spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුටුවේ ඉදගත්තට පස්සේ ශ්‍රිලනිපෙන් පලිගන්න පොහොට්ටු දයාන්

Must read

මීගමුව නගරාධිපතිව නම්කළ යුතු හොදම නාමකරණය වන්නේ යන්තම් නගරාධිපති යනුවෙනි. එ මන්දයත් පොහොට්ටුව හැටියට මිගමුවේ ඡන්ද කොට්ටාශ 29 න් දිනන්නේ ඡන්ද කොට්ටාශ 7 ක් පමණි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ඡන්ද කොට්ටාශ 29 න් 19 ක්ම දිනන්නේ ඒජාපය විසිනි .
ඒහෙත් ස්වාධින කණ්ඩායම් සහ ශ්‍රිලනිප මන්ත්‍රි 6 කද සහය ගෙන නිමල් ලංසා විසින් සිය සොහොයුරා වන දයාන් ලංසාට කෙසේ හෝ නගරාධිපති පුටුව ලබාදේ.

ඊයේ (28) දිනයේ කාමච්චෝඩේ ප්‍රදේශයේ වසර 46 ක් තිස්සේ මිරිස් මෝලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගේ කඩයක් කඩා දැමිම සදහා මහත් උනන්දුවකින් මිගමුව නගරාධිපතිවරයා විසින් සිය නිළධාරින්ව යොමු කර බැකෝ යන්ත්‍ර පවා එවා තිබුණි. ඇත්ත වශයෙන්ම එ මිරිස් මෝල පවත්වාගෙන ගොස් තිබුනේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රිලනිපෙන් තරග කරන ලද ශෂි නම් අයෙකු විසිනි.
ඔහු ඒදා වැල්ලවිදිය ප්‍රදේශයෙන් ඡන්ද 800 කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබුණි.

තතු එසේව තිබියදි ශෂි ගේ එජාප තරගකාරයා වන්නේ සජිත් මොහාන්ය.ඊයේ මිගමුව නගර සභාවේ නගරාධිපති පමණක් නොව නිලධාරින් පවා පච වුන සිදුවිම අරභයා එජාප නාගරික මන්ත්‍රි සජිත් මොහාන්ගේ නමද සම්බන්ධවි තිබුණි.

එනම් අදාල මිරිස් මෝලේ හිමිකරුට සිය ව්‍යාපාරික ස්ථානය අදාල බදුකරුගෙන් නිදහස් කරගැනිම සදහා අවැසි කොන්ත්‍රාත්තුව පවරා තිබුනේ එජාප නාගරික මන්ත්‍රි සජිත් මොහාන්ට යැයි කතාවක් පැතිර යාමත් සමගින්ය.
කෙසේ වෙතත් කඩ කැඩිල්ල පිටුපස ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවක් ඇතැයි නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන විඩියෝ ප්‍රකාශක් නිකුත් කරමින් කියා තිබුනි
.
එමෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකුද වන ඒම්.සකාවුල්ලා ශ්‍රිලනිප සම සංවිධායකයාද විය.
ඔහු ඊයේ සිදුවිම පිළිබද සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා තිබුනෙ නගරාධිපතිවරයා දැන් පුටුවේ සිටින්නේ ශෂි ඇතුළු ශ්‍රිලනිප දේශපාලන ක්‍රියාධරයන් නිසා බවය.එ අනුව නගරාධිපති දයාන් ලංසා යනු කොයිතරම් නම් ගුණමකුවෙකුදැයි දැන් යළිත් වරක් මිගමුව තුල පුළුල් කතා බහක් නිර්මාණය වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article