පීල්ලවත්ත වැව සහ වැව් පිටිය පිළිබදව විශේෂ නිරීක්ෂණ චාරීකාවක් ….

0
684

2025 ඔක්තෝබර් මස 2 වන දින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි ගේ සහ කටාන ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, කටාන ප්‍රාදේශිය සබාවේ සභාපතිතුමිය, උප සභාපතිතුමන්, කටුනායක පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු රාජ්‍ය නිළධාරී මහත්ම මහත්මීන් ගණනාවක් පීල්ලවත්ත වැව සහ වැව් පිටිය තුළ සහ අවට නිරීක්ෂණ චාරීකාවක යෙදුණි.

මෙහිදී නුදුරු අනාගතයේදී මෙහි සිදුකරන්නට නියමිත වැව සහ වැව් පිටිය සහිත බහුකාර්‍ය වියාපෘතිය පිලිබදව සාකච්චාවට ලක් කළ අතර මෙම භූමීය තුළ ඇති කටාන ප්‍රාදේශීය සභාවට අයත් භූමීය (සිංහගිරිවත්ත පොදු කොටස ) පිළිබදවද විශේෂ අවධානයට ලක්විය.

මේ සදහා ජාතික ජන බලවේගයේ නැගෙනහිර ආඩිඅම්බලම කොට්ඨාස සභාවේ  සාමාජිකයන්, නැගෙනහිර ආඩිඅම්බලම මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්,පීල්ලවත්ත විජය ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් සහ ගම්වාසීන් ඉතා උද්යෝගයෙන් යුතුව සම්බන්ධ වි  සිටින අයුරු දැක ගත හැකිවිය

එස් .ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here