spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පවුලේ අය හඬා වැටෙද්දි හිටපු ඇමති රක්ෂිත බන්ධනාගාරයට !

Must read

sarath G 2ිsarath G 12002 වසරේ මනුස්ස ඝාතනයක් සිදුකිරිමට අදාලව පැවති නඩු විභාගයකදි උසාවිය මගහැරයාම හේතුකොට  වරෙන්තු නිකුත්කර තිබිම හේතුවෙන්  හිටපු නි.ඇමති සරත් ගුණරත්න මහතා අද උදෑසන මීගමුව පොලිසියට භාරවිමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කෙරුණ අතර  නොවැම්බර් 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද උසාවිය නියෝග කර තිබුණි
2002 වසරේ දි එජාප පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු ඕලිත ප්‍රේමරත්නගේ ආධාරකරුවන් පිරිසක් අතර මීගමුව ශා.ජෝශප් විදියේදි  ඇතිවු ගැටුමකදි සරත් ගුණරත්නමහතා  ගිය වාහනයට එක් අයෙකු යටවිම හේතුවෙන් මරණයට පත්ව තිබුණි.
එජාප පෙළපාලිකරුවන් රනිල් වික්‍රමසිංහ පැමිණි රැස්විමක් සදහා මිගමුව නගරයට යමින් තිබියදි මෙම ගැටුම ඇතිව තිබුණි.
හිටපු ඇමතිවරයාගේ දේශපාලන මිතුරන් රැසක් අද දින උසාවි භුමියට පැමිණ සිටි අතර මේ අය  අතර සරත් ගුණරත්න ඇමතිවරයාගේ කලක ප්‍රධාන දේශපාලන එදිරිවාදියෙකුව සිට නි.ඇමති නිමල් ලංසාද විය.
එමෙන්ම හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාද වු අතර ගුණරත්න මහතාගේ බිරිද ඇතුලු දරුවන් හඩාවැටෙද්දි සරත් ගුණරත්න මහතා මාංචු සහිත දෑත් ඔසවා සිය දේශපාලන සගයන්ට ආචාර කරමින් බන්ධනාගාර රථයට ගොඩවිය.

ඡායා-පියපේම මානික්ක රත්න sarath G 4
sarath G 6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article