⚖️ පෙබරවාරි 10 නව නීතිය – ඉතාලියේ හා යුරෝපයේ ඩොකුයුමන්ට් නොමැතිව ඉන්න අයට කෙසේ බලපායිද?
2026 පෙබරවාරි 10 වන දින යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් නව සංක්‍රමණ හා සරණාගත සංශෝධනත්, ඉතාලියේ “Nuovo DDL Immigrazione” නව නීති කෙටුම්පතත් එක්ක, යුරෝපයේ සංක්‍රමණ නීති ඉතා දැඩි මට්ටමකට ගොස් තිබෙනවා.
මේක සාමාන්‍ය වෙනසක් නෙමෙයි. මේක සරණාගත අයදුම් සහ නීති විරෝධීව රැඳී සිටින අයට සෘජුව බලපාන තීරණයක්.
🇪🇺 EU Asylum Reform – මොනවා වෙනස් වුණාද?
🔹 සරණාගත අයදුම් ඉතා ඉක්මනින් පරීක්ෂා කිරීම�🔹 සුදුසුකම් නොලැබෙන අය ඉක්මනින් ප්‍රතික්ෂේප කිරීම�🔹 “ආරක්ෂිත රටවල්” ලැයිස්තුවක් හඳුන්වා දීම�🔹 අවශ්‍ය අවස්ථාවල EU වලට අයත් නොවන රටවලට යැවීමට නීතිමය මාර්ග සකස් කිරීම
⚠️ ආරක්ෂිත රටවල් ලෙස නම් කර ඇති රටවල් අතර ඉන්දියාව, බංග්ලාදේශය, කොලොම්බියාව, ඊජිප්තුව, කොසෝවෝ, මොරොක්කෝව සහ ටියුනීසියාව ඇතුළත්.
👉 “ආරක්ෂිත රට” ලෙස නම් වූ රටකින් ආවොත්, ඔබේ සරණාගත අයදුම වේගවත් ක්‍රියාවලියකින් පරීක්ෂා කර ඉක්මනින් තීරණයක් ලබා දෙනවා.
🇮🇹 ඉතාලියේ තත්ත්වය.
ඉතාලිය මේ වෙනකොටම නීති දැඩි කරලා තියෙනවා.
🔸 නීති විරෝධීව රැඳී සිටින අය පිටුවහල් කිරීම වේගවත් වෙලා තියෙනවා.�🔸 බෝට්ටු මගින් එන පුද්ගලයින් ඇල්බේනියාවට යොමු කර අයදුම් පරීක්ෂා කිරීම දැනටමත් වෙනවා.�🔸 ජාතික ආරක්ෂාව යටතේ නාවික සීමා පාලනය වැඩි වෙලා.
⚠️ ශ්‍රී ලංකාව දැනට ආරක්ෂිත රටක් ලෙස සැලකෙන නිසා, සරණාගත අයදුම් ප්‍රතික්ෂේප වීමේ අවදානම වැඩි වෙලා තියෙනවා.
ඒ වගේම ඉතාලියේ සමහර ප්‍රදේශවල දැන්:
🔻ඉක්මනින් “Commissione” (සරණාගත කොමිසම) කැඳවීම්
🔻 කහ/සුදු කොළ නොලැබී එක පාරම කොමිසමටම එන්න දින දෙනවා.
🔻 අයදුම් පත්‍ර ඉතා ඉක්මනින් ප්‍රතික්ෂේප වීම වගේ දේවල් දැන අහන්න දකින්න තියෙනවා.
📌 ඩොකුයුමන්ට් නොමැතිව ඉන්න අයට?
❗ ඉස්සර වගේ “හොරෙන් ඉඳලා වැඩ කරගන්න” පුළුවන් කාලේ දැන් ඉවර වෙලා තියෙනවා.�❗ දැන් ඉතාලියේ පරීක්ෂා කිරීම වැඩි වෙලා.�
⚖️ සරණාගතභාවය ඉල්ලන අයට වැදගත්
සරණාගතභාවය ලබාගන්න එක පෙරට වඩා සංකීර්ණයි.
👉 හැම විටම නීතිඥයෙකුගේ සහය ගන්න.�👉 ඔබ ඉදිරිපත් කරන කරුණු සනාථ කරන්න සාක්ෂි රැගෙන යන්න�👉 සත්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන්න.
💡 ශ්‍රී ලංකාවේ බොහෝ අය ඉදිරිපත් කරන මූල්‍ය ගැටලු, ණය, වෙන්දේසි, තර්ජන වැනි කරුණු – ඒවා තාර්කිකව හා ලේඛන සාක්ෂි සමඟ ඉදිරිපත් කළ යුතුයි.
✔️ ප්‍රශ්න වලට පැටෙලෙන්නේ නැතිව ඉන්න.�✔️ නීති උල්ලංඝනය නොකරන්න.�✔️ ප්‍රසිද්ධ ස්ථානවල අනවශ්‍ය ගැවසීමෙන් වලකින්න.�
දැන් තියෙන්නේ ඉස්සර තිබ්බ ඉතාලිය නෙමෙයි. නීති දැඩි වෙලා. තීරණ ඉක්මනින් දෙනවා.�සරණාගතභාවය ලබාගැනීම දැන් අතිශය දුෂ්කරයි.
බය වෙන්න එපා…�නමුත් අවධානයෙන්, නීති ගරුකව ඉන්න බලන්න.
යුරෝපයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න නම් දැන් අවශ්‍යම වෙන්නේ – සියලු දේ නීතියට අනුව කරගෙන යාමයි.
මෙම තොරතුරු වැදගත් නම් Share කරන්න 🙏�ඔබට ප්‍රශ්න තිබ්බොත් Comment කරන්න.
(ඉතාලියේ අපි ෆේස් බුක් පිටුවෙනිපිටුවෙනි)












