පාලමක් නැතිකමින් ජනයා මිය යයි ! නව කැළණි පාලම අද සිට විවෘත වෙයි !

0
201
පාලමක් නැතිකමින් ජනයා මිය යයි ! නව කැළණි පාලම අද සිට විවෘතයි !

බොහෝ දෙනෙකු කම්පාවට පත්වු අවාසනාවන්ත සිදුවිමක් ඊයේ දිනයේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ් පාලමක් නැතිකම නිසා පාරුවක ආධාරයෙන් ගමන් කරමින් සිටි පාසැල් දරුවන් ඇතුළු පිරිසක් පාරුව පෙරළිම නිසා මරණයට පත්ව තිබිමයි.
මේ පාලම කඩිනමින් හැදිමට ආදාල බළධාරින් කටයුතු නොකිරිම ගැන ප්‍රදේශවාසින් සිය විරෝධය පළකරමින් හර්තාල් ව්‍යාපාරයක්ද ඊයේ දියත් කර තිබුණි

255964276 3056078297999999 6729627604377691236 n


ඊයේ පාර්ලිමේන්තුවේදි මෙම පාලම කඩිනමින් ඉදිනොකිරිම ගැන රජයට චෝදනා එල්ල වෙද්දි ඇමති ලංසා කියා තිබුනේ ආප්ප පුච්චනවා මෙන්ම පාලම හැදිමට නොහැකි බවය.

මේ අතර නව කැලණි පාලම විවෘත කිරීම අද (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ මුලිකත්වයෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව මෙම පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ නමින් හඳුන්වනු ලබන අතර පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා තිබුණි .කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380කි.
wenewslk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here