පෙර පාසල් දරු දැරියන් සමගින් පැවැත්වූ , ලෝක ළමා දින සැමරුම් උත්සවය. ..

0
617

 

ලෝක ළමා
දිනය නිමිත්තෙන් සැමරුම්  උත්සවයක් ඊයේ (02)පැවැත්වුනා. මේක පැවැත්වුණේ මීගමුවේ කඩොල්කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ. මේ ළමා දින සැමරුම් උත්සවය සංවිධානය කරලා තිබුණේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්.IMG 20251003 WA0017 IMG 20251003 WA00181 IMG 20251003 WA0019 IMG 20251003 WA0020 IMG 20251003 WA0021 IMG 20251003 WA0022 IMG 20251003 WA00231

මේ උත්සවයට මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තියෙන පෙර පාසල් ඒ කියන්නේ ළදරු පාසල් 42 ක පමන දරු දැරියෝ 1200 කට වැඩි පිරිසක් සහභාගි වුණා.

IMG 20251003 WA0036IMG 20251003 WA0034IMG 20251003 WA0033IMG 20251003 WA0032IMG 20251003 WA0031
මෙම ලෝක ළමා දින සැමරුම් උත්සවයට මීගමුව භාර නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න, මීගමුව, නගරාධිපති රොබට් හීන්කෙන්ද, මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ, ළමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපති ,උප පොලිස් පරීක්ෂිකා එන්.එස්. හෂීම්, මීගමුව වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් පෙරේරා, මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර යන මහත්ම මහත්මාවීන් ඇතුළු ආරාධිතයින් පිරිසක් මේ සඳහා සහභාගි වුණා.

මෙහිදී මීගමු ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සභාව ඇමතුවා. මෙහිදී නගරාධිපති රෙබෙට් හින්කෙන්ද මහතා විශේෂයෙන් එතනට ඇවිල්ලා හිටපු වැඩිහිටියන්ට අපූරු කතාවක් කිව්වා. ඔහු එහිදී කිව්වේ තමා මේ කතා කරන දේවල් මේ දරුවන්ට නොතේරෙන්න පුළුවන් බවයි. නමුත් තමන්ට අවශ්‍ය වෙන්නේ මේ දරුවන්ට කතා කරනවාටත් වඩා මේ දරුවොත් සමඟ මෙතනට ඇවිල්ලා ඉන්න දෙමව්පියන්ට නැත්නම් මේ දරුවන්ගේ භාරකරුවන්ට යමක් පවසන්න බවයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කළා මේ දරුවන්ට වෙන් වුනු මේ ලෝකය සුන්දර තැනක් බවට පත්කරන්නට වැඩිහිටියන් වන අපි උනන්දු විය යුතු බව. ඒ අනුව ඔහු පැවසුවේ ලෝකෙට දරුවෝ හදලා වැඩක් නැහැ, , දරුවන්ට අවශ්‍ය ලෝකය හදන්න බැරි නම් යනුවෙනි. එනිසා වැඩිහිටියන් වන අප ළමයින්ට අවශ්‍ය ඒ සුන්දර ලෝකය තනන්න සෑම විටම උනන්දුවෙන් ඇප කැපවී කටයුතු කළ යුතු බව තමයි නගරාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.IMG 20251003 WA0030IMG 20251003 WA0029

මේ උත්සවය නැටුම් ගැයුම් අංග කිහිපයකින් වර්ණවත් වුණා. කතන්දර නැන්දා සහ සුටීන්-මා(ර්)ටින්, යන විනෝදාස්වාදන අංගයන් කිහිපයක්ද මේ උත්සවයට කුඩා දරු දැරියන් වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණා. මේ උත්සවය සඳහා සහභාගි වුණු සියලුම දරු දැරියන් බොහෝම නිදහසින් නටමින් ගයමින් විනෝද වූ ආකාරය දැකගත හැකි වුණා. මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානය ළමා හා කාන්තාකාරයන් සේ ස්ථානාධිපතිනිය මෙහිදී හරි ලස්සන ළමා ගීතයක් එහෙම ගායනා කෙරුවා.

මෙම උත්සවය සඳහා පැමිණි කුඩා දරුවන් සහ දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් විශාල පිරිසකට මෙම උත්සවය පැවති ගෘහස්ථ ක්‍රීඩාගාරයේ එළිමහන් ප්‍රදේශයේම සිටින්නට සිදුවුණා.එවට හේතු වුනේ මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඉඩ කඩ මදිකම . ඒ ගෘහස්ත ක්‍රීඩාගාරයේ එළිමහනෙත් දරුවන්ට විනෝද වෙන්නට ,විනෝද ජනක ක්‍රීඩා ආදිය පවත්තුවක්නට ද කටයුතු සංවිධානය කර තිබුණා.

උත්සවය අවසානයේ සහභාගි වූ සියලුම දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමක්ද සිදුවුණා. ඇට්ලස් ආයතනය ඇතුළු තවත් අනුග්‍රහක භවතුන් කීහිපදෙනෙකු ඒ සඳහා සහාය දක්වා තිබුණා.

මෙම ලෝක ළමා දින සැමරුම් උත්සවය සංවිධානය කිරීමේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මාවීන් විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව පෙනෙන්නට තිබුණා.. කෙසේ වුවද මෙම උත්සවයට අති විශාල පිරිසක් සහභාගි වී සිටියා. මේ ළමා දින සැමරුම් උත්සවය තමයිලු, මීගමුවේදී කුඩා දරු දරියන් වැඩිම ප්‍රමාණයක් සහභාගී කරගෙන පවත්වපු ලොකුම ළමා දින සැමරුම් උත්සවය කියලා එතනට ඇවිල්ලා හිටපු බොහෝ අය එහෙම කිව්වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here