spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිටකොටුවේ ඇති ,වෙන තැන් වල නැති , උපරිම සිල්ලර මිළ ..

Must read

රජය සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පිටකොටුව තොග වෙළෙඳ පොළේ බොහෝ වෙළෙඳසල් හිමියන් එම රජයේ මිල ගණන්වලට ඒ ආහාර ද්‍රව්‍ය අද (3) සිටම අලෙවි කරන අයුරු එහි ගිය අපට දක්නට ලැබුන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එහෙත් පිටකොටුවේ සමහර ව්‍යාපාරිකයන් රජයේ මිල ගණන්වලට එම පාරිභෝගික භාණ්ඩ අලෙවි කළේ නැතැයිද වැඩිදුරටත් එහි සදහන්ය.

රජය ප්‍රකාශ කළ මිල ගණන්වලට විශේෂයෙන්ම කීරි සම්බා ලබාදිය නොහැකි බව එම වෙළෙඳසල් හිමියෝ  පවසා තිබුණි.

මේ අනුව පිටකොටුවේ බොහෝ තොග වෙළෙඳසල් සම්බා කිලෝවක් රුපියල් 102 කටද කීරි සම්බා කිලෝවක් රුපියල් 125කටද නාඩු සහල් කිලෝවක් රුපියල් 97කටද සුදු සීනි කිලෝවක් රුපියල් 120 කටද රතු සීනි කිලෝවක් රුපියල් 122 කටද අලෙවි කරන බවට මිල ගණන් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
මේ අතර පිටකොටුවේ එසේ වුවද වෙනත් බොහෝ තැන්වලදි රජය විසින් පනවන්නට යෙදුන උපරිම සිල්ලර මිළ අනුගමනය නොකරන ඊට වඩා ඉහල මිළ ගණන් යටතේ සීනි සහ සහල් අලෙවි කරන බව වාර්තා වේ.
මෙයට අදාල සාක්ෂි සහිත බිල් පත්ද මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නට පටන් ගෙනය.
ඇතැම් කඩවල සිනි නැති බවට වු පුවරු ප්‍රදර්ශණය කර තිබිමද දැක ගන්නට පුලුවන.

මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article