spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘පුංචිම මිනී පෙට්ටි වැඩියෙන්ම බර ය

Must read

සති දෙකක් අවසාන වන විට ඊශ්‍රායලය විසින් කුඩා දරුවන් 2055 මරා දමා ඇත. තවත් දරුවන් 830 ක් පමණ පුපුරුවා දැමූ ගොඩනැගිලි සුන්බුන් අතරය. ඔව්. ඔක්කොම දරුවන් 3000 කට වැඩිය.

ගුවන් ප්‍රහාර වලින් මරා දැමෙන බරපතළ ලෙස තුවාල සිදු කෙරන දරුවන් ට අමතරව ඒ ප්‍රහාර වලින් පසුව භීතියෙන් සහ තිගැස්සීමෙන් වෙව්ලනා දරුවන්ගේ වීඩියෝ විශාල සංඛ්‍යවක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වේ. නොනැවතී වෙව්ලන ඒ දරුවන්ගේ බියෙන් පිරි මුහුණු හද කම්පාවන සුළුය. අපිට ඉතුරු වෙලා තියෙන්නේ බලා ඉඳීම පමණද?

පියවරු දරුවන් බදාගෙනම මියෙති. මිය නොගිය පියවරුන් අම්මාවරුන් දරුවන්ගේ සිරුරු බදාගෙන වැළපෙති. දරුවෝ පියවරුන් අම්මාවරුන්ගේ සිරුරු බදාගෙන වැළපෙති. ගාසා තීරය ම සොහොන් යායකි. ඇමෙරිකා-යුරෝපා-ඊශ්‍රායල අළුගෝසුවන්ගේ කෙළබිමකි.

ඔක්තෝම්බර් 22 වන විට:

❗️ගාසා තීරයේ පලස්තීන වැසියන් 5087 කට වඩා ඊශ්රායල හමුදාව විසින් ඝාතනය කර ඇති අතර 15,898 ක් තුවාල වූවන් වේ. එයින් 2055ක් දරුවන්ය. 1119ක් කාන්තාවන්ය. 217ක් මහළු වයසේ අයය.

❗️ඔක්තෝම්බර් 22 දා පැය 24 ක් ඇතුලත පමණක් 430කට වැඩි පලස්තීන පිරිසක් ඊශ්‍රායලය විසින් මරා දමා ඇත.

❗️ ඊශ්රායල ගුවන් ප්රහාරවලින් රෝහල් 12ක් සෞඛ්‍ය සේවා ආයතන 32 ක් ක්‍රියාත්මක නොවේ. සෞඛ්‍ය සේවයේ නියතු 57 දෙනෙක් මරා දමා ඇත.

❗️ මේ වන විට ඊශ්‍රායලය විසින් මාධ්‍යෙව්දීන් 20ක් මරා දමා ඇත.

❗️ඊශ්‍රායලයේ වැසියන් 1400 කට වඩා හමාස් ගරිල්ලාවරුන් විසින් ඝාතනය කර ඇති අතර 200 දෙනෙක් පමණ පැහැර ගෙන ගොස් ඇත.ඉන් 4 දෙනෙක් මේවන විට නිදහස් කර ඇති අතර තවත් 50 දෙනෙක් නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් රතුකරුසය හා එකඟ වී ඇත.

Sources: Times of Gaza and Palestine Online

(මහේෂ් මුණසිංහගේ ⁣ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article