spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරට වැටුණ කරවළ වෙළදාම !

Must read

සෙල්වි 4සෙල්වි 1 

(10.30 am )ඇය නමින් සෙල්වින්ය.ඔබ ඇයව දැක ඇතුවා විය හැක.
මීගමුවට පිටිපන පාරේ අසිරිමත් දේවමාතා පාසැල අසල පිහිටි පාළම මත කරවල වේලන්න තරම් තද අව්රස්මිය යටට වි කරවල විකුණන්ගේ ජිවන අරගලයට පණපෙවිමටය.
ධිවර සමාජය තුල බොහොමයක් කාන්තාවන් තම සැමියාට පමණක් ජිවන බරට කරගහන්නට ඉඩ නොදි හැකි අයුරකින් ඒ බරට සම්මාදම් වෙති

වයස අවුරුදු 48ක්වූ ඇගේ සැමියාගේ නම වෙනිරියස්ය. වෙනිරියස් කලපු රස්සාවේ යෙදෙන අතර සෙල්වින්ගේ සහායටද සිටී. තම සැමියාට කලපුරස්සාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැතිනිසා සෙල්වින්ද අමතර ආදායමක් ඉපයීමේ අරමුණින් ඉතා සුළුවෙන් කරවල වෙළදාමක් ආරම්භ කරන ලදී. මෙ සදහා ඇය තෝරාගත්තේ හැමිල්ටන් ඇල ඉහත්තේ ඉතා කුඩා බිම්තීරුවකය. වෙළදාමේ යෙදෙමින් සිටියදීම ඇය සමග අප කෙටි කතාබහක යෙදුනේ මෙසේය.

ඇයි මේ වගේ රස්සාවක් කරන්න හිතුනෙ?

අද කාලෙ ජීවත්වෙන්න හරි අමාරුයි. එක්කෙනෙක් රස්සාව කරල මදි. ඒකනිසා මමත් මොනවහරි කරන්න ඕනෙ කියල තමයි මේ රස්සාව පටන් ගත්තෙ. පටන් අරගෙන මේවෙනකොට අවුරුදු 3ක් විතර වෙනව. මේක ටිකක් අමාරුයි , පාඩුවිදින්නත් සිද්ධවෙනව. ඒවුනාට ජීවත්වෙන්න මොනවහරි කරන්න එපායැ.

පවුලෙ විස්තර කොහොමද?

මහත්තය වෙනිරියස්. එයා කරන්නෙ කලපු රස්සාව. මට දරුවො 3ක් ඉන්නවා. ලොකු එක්කෙනා (දුව) O/L කරල දැන් ගෙදර ඉන්නවා. අනික් දෙන්න තවම ඉගෙනගන්නවා. එක්කෙනෙක් 8 වසරෙ අනිත් එක්කෙනා 4 වසරෙ. මේගොල්ලන්ට උගන්නන්න සල්ලි ඕනෙ. ඒ වගේම මහත්තයගෙ කටයුතු කරන්න ඕනෙ.

කරවලවල මිල සහ මේවා සපයා ගන්නෙ කොහොමද ?සෙල්වි 2

කාමච්චෝඩෙ පොලෙනුත් ගන්නවා. අපි කල්පිටියෙනුත් ගේනවා. බෝට්ටු වලින් ගේන බෝට්ටු කරවල මේ අතරින් විශේෂයි. ඒව අනික් ඒවට වඩා රසයි. මොකද ඒව බෝට්ටුවේම වේලල ගේන කරවල. මිල ගනන් වෙනස් වෙනව. මේදවස්වල මිල මෙහෙමයි. ( කිලෝ 1)

.කෙලවල්ල රු.600/

අගුළුව රු.500/

මඩුව රු.400/

ලින්න රු.400/

පොඩි බලයි රු.500/

සෙරයාව රු.800/

මීවැටි රු.600/

හාල්මැස්ස රු.600/ මේ විදිහට තමයි දැන්මිල තියෙන්නෙ.

ආදායම වියදම කොහොමද?

සතියකටවියදම රු. 50.000/ විතර වෙනව. ආදායම හරියට කියන්න බෑ. අපි ණයටත් දෙනව. ණයට මිලදී ලන්නව. එකවර සල්ලි අතේ ගැවසෙනව. නැතිව යනව. ස්තිරව කියන්න අමාරුයි. කෙහොමහරි එදාවේල හදාගන්නඑක තමයි කරන්නෙ. සමෘධියෙන් රු. 50,000/ ක ණයක් ගත්ත. ඒවත් ගෙවාගෙන මේරස්සාව රෝල ගහල හරි කරගෙන යනවා.

මහත්තයගෙ රස්සාව කොහොමද?

මහත්තය කලපුගියාට ඒකෙන් ජීවත්වෙන්න අමාරුනිසා පිටරට අයට සංචාරය කරන්න පුළුවන් විදිහට බෝට්ටුවක් හැදුවා. ඒකෙ සීට් 8ක් තියෙනවා. 8කට යන්න පුළුවන්. එකවටයක් පැය එකහමාරක් විතර යනවා. රු. 3000/ ක් අයකරනවා. දෙන්නෙක් තුන්දෙනෙක් යනවනම් අපි පොඩි සංග්‍රහයකුත් කරනවා.බෝට්ටුවට ගොඩවන පිරිස කීයක් වුනත් එක වටයකට රු. 3000/ක් අයකරනවා.

.සෙල්වින්ගේ උත්සාහවන්ත බව තුළින් මතුවන්නේ දිරිය කාන්තාවකගේ ලක්ෂණයි. ඇය දරුවන්ගේ කටයුතු නොපිරිහෙළා ඉටුකරන අතර සැමියාගේ කටයුතු වලටත් සහාය වෙයි. දවල් 12.00 වනවිට කරවල වෙළදාම අවසන් කරන ඇය පාසැල් ගිය තම දරුවන් ගැන සොයාබලයි. මෙවැනි ධිවර පවුලක තම ජීවන අරගලය සදහා වෙනිරියස් සමග කරටකර හිදිමින් කටයුතු කරන මෙවැනි කාන්තාවන් අගයකළයුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article