spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”පවුල් දේශපාලනය නිසා කාන්තාවන් පාර්ලිමේන්තුවට එන ක්‍රමය අපි වෙනස් කළ යුතුයි”

Must read

අද කාන්තාවන් දේශපාලනයට එන්නේ පාර්ලිමේන්තුවට යන්නේ පවුල් දේශපාලනය නිසා. මේ ක්‍රමය වෙනස් කරන්න නම්  මේ ගමේ කාන්තාවන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඔවුන් දේශපාලනයට යොමුකරන්න නම්  මින්පස්සේ අපි ඒ  වගකිම බාරගන්න ඕනා.සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය විසින් එසේ කියා සිටියේ අද (13) මිගමුව රුක්මණි දේවි සමරු රඟහලේදී පැවැති කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයට  එක්වෙමිනි. තවදුරටත් සභාව ඇමතූ ඇය මෙසේ අදහස් දක්වා සිටියාය.

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ කාන්තාවන් කිපදෙනයි. ඒ ඉන්න කීපදෙනාත් පාර්ලිමේන්තුවේ ඉන්න පුරුෂයන් විසින් පාලනය කරන්න හදනවා. අද රජයේ හෝ පෞද්ගලික ආයතනවල ඉන්න කාන්තාවන්ට උසස් විමක්
ගන්න බැහැ. උසස් විමක් ගන්න ඕනනම් ලිංගික අල්ලස් දෙන්න වෙනවා
නැත්නම් ලිංගික අතවරයට ලක් වෙනවා.
බස් එක යන්න බැහැ බස් එකේදිත් කාන්තාව හිංසනයට ලක් වෙනවා.
අද කාන්තාවො බුද්ධිමත් විය යුතුයි. අසල් වැසි කාන්තාව හිංසනයට ලක් වෙනවා නම්
ඔබ එයට එරෙහි විය යුතුයි. 
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික ධීවර සහයෝගිතාවය විසින් අද පෙරවරුවේදී මිගමුව බාල්දි හන්දියේදී  විරෝධතාවයක් පැවැත්වු අතර සවස රැක්මණීදේවී සංස්කාතික මධ්‍යස්ථානයේදී  සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. මෙම අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඩවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු ,ධිවර සහයෝගිතා වයාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර ඇතුළු ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සාමාජිකාන්ද සහභාගී වී සිටියහ.

 

ඡායාරූප – ප්‍රියපේම මාණික්කත්න 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article