පාකින් නැති මිගමුවට පාකින් නැති ගොඩනැඟිලි?මාලිමා පාලනයත් නිහඬයි ?

0
347

 

මීගමුව නගර මධ්‍යයේ ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල කඩිමුඩියේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක් ගැන අපි නිරන්තරයෙන්ම කරුණු මතු කලෙමු.

ඒ මෙම ඉදිකිරිම පළාත් පාලන නීතියට එකඟද යන කරුණ ප්‍රශ්ණ කරමිනි.

මේ ගොඩනැගිල්ල ගැන මිගමුව නගරය තුල මතුව තිබුන කසුකුසුවක් වි තිබුනේ  මෙහි අයිතිකරු නිසි ලෙස අදාල ඉදිකිරිම් ක්‍රියාවලියේ මුලිකාංග නිසි ලෙස අනුගමනය කර තිබුනේද යන ප්‍රශ්ණය නගමිනි.

මීගමුවේ පැවැති   ඩිල් දේශපාලනයත් පවුලක පාලනයත් තුල බොහෝ නීති විරෝධි ක්‍රියා සිදුව තිබුනි.

පවුලක තිරණය පළාත් පාලන නීතිය බවට පත්ව තිබුණි. නගර සභාවේ ප්‍රධාන පෙලේ ධුරවලට පත් කරතිබුනේද පවුලේ අනුමැතිය ලත් රාජ්‍ය නිලධාරින්ම පමණි.පවුලේ අය මෙන්ම මේ ඇතැම් නිළධාරින්ද ඇති පදමට මුදල් හම්බකරගෙන ඇත.

මීට පෙර සිටි ලක්ෂ්මන් නැමැති නාගරික කොමසාරිස්වරයා  එයට කදිමම උදාහරණයකි.

.
මේ නිසාම මිගමුව නගරයේ අති බහුතරයක් ඉදිකිරිම් නීතියට වෙට්ටු දමා ගිය ඒවාම වි තිබුණි.

මිට පෙර සිටි කොමසාරිස්වරයා ලංසා පවුලේ මෙන්ම මෙම ගොඩනැගිල්ල ඉදිකරන ව්‍යාපාරිකයාගේද ගජයෙකි.
හිටපු කෙනා නිති නැමිල්ලේ සටකපටයෙකි.

බිලඩිම නොවැ
කොමසාරිස් පාලනය යටතේ තිබුන තත්වය

කෙසේ වෙතත් මේ පසුබිම තුල මීට හිටපු කොමසාරිස්වරිය නොබියව  මේ ගොඩනැලිල්ලේ  ඉදිකිරිම අත්හිටුවා තිබුණි.

මිට අමතරව මහනගර සභාවට අයත දිනපතා පොලට උඩින් මෙම ව්‍යාපාරිකයා ඉදිකර තිබුන  නීති විරෝධි වහලද  ඉවත් කිරිමට කටයුතු කරමින් සිටියාය.
ඒ් මෙම ගොඩනැගිල්ල තනි තට්ටුවක් ලෙසින් පැවැති පසුබිමකය.

කෙසේ වෙතත් ඇයට මාරුවක් ලැබුණි.

IMG 20250621 WA0049
මාලිමාව යටතේ අද තත්වය

IMG 20250619 WA00631දැන් ඇත්තේ මාලිමාවේ නගර සභාවකි. නගරාධිපතිවරයා නීතිඥවරයෙකි.

.නීතිය පිටින් කිසිවක් මිගමුව නගරය තුල සිදුනොවනු ඇතැයි මාලිමා නගර පාලනයක් පත් කරගැනිමට ඡන්දය දුන් මාලිමා ක්‍රියාකාරින් විමතියෙන් මෙන් දැන් බලා සිටින්නේ තනි තට්ටුව  මාලිමා පාලනය යටතේ වේගයෙන් හතර වෙනි තට්ටුව  කරා යමින් තිබෙන අකාරය ගැනය
අප විසින් දිගින් දිගටටම මිගමු නගරයේ අනවසර ඉදිකිරිම් ගැනත් මාලිමා පාලනය මේවා ගැන නිහඬව සිටිමත් මතු කළෙමු.

මේ පසුබිම තුල පසුගිය ජුනි මාසයේ මුල සතියේ දිනක නගරාධිපතිවරයා පුමුඛ නාගරික මන්ත්‍රිවරුන්ද ,ප්‍රධාන නිලධාරින්ද නගරයේ විමර්ශණ චාරිකාවක නියැලුනි.

මෙම නීති විරෝධි ගොඩනැඟිල්ලද නිරික්ෂණයට ලක්කර තිබුණි.මෙම ව්‍යාපාරිකයා විසින් ඉදිකර තිබුන නීති විරෝධි වහලයද , නිසි පාකින් නැති ප්‍රශ්ණයද මෙහිද දකින්නට  ඇත.

එහෙත් ඉන්පසු අඩුම තරමින් නගරසබා දේපලකට උඩින් ඉදිකර ඇති වහලය ඉවත් කිරිම සම්බන්ධයෙන්වත් කිසිදු පියවරක් ගෙන තිබුනේ නැත.

නගර සභා දේපලකට උඩින් නගරයේ වෙනත් පුරවැසියෙකුට වහලයක් ඉදිකර හැකිදැයි කියා වරිපනම් ගෙවන පුරවැසියෝ ප්‍රශ්න කර සිටිති.

එහෙත් මිගමුව මාලිමාව නගරාධිපතිවරයා සියළු බලතලද අතදරා ගෙන නගරය මැද සිදුවන  ඉදිකිරිම් ගැන මුනිවත රකින්නේ නම් සැබැවින්ම ගැටලුවක් බව මාලිමා ක්‍රියාකාරින්ම පවසා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here