spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුජක පුතුන්ගේ කර මතින් අවසන් ගමන් ගිය මිගමුවේ අපේ රදගුරුතුමා !

Must read

DSC00543DSC00541DSC00550DSC00554

මිගමුව මුන්නකරය නම් දිළිදු ධිවර ගම්මානයෙන් උපත ලද මිගමුවේ පාසැල් දෙකකින් සිය මුලික අධ්‍යාපනය හදාරා ජනතාව වෙනුවෙන් කැපවිමට පුජක දිවිය තෝරාගත් නික්ලස් මාකස් නම් වු ඒ යහපත් එඩේරා පසුව මෙරට කිතුණු සභාවේ උසස්ම තනතුරකට ඔසවා තබනු ලැබිය.දේශපාලකයන් වෙනුවෙන් ආවඩා සිය අග්‍රගන්‍ය තනතුර කිසිදා හෑල්ලු කර නොගත් 7 වන අගරදගුරු අති උතුම් පූජ්‍ය ආචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් පසුගිය සිකුරාදා (10) ස්වර්ගස්තවිය .ස්වර්ගස්ත වන විට එතුමන් 87 වෙනි වියේ පසුවිය.

1932 දෙසැම්බර් 6 වන දින මීගමුව මුන්නක්කරය නම් වු ධිවර ගම්මානයේ උපත  ලැබූ ආචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු හිමියන් සිය මුලික අධ්‍යාපනය ලැබුවේ ලැබුවේ මුන්නක්කරය  රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙනි ඉන් අනතුරුව උන්වහන්සේ මිගමුව සා. මරියා විදුහලට ඇතුලත්ව තිබුණි .

ආචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු 1959 දෙසැම්බර් 20 වන දින පූජකවරයකු ලෙසත් 1977 මැයි 14 වන දින බිෂොප්වරයෙකු ලෙසත් පත්විය. උන්වහන්සේ 1977 සිට 2002 දක්වා කොළඹ අගරදගුරු ලෙස සේවය කළ අතර 2002 ජූලි 6 වන දින විශ්‍රාම යන තෙක් සේවය කළේය.

ස්වර්ගස්තවු  අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දුගේ හිමිපාණන්ගේ දේහය පසුගිය  ඉරිදා පෙරවරු 11.00 ට අගරදගුරුගේ නිවසේ සිට මීගමුවේ ශාන්ත මරියා දේවස්ථානය වෙත රැගෙන එන ලද අතර ඊයේ පෙරවරුවේ මහවිදිය දේවස්ථානයේදි පැවැති අවමංගල්‍ය මෙහෙයන් පසුව දේහය එම දේවස්ථානයේම කොටස තැන්පත් කෙරිණි.
මේ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂද එක්ව සිටියේය.
අවමංගල්‍ය දිව්‍ය පුජාව අගරදගුරු මැල්කම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.sarath 1DSC00533
ඡායා- එම්.ඉසෙඩ්. සහජාන්

.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article