spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ල කන්‍යාරාමයේ තාර පාට බොරළු දාන්න ලක්ෂ 19 ක් ?

Must read

2014 මැයි 08 වනදා පැවැති මීගමුව මහනගර සභාවේ මහසභාවේ කාරක සභාව අවස්ථාවේදි ගැටළු සහගත මුදල් වැය කිරිම් පිළිබදව විපක්ෂය විසින් මතුකරන්නට සිටි ප්‍රශ්ණ ගණනාවක් මගහැර යමින් කාරක සභාව අවස්ථාව අතර මගනවතා දැමිම නගරාධිපතිවරයා මඟහැර ගිය බව දැනටමත් අප වාර්ථා කර ඇත්තෙමු.
මෙහිදි වඩාත් විවාදයට තුඩු දි ඇති එක් කරුණක් වන්නේ පෙරියමුල්ල සදාසරණ කන්‍යාරාමයට යන තාර පාරට බොරළු දැමිමට යැයි කියමින් රු ලක්ෂ 19 ක් ප්‍රදේශයේ මන්ත්‍රිවරයා විසින් වැය කර තිබිමයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මේ පිළිබදව ප්‍රශ්ණ රැසක් මතුව ඇති බවය.
මෙහිදි ඔහු අවධාරණය කළ පළමු ප්‍රශ්ණය වන්නේ මුදල් කාරක සභාවේදි සාකච්ජාවට නොගත් වැය ශිර්ෂයන් දැන් මහසභාවේ කාරක සභා අවස්ථාවට ගෙන ඇති බව ඔහු පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය නාගරික මන්ත්‍රි නස්මියාර් මහතා පවසා ඇත්තේ පෙරියමුල්ල කන්‍යාරාමයේ පාරට බොරළු දැමිම පිළිබදව අයිතමය කාරක සභාවේ සාකච්ජාවට නොගැනුන බවය.
අනික කරුණ වන්නේ නගරාසභා ආඥ පණත ප්‍රකාර ආගමික සිද්ධස්ථානවලට මෙවැනි වියදම් සිදුකිරිමට කිසිදු ප්‍රතිපාදනයක් නැති බවය.
ගිහාන් මන්ත්‍රිවරයා විසින් මතු කරන ලද අනික් කරුණු වුයේ කන්‍යාරාමයට යන පාර නිමකර ඇත්තේ තාරවලිනි. එහෙත් වැය ශිර්ෂයේ ඇත්තේ පාරට බොරළු දැමිම යනුවෙනි.
එමෙන්ම වියදමට අදාලව කිසිදු ටෙන්ඩරයක් හෝ අනුමත කර නැත.එහෙත් ලක්ෂ 19 ක මුදල් ගෙවිමක් සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් අප මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔශු මේ ගැන කිසිවක් නොදන්නා බව පවසා සිටි අතර අදාල නිළධාරින්ගෙන් විමසා පසුව  ලබන සදුදාට විස්තර ලබාදෙන බවට පොරොන්දුවිය.
එහිදි අප විමසා සිටියේ පරිපාලන අධිකාරියේ ප්‍රධානියා ලෙසින් මහසභා කාරක සභා අවස්ථාවේ විපක්ෂය විසින් ප්‍රශ්ණ මතු කළ මෙවැනි කරුණක් නොදන්නේ කෙසේද යන්නයි.එවිට ඔහුගේ පිළිතුරු වුයේ නගරාධිපති සහ නගාරික මන්ත්‍රවරුන් ඒ ගැන කථාකරගත් බව පමණක් දන්නා බවය.එමෙන්ම ආගමික ආයතනය වෙත නගර සභාවේ ප්‍රතිපාදන යොදාගැනිමට නීතියට පටහැනිවිය හැකි යැයිද අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් අප කන්‍යාරාමයේ ගරු මාලති කන්‍යාසොහොයුරියගෙන් විමසා සිටි අවස්ථාවේදි පවසා සිටියේ කපිල මන්ත්‍රිතුමා විසින් තමන්ගේ ඉඩමට බොරළු දමාදුන් බවය.ඒ සම්බන්ධයෙන් ස්තුති පළකරන ලිපියක්ද මන්ත්‍රිවරයාගේ ඉල්ලිම පරිද ලබාදුන් බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article