spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රාදේශිය ඉජිනේරු චන්දනගේ රජ ගැහැලි මෙන්න…

Must read

මීගමුව ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලයේ ප්‍රධාන ඉජිනේරු චන්දන නැමැත්තා පිළිබදව පසුගිය කාලය පුරාවට විවිධ පුවත් අප වෙත ලැබුණි.
ඒ දේශපාලකයන්ගේ පුර්ණ අනුග්‍රහය සහ රැකවරණය යටතේ විවිධ වංචා හා දුෂණ කටයුතු වල නියැලිම පිළිබදවය.
ඇමති නිමල් ලංසාගේ සුවච කිකරු ගෝලයෙකු වු ඉජිෙන්රු චන්දනගේ ගැහැලි සහ කොටු පැනිලි දැන් වසර ගණනාවක් පුරාවට සුරැෙකන්නේ මේ නිසාය.
පසුගිය දිනක ඔහු අල්ලා තිබුණ අඩව්ව ඔහුගේ ගැහිලිවල තරම තවත් මොනවට කියා පායි.
ඒ කදවල ප්‍රදේශයේ මරිය රැජින නම් පාසැලේ ගොඩනැගිල්ෙල් අදාල ඉදිකිරිම් නිසි ලෙසින් නිම නොවි තිබියදිම ඒ වෙනුවෙන් ලක්ෂ 46 ක චෙක්පතක්  ලියවාගෙන  ගෙන තිබුනේ එම කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු බියගන්වා තර්ජනය කරමින් අනුමැතිය ලබාගනිමිනි.
මෙම වෙක්පතේ වටිනාකම වන්ෙන් රුපියල් ලක්ෂ 4628400 කි.
ඉදිකෙරෙන නව ගොඩනැගිල්ලේ සැලැබ් වැඩ තවමත් නිමකර නැත. අදාල මුදල් ගෙවිය හැක්කේ ඒ කටයුතු නිමකිරිමෙන් පසු අදාල ප්‍රමාණයන් මැණ නිසි මිළ ගණනයක් සිදුකිරිමෙන් අනතුරුවය.
එහෙත් ඒ කිසිවක් සිදුව නැත.
මේ ප්‍රධාන ඉජිනේරු තැනගේ හිතවතෙකු වෙත මේ ටෙන්ඩරය ලබාදි තිබුනේද නිතිවිරෝධි ලෙසින්ය.
මේ සියළු හොරකම් සදහා දේශපාලකයන්ගේ  පුර්ණ ආශිර්වාදය ලැබෙන්නේ ඒ අයගේද හොරකම් සදහාද චන්දන නැමැත්තාෙග් සහය ලැබෙන හෙයිනි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article