spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුද්ගලික ආරවුලකට නිවසක් මංකොල්ල කෑ වෛද්‍ය සිසුන් ට ඇප

Must read

නොවැම්බර් 29 වන  සිකුරාදා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.පී. අමරසිංහ මහතා  විසින්  අධිකරණයේ පැවති නඩු විභාගයකදී කැලණිය වෛද්‍ය පීඨයේ සිසුන්  07 දෙනෙකුට  ඇප ලබාදෙන ලදී.
මෙම ඇප ලබාගැනීම සඳහා කැලණීය වෛද්‍ය පීඨයෙන් ඔවුන් මේ දිනවල විභාගයකට පෙනී සිටීමට අවශ්‍ය බවට   හේතු  ලිඛිතව  ඉදිරිපත් කර තිබේ. මෙම වෛද්‍ය සිසුන් 7 දෙනා  ඇතුළුව තවත් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ  කදාන ප්‍රදේශයේ නිවසකට ගොස් බලහත්කාරයෙන්  එම නිවසේ තිබූ  ලක්ෂ 05ට ආසන්න මුදල් හා රත්තරන් බලෙන්ගෙන යාම හා තුවක්කු හා පොලු රැගෙන ගොස් තර්ජනය කිරීම හේතුවෙනි.
මෙම සිදුවීමට පසුබිම්  වන සිද්ධිය වන්නේ කදාන ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් එම ප්‍රදේශයේම  මුතුබන්ඩා නැමැත්තෙකුගෙන් රුපියල් ලක්ෂ 2 26000ක් පොලීයට  ගෙන වාර කීපයක් පොලී ගෙවා පසුව පොලී නොගෙවීමයි. මෙම හේතුව නිසා මුතුබන්ඩා  නමැති පුද්ගලයා තවත් පුද්ගලයන් 4 දෙනෙකු හා මෙම වෛද්‍ය සිසුන් 07 දෙනා සමග ගොස් එම කොන්ත්‍රාත්කරුගේ නිවස බලෙන් මංකොල්ල කා තිබේ.
මෙම වරදට සම්බන්ධ වූ  වෛද්‍ය සිසුන් 07 දෙනාට  ශරීර ඇප ලක්ෂ 2  බැගින් ලක්ෂ 14ක් ද මුදල් ඇප රු 1000 බැගින් රු 7000 ක්ද ඇප නියම කරන ලදී.
අනිත් පුද්ගලයන් 4 දෙනා  නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද අතර මෙම නඩුවාරය දෙසැම්බර් මස 06 වනදාට කල්තබන ලදී.8469209-physician-notes-and-handcuffs-crime-in-medicine

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article