spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැරීස් ප්‍රහාරයෙන් මියගිය බහුතරයක් සංගීත ලෝලීන්

Must read

නොවැම්බර් 11 වනදා ප්‍රංශයේ පැරීස් නගරයට ISIS කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයේදී  පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් 352 කු තුවාල ලැබූහ. පැරිස් නගරයේ සිවිල් වැසියන් සිටි ස්ථාන කිහිපයකට මාරාන්තික ප්‍රහාර එල්ල වූ අතර ප්‍රසිද්ධ හා එතිහාසික ස්ථානයක් වූ බාටාක්ලෑන් (Bataclan ) නම් නාට්‍ය ශාලාවටද  වෙඩි ප්‍රහාරයක්  එල්ල විය.  එම අවස්ථාවේදී  එහි  සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූණි. එ් මොහොතේදී  දහස් ගණනක් සංගීත ලෝලීන් ද මේ ස්ථානයේ  විනෝද වෙමින් සිටි අතර ආසන්න වශයෙන් එහි සිටි 90 දෙනෙකු මියයන ලදී. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්    සංගීතවේදියෙකු ව ‘ පාවුල් ඩේවිඩ් හෙව්සන්’ අයිරිෂ් රේඩියෝවකට අදහස් දක්වමින් පවසා ඇත්තේ    මේ වනවිට  මෙතෙක් මෙවැනි වූ ආකාරයට  කලාගාරයකට ඉස්ලාමික ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල ව නොමැති බවත් ,   මෙම ප්‍රහාරයෙන් සෘජුවම පහරදෙන ලද්දේ ‘‘ සංගීතයට‘ බවයි.   U2’සංගීත කණ්ඩායමේ    ගායකයෙකු වන ‘බෝනෝ ‘ Bono (ඩේවිඩ් හෙව්සන් ) අයිරිෂ් ජාතික සංගීතවේදියෙකු සහ ගීත රචකයෙකු ද වේ. ඔහු විසින්  පවසා  ඇත්තේ මෙම ප්‍රහාරයෙන්  මියගිය බහුතරයක් දෙනා සංගීත ලෝලීන් වන බවයි.

පැරිස් නගරයේ පිහිටා ඇති මෙම බාටාක්ලෑන් Bataclan   නාට්‍ය ශාලාව සිනමා ලෝලීන්ට මෙන්ම කලාකාමීන්ට ඉතාමත් එතිහාසික මෙන්ම සංස්කෘතික වටිනාකමින් ඉහළ ස්ථානයකි. මෙම ස්ථානය අවසාන වශයෙන් අයිතිව පැවත ඇතැයි වාර්තා වන්නේ යුදෙව් ජාතික පවුලකට වන අතර  ඔවුන් විසින් ඊශ්‍රායලයට සහය පළ කළ ක්‍රියාකාරකම් වලට අනුග්‍රහකත්වය දැක්වීම හේතුවෙන් තර්ජනයට ද ලක්වූ අතර පසුවමෙම උත්සව ශාලාව විකුණා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  2E77584700000578-3319244-image-m-25_1447595206723

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article