නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද, නියෝජ්‍ය නගරාධිපති චාමර, කර්මාන්ත කාරක සභාවේ සභාපති සංගිත් පෙරේරා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් කිපදෙනකු මිගමුව නගරයේ විශේෂ විමර්ශන චාරිකාවක නියැලි තිබුනේ පසුගිය ජුනි 26 වනදාය.

ඒ පසුගිය ලංසා පවුල් පාලනය විසින් මිගමුවේ මහජන මුදල් කාබාසිනියා කරමින් සිදුකර තිබුන අසාර්ථක ව්‍යාපෘති වැඩසටහන් ,සහ නගරයේ අනවසර ඉදිකිරිම් මෙන්ම කාමච්චෝඩේ පොළේ වෙළඳ මහතුන් මුහුණ දි ඇති ගැටලු ආදි මිගමුවේ ප්‍රධාන ප්‍රශ්ණ ගණනාවක් ඇති තතු දැනගැනිම වෙනුවෙනි.
පුනරුද නගර පාලනය ස්ථාපිත කොට පැවැති පළමු විමර්ශණ චාරිකාව මෙය විම විශේෂ වන අතර එයට මුලිකත්වය ගෙන තිබුනේ කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා විසිනි.

කාම්ච්චෝඩේ පොළේ වෙළඳුන් , නිමල් ලංසාගේ ආසාර්ථක කාමච්චොඩේ පොදු වෙළඳ සංකීර්ණය අද පත්ව ඇති විනාශකාරි තත්වය මෙන්ම රු කෝටි ගණනක් වැය කරමින් ඉදිකරන ලද මිගමුව බස් නැවතුමේ තත්වය මෙන්ම නගරය පුරා කර ඇති අනවසර ඉදිකිරිම්ද මෙම විමර්ශන චරිකාවේදි අවධානයට යොමුව තිබුණි.


විශේෂනේම මෙම විමර්ශන චාරිකාවේදි කාමච්චොඩේ පොල ප්‍රදේයේ පවතින ගැටළු වට කඩිමනමින් විසදුම් සෙවිම සදහා විශේෂ රැස්විමක් කාමච්චෝඩේ පොල භුමිේදි පැවැත්විමට තිරණය වි තිබුනේ ජුලි පළමු සතියේ දිනකය.
එහෙත් ඒ රැස්විම එදින නොපැත්වුන අතර පසුව දිනක යොදාගන්නා බව කියැවුණි.
කණගාටුව නම් ඒ දිනය අද වන තුරුත් පැමිණ නොතිබිමය.
මිහිපිට අපායක් බදු යැයි පුරපති විසින්ම නම් කර තිබුන කාමච්චොඩේ පොල භුමිය තුල මෙන්ම අවට පරිසරය මරණට අතවනන තත්වයක් නිර්මාණය කර තිබුනේ මී ගහණයද හේතුවෙනි.
මේ වනවිට මි උණ රෝගයට ගොදුරුවි කාමචෝඩේ තරුණයෙකුට ජිවිතයද අහිමිව ගොස් තිබේ.
මේ අනුව බලන කළ වඩාත් තිරාණාත්මක විමර්ශණ චාරිකාවක් මිට මාස තුනකට පමණ ඉහතදි සිදුකර තිබුනද ඒ ගමනේ කිසිදු ප්‍රථිපලක් අදටත් සිදුව ඇතිදැයි සැක සිතෙන්නේ අනවසර සිව්මහල් ගොඩනැගිලි තබා අඩුම තරමින් අනවසර පෙට්ටි කඩයක්වත් ඉවත් කරගැනිමට පුනරුද පාලනයට නොහැකිව තිබිම නිසාය.
විපක්ෂය ඊට හපන්ය.පුනරුද පාලනයට සාධනීය විවේචන ඉදිරිපත් කරමින් දශක දුෂිත පාලනය විසින් සිදුකර ඇති වංචා අක්‍රමිකතා,කප්පම් ගැනිම් ගැන කඩිනම් පරික්ෂණ සිදුකිරිමය පාලක පක්ෂය යොමුකිරිම සදහා අවැසි මැදිහත්විම සිදුකරන බවක්ද නොපෙනේ.
සිස්ටම් චේන්ජ් කෙසේ වෙතත් සිස්ටම් ඉස්පොල්ලේ ගොස් ඇති බව නම් ඇතැම් පුනරුද නාගරික මන්ත්‍රිලාගේ බුකි පිටු බැලිමේදි නම් පෙනි යයි.

















