spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුංචි රෝමයේ පාලනය පාතාලය අතේද..?

Must read

මීගමුව ශි‍්‍රලංකාවේ කතෝලිකයන්් අතිබහුතරයක් ජීවත්වන ප‍්‍රධානතම නගරය  ලෙස සැලකේ.මේ නිසාම එයට පුංචි රෝමය යැයි ජනවහරේ යෙදේ.

මීගමුවට ඇතුළුවන  ඕනෑම අයෙකු දකින්නේ හංදියක් ගානේ ඉදිවි ඇති කිතුණු ප‍්‍රතිමාය.එක ගමකට කිපයක් බැගින් දෙව්මැදුරද පිහිටා ඇත. මේ අසලින් යනෙන බහුතරයක් බැතිමතුන් හිසනමා සිය භක්තිය විවිධ ලෙසින් අභ්‍යාස කරති.

මෙසේ බැලූ බැල්මට එය දෙවියන්ගේ නගරයක් බදු වුවද අද මෙහි ඇත්ත පාලනය සිදුවන්නේ මේ සියළු ආගම්වල ධර්මතාවලට එරෙහිව ගිය පාතාල ගනයේ මගපෙන්විම් හා හිමිකාරිත්යන් යටතේය.

නගරයේ නිසි පාලනය වෙනුවෙන් නීත්‍යාණුකුල ව්‍යුහයන් ස්ථාපිතව තිබුනද ඒ බොහොමයක් ඇත්තේ නමට පමණය.

නිදසුනක් ලෙසින් මීගමුව ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා පහසුකම් සපයාදිම පැවරි ඇත්තේ මීගමුව මහනගරනගරයේ නිසි පාලනය වෙනුවෙන් නීත්‍යාණුකුල ව්‍යුහයන් ස්ථාපිතව තිබුනද ඒ බොහොමයක් ඇත්තේ නමට පමණය.

නිදසුනක් ලෙසින් මීගමුව ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා පහසුකම් සපයාදිම පැවරි ඇත්තේ මීගමුව මහනගර සභාවට වුවද එහි ප‍්‍රධාන නිළධාරියා වන කොමසාරිස්වරයාට ඇත්තේ කිනම් බලයක්ද..?

..අද මුළු මීගමුව දන්නා පරිදි මෙතෙක් මීගමුව මහනගර සභාවට පැමිණ තිබුනේ විශ‍්‍රාම ගිය නිලධාරින්ය. ( මෙහි පට්ට ඇත්ත නම් නිලධාරින්ට චණ්ඩිපාට් දාන දේශපාලකයන් ගැන ඇති පිළිකුල නිසාය *  මේ නිසාම ඔවුන් කිසි විටකත් මීගමුවේදි සිදුවු ජනතා විරෝධි කිසිදු කටයුත්තක් නවතා ලීමට කිසිදු පියවරක් ගත්තේ නැත.

මේ සම්බන්ධයෙන් අපට  ඕනෑතරම් උදාහරණ ඉදිරිපත් කරන්නට පුලූවන.

1. මීගමුව බස්නැවතුමේ ඉදිකිරිම් කටයුතු සදහා නිත්‍යාණුකූල ලෙසින් පත්කරගත් සුදුසුකම් සහිත ටෙන්ඩර් කරු වෙනුවට එවන් විශාල ව්‍යෘපෘතියක් භාරව කටයුතු කිරිමට නිසි වෘත්තිය සුදුසුකම් රහිත ටෙන්ඩර්කරුවෙක් වෙත බාර කරද්දි කොමසාරිස්වරයා ඇතුළු සියළු නිළධාරින් නිහඩව සිටියේය.

2. සීඅයිබී සාප්පු සංකිර්ණය අසලින් දිවෙන නගරයේ ප‍්‍රධාන කාණුව දෙපස වු ඇල රක්ෂිතය තුල කඩකාමර තනා මීගමුව මහනගර සභාවේම නිලධාරින් ඇතුළුව දේශපාලන හෙංචයියන් විකුණා දැම්මේ කොමසාරිස්ගේ පමණක් නොව තාක්ෂණික නිලධාරියාගේ මෙන්ම නිති නිළධාරිනිගේද පූර්ණ අශිර්වාදය මතය.

මෙය ඉතා පැහැදිලි ලෙස රජයේ දේපලකි.මේ ඇල ඉවුර අනෙක් පැත්තේද මෙවැනිම ඉඩම් කොල්ලයකට කටයුතු සැලසුම් කෙරුණද එය වැලකි ගියේ එයට එරෙහිව පවරන්නට වු පුද්ගලික නඩුවක් හේතුකොට ගෙනය.

මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය  විසින් මේ නඩුවේදි මීගමුව නගර සභාවේ කි‍්‍රයා පිළිවෙත බරපතල ලෙසින් විවේචනයට ලක් කර තිබුනි.

3. අප පසුගිය කලාපයේ ප‍්‍රධාන පුවත මගින් හෙළිදරව් කළ මීගමුවේ මංකුළියේ මාළු ලෙල්ලම අසල මහමාර්ගය මාළු අලෙවි කිරිමටත් රථගාලක් ලෙස පවත්වාගෙන යෑම නිසා සිදුව ඇති මහජන පිඩාව වලක්වා ටෙන්ඩර් කොන්දේසි ප‍්‍රකාර නිව්ටන් මාවතේ මාළු අලෙවි කිරිමට නියෝග දිමට මීගමුව මහනගර සභාව තවමත් අපොහොසත්ය.

නගර සභාවේ නිලධාරින් එසේ නොකරන්නේ කාට බයේද…?

4. කඩොලාන විනාශ කිරිම බරපතල වැරද්දක් වුවද මීගමුව කඩොල් කැලේ ප‍්‍රදේශයේ කඩොලාන අක්කර 8 ක් එහෙම පිටින්ම කපා විනාශ කළ ආණ්ඩු පක්ෂයේ දේශපාලන හෙංචයියන් ගැන මීගමුව ප‍්‍රාදේශිය ලේකම්වරයා කිසිදු පියවරක් ගත්තේ නැත.

5. මහ මාර්ග අධිකාරියට අයත් පාරවල් වල රථගාලවවල් පවත්වාගෙන ගොස් රිසි සේ මුදල් ගසා කන්නට ඉඩදි ඇති ලංකාවේ කිසිදු නගරයක් ගැන අප අසා නැත.එහෙත් මීගමුවේ මෙවැනි ගසා කෑම් බහුලය. මෙය ඉතා පැහැදිලි ව කියන්නේ නම් මංකොල්ල කෑමකි.නිදසුනක් ලෙස ගතහොත් මාංකුලිය ලෙල්ලම අසල දිවෙන 273 මහා මාර්ගයේ ¥ව හංදිය දක්වා රථවාහන උදේ වරුවේ නවතා තිබේ. මේ සියළු වාහන වෙත පාපැදියකින් ගමන් කරමින් එකකින් රු 50 බැගින් දිනපතා මුදල් එකතු කරනු ලැබේ.

සා.සෙබස්තියන් මාළු වෙළඳ සැල නමින් වැල්ලවිදියට අයත් යැයි කියන මීගමුව කොටුව පිට්ටනිය අසලින් දිවෙන මාර්ගයේ රථ ගාල මෙයට එක් උදාහරණයක් පමණි.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මේ සියළු පාරවල් වල නවතා තබන වාහන වලින් මුදල් අයකිරිම කප්පම් ගැනිමක් විනා අන් කවරක්ද…?

විශේෂයෙන්ම මෙවන් නිහීන කි‍්‍රයා සිදුකිරිමට ඉඩදි නිහඬව සිටින කිතුණු පියවරුන් ගැන අපට ඇත්තේ බරපතල කලකිරිමකි.

6. රාජපක්ෂ මුදලි තුමන් විසින් සිය පුද්ගලික දේපල වලින් මීගමුවේ මහජනතාව වෙනුවෙන්  ලබා දුන් අක්කර 6 ක් පමණ වන රාජපක්ෂ උද්‍යානයේ ඔප්පුව විනාශ කර දමා එය මුදල් ඉපයීමේ කටයුත්තට යොමුකරන ලද්දේ මේ ආණ්ඩු පක්ෂ පාලනය විසිනි.මහනගර සභාවේ කිසිදු නිලධාරියෙකු මේවාට කිසි විරෝධයක් පළ කළේ නැත.

7. එපමණක් නොව දින නියමක් නොමැතිව වසා දමා තිබෙන රාජපක්ෂ උද්‍යානයේ  පස්සා දොරෙන් ජෝඩුවලට ඇතුළු විමට ට ඉඩ සලසමින් ප‍්‍රසිද්ධයේ ටිකට් අලෙවි කරන වැඩපිළිවෙලක් කි‍්‍රයාක්මක විය. මේ පිළිබදව මීගමුව නගරාධිපති හර්මන් කුරේරා මහතාගෙන්ද විමසා සිටියද කිසිඳු පිළිතුරක් ලැබුනේ නැත.

හර්මන් කුරේරා යනු කුමක්ද..

දුරස්ථ පාලන උපකරණයකින් පාලනය වන සප‍්‍රාණික වස්තුවකි.

8 මීගමුව මංකුලිය ලෙල්ලම අසල සහ පාලම මත වාහන නවතා තැබිම තහනම් බව දක්වමින් මීගමුව පොලිස් අධිකාරිවරයාගේ  නියෝගයන් සහිත  දැන්විම් පුවරු මීගමුවේ මංකුලිය ලෙල්ලමේ ප‍්‍රදර්ශනය කර තිබුනද  කිසිවෙක් ඊට ගරු කරන්නේ නැත.

පොලිස් අධිකාරිගේ නියෝග විහිළුවට ලක් කරන්නට නම් වෙනත් පාලනයක් මේ නගරය තුල තිබිය යුතුය.

ඒ කාගේද…?

9. ප‍්‍රදේශයේ ප‍්‍රධාන දේශපාලනඥයෙකුගේ පුතෙකු මීගමුව ඒත්තුකාල ප‍්‍රදේශයේ දැවැන්ත වැලි ජවාරමක නිරතව සිටියද මීගමුවේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු එය නවතා ලන්නට කටයුතු කලේ නැත. මෙහි ප‍්‍රථිඵලය වුයේ එහි දැවැන්ත ජාලාශයක් නිර්මාණය විමය.

ඉතින් මේ නිතිිවිරෝධි කටයුතු ගැන වගකිව යුතු නිලධාරින් නිහඬව සිටින්නේ කාට බයේද..?

10. මීගමුවේ නත්තල පොල පැවැති සමයන්හි නගර සභාවේ ටෙන්ඩර් මිලට වඩා විශාල මුදලකට ඒවා නගර සභාවේම නිලධාරින් විසින් පිටට අලෙවිකර තිබියදි එය සත්‍යයක් බව නෙත් ගුවන් විදුලිය විසින් රටට හෙළි කළේය.

එවන්  දෑ මීගමුවේදි කිසිදු හිරිකිතයකින් තොරව කරන්නට හැක්කේ කාටද…..?

තවත්  ඕනෑ තරම් මෙවන් උදාහරණ ගෙනහැර දැක්විමට පුලූවන.

ලෝකයම දන්නා පුංචි රෝමයේ ඇත්තම තත්වය  මෙයයි.[wp_geo_map]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article