් කිපදෙනෙකුම කියා සිටියේ මෙම රැළිය කාර්දිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් කිසිදු දේශපාලකයෙකු සම්බන්ධ කර නොගෙන සංවිධානය කරගත යුතු බවය.


2014 අගොස්තු මාසයේදි පාර්ලිමේන්තු අනුර කුමාර මහතා සිදුකරන ලද කථාවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article