පවුලකින් ගිලිහුන මිගමුවේ පාලනය දැන් පිටගම්කාරයන්ගේ අතට ?

0
409

 

මාලිමාවේ මිගමුවේ පළාත් පාලන මන්ත්‍රින් පිරිස හෙට (24) පෙරියමුල්ලේ ඔලැන්රෝ හෝටලයේ්දි දිවුරුම් දෙනවා කියල තමයි ආරංචි.

නගරාධිපතිධුරයට පත්විමට නියමිතව ඉන්නෙ කටාන ප්‍රදේශයේ ඡන්ද දායකවෙකු වන පළඟතුර කොට්ටාශයෙන් තරඟ කොට මුලු ඡන්ද ප්‍රතිශතයෙන් 50.3 ක් අරන් යන්තම් ගොඩගිය නිතිඥ රෝබට් හීන්කෙන්ද නැමැත්තෙක්.

ගොඩ දෙනෙක් බලන් හිටියේ ලංසලට එළිපිට ගේම ඉල්ලපු මිගමුවේ ථෙතිහාසික අරගලයට නායකත්වය දුන්න ධිවර ක්ෂේත්‍රය ගැනත් මිගමුව ගැනත්, පළාත් පාලන නීතිය ගැනත් ,මිගමුවේ සිදුවෙච්ච සකලාකාර වංචා දුෂණ ගැන මාලිමාවේ 27 දෙනාගෙන් හොදටම දන්න කෙනා වුන සංගිත් වගේ කෙනෙක්ට මිගමුව සම්බන්ධයෙන් මාලිමාවේ ලොකු තනතුරක් ලැබෙයි කියල.

නමුත් මිගමුව ගැන තීරණ ගන්න එක පිටගම්කාරයෙක්ගේ නිරන්තර කුමන්ත්‍රණ නිසා සංගිත්ව පැත්තකින් තියල.කොටින්ම කියනව නම් මේ පිටගම්කාරයා සංගිත් වගේ කෙලින් කථාකරන අයට බයයි.ඒක තමයි ඇත්ත.මිනිහට ඕන එයාට එහෙයි කියන ගොබිලන්ව.

පහුගිය දවස්වල කව්රුත් කතා ක⁣රපු දෙයක් තමයි මිගමුවේ නියෝජ්‍ය නගරාධිපති කව්ද කියන කාරණය.
ඒක සංගිත්ට දෙන්න ඕන කියල මාලිමාවේ සමහර කොට්ඨාස වලින් අදාල බලධාරින්ට ලියුම් යවලත් තිබුන කියල අපට දැනගන්න තිබුනා.

කොහොම උනත් පිටගම්කාරයන්ගේ කුමන්ත්‍රණයක් අනුව මිගමුවේ විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ ධම්මික කියල හාදයෙක්ගේ යෝජනාවක් අනුව චාමර කියල කෙනෙක්ව නියෝජ්‍ය නගරාධිපති කමට නම්කරගෙනලු.

චාමර නියෝජනය කරන කොට්ටාශයේ අපේ හිතවතෙක් දවසක් කිව්වේ කාවද බන් මේ අපේ කොට්ඨාසෙන් මාලිමාවට දාල තියෙන කෙනා.ගමේ මළගෙදරකටවත් යන්නේ නැති ගමේ අයත් එක්ක හිනාවෙන්නෙ වත් නැති එකෙක් නේ බන් කියල.

එහෙව් එකේ ඒ වගේ අය මිගමුවේ ජනතා අරගල වලට එයියැ.මිගමුවේ තිරණාත්මක දින 100 අරගලය වෙලාවේ මේ චාමරල, BOI ධම්මිකල ඇත්තටම කොහෙද හිටියේ.සංගිත්ල දවසක් 100ක එක දිගටම මිගමුවේ තෙල්වත්ත හංදියේ  හදපු හට් එකේ ඉදන් අරගලය මෙහෙව්වා.

දැන් මේක තමයි මිගමුවේ පට්ටම ඇත්ත.මිගමුවේ ජන අරගලයත් එක්ක බද්ද වුන ධ්වර පවුල් පසුබිම් වලින් ආපු අයව මාලිමාව ගානට කොන්කලා

හොදම උදාහරණ දෙක තමයි වෛද්‍ය හෙන්රි රෝසාරියෝ සහ සංගිත්.
මේ දෙන්නටම හොද ජනපදනමක් තියෙන සෑබෑ ජන නායකයෝ දෙන්නෙක් .හැබැයි මිගමු⁣වේ ජවිපෙ නායකයා මේ වගේ ඇත්ත චරිත වලට කැමැති නැ.බයයි.මොකද මිනිහට ඕනා මිනිහ කියන දේ අහගෙන එහෙයි කියල ඉන්න අයව මිනිහට ඕන විදියට හසුරුවන්න

පවුලකින් මිගමුව ගලවගත්තට දැන් වෙලා තියෙන්නේ මිගමු ගැන හරි හැටි දන්නෙ නැති පිටගම්කාරයෝ ටිම් එකකට මිගමු⁣වේ අනාගත ඉරණම භාර වුන එක.

නගරාධිපති ධ්වර ක්ෂේත්‍රය ගැන දන්නෙත් නෑ.උප නගරාධිපති දන්නෙත් නැ.

ඒ විතරක් නෙමේ මිගමුවේ ලංසලගෙ කෙලි ගැන, වංචා දුෂන ,ගැන මේ දෙන්නම දන්න දෙයක් නෑ.ඒ වට විරුද්ධව කිසිම දෙයක් කරලත් නැ.

කොහොම උනත් මේක තමයි මිගමුවේ දැන් යථාර්ථය .

මිගමුවේ පාලනය කිරිමේ බලය පවුලකින් පිටගම්කාරයෝ කිපදෙනෙක්ට මාරු වෙලා .එයාල මිගමුවේ ඇත්ත ජන නායකයන්ට බයයි වගේ ඒ හින්ද එයාලව කපනව.

ජුඩ් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here