පොලිස් නිලධාරීන් පිරිසක් පියතුමෙකුට පහර දීමට එරෙහිව ,මීගමුවේදී නිහඬ විරෝධතාවක්.

0
352

.

පසුගිය 24 (24/01/2026) වැනි දින සවස, කිරිඳිවිට ප්‍රදේශයේදී ගම්පහ පොලිස් ස්ථානයේ සේබීන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ගරු .මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පො පහරදීමේ සිදුවීම මුල් කර ගනිමින් මීගමුව, බෝලවලාන සහ කටාන, , ඇතුළු දිසා වල ගරු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් එක්ව මීගමුව, තෙල් වත්ත හන්දියේ දී අද දින (27/01/2026) පෙරවරුවේදී නිහඬ විරෝධතාවක් පවත්වන ලදී.

කලාපීය නාහිමි අතිගරු . ශාන්ති කුමාර් වැලිවිට, පියතුමාගේ මෙහෙයවීමෙන් පවත්වන ලද මෙම නිහඬ විරෝධතාවයේදී පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් මෙම පහර දීම හෙලා දකිමින් සඳහන් කළ පුවරු රැගෙන.

මීගමුව නගර සභා භූමියේ සිට නිහඬ පා ගමනින් පැමිණ හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත හන්දියේ දී මෙම නිහඬ විරෝධතාවය සිදු කළේය.

IMG 20260127 WA0008 IMG 20260127 WA0009 IMG 20260127 WA0010 IMG 20260127 WA0010 1 IMG 20260127 WA0011 IMG 20260127 WA0012 IMG 20260127 WA0013 IMG 20260127 WA0014 IMG 20260127 WA0015

මෙම නිහඬ විරෝධතාවය සඳහා කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් 130 කට අධික ප්‍රමාණයක් සහභාගි වී සිටි බව වාර්තා විය.

මීගමුව, තෙල් වත්ත හන්දියේදී පැවති මෙම නිහඬ විරෝධතාවය සඳහා සහභාගි වූ ජාතික කතෝලික ජන සංවේදන අංශයේ අධ්‍යක්ෂක ගරු. ජූඩ් ක්‍රිශාන්ත පියතුමා. එහි සිටි මාධ්‍යවේදීන් අමතා මෙලෙස පැවසීය.

‘” අපි මෙතනට පැමිණියේ රටේ කිසිම පුරවැසියෙකුට ශාරීරික, මානසික හිංසනයක් කිරීමට පොලිසියට අයිතියක් නැති බව ප්‍රකාශ කිරීමටයි. පියතුමෙකුට මේ වගේ අවාසනාවන්ත සිද්ධියකුට මුහුණපාන්න සිදුවුණා , නම් මෙරට අපේ පුරවැසියන්ට මොන වගේ කාලයක් උදා වෙයිද,කියන ප්‍රශ්නය අපට තියෙනවා, මේ වගේ විරෝධතාවක් කෙරුවේ මින් ඉදිරියට ආගමික නායකයන්ට හෝ වෙනත් කිසිම පුරවැසියෙකුට මෙවැනි ශාරීක හා මානසික හිංසනයක් කිරීමට පොලිසියට නොහැකි බව ප්‍රකාශ කිරීමටයි, මේ වගේ දේවල් වලට පියතුමන්ලා වශයෙන් අපි විරෝධතාවය ප්‍රකාශ කරන්නේ ඉදිරියටවත් මේ වගේ දේවල් නොකර සිටීම සඳහා ප්‍රකාශ කිරීමට පොලිස් නිලධාරීන්ට පූර්වාදර්ශයක් වීමටයි, අපි මෙතනට පැමිණිලා පොලිසියටවත් අධිකරණයටවත් බලපෑමක් කරන්නේ නැහැ, ගරු. මිලාන් පියතුමාට පහරදීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රකාශ කිරීමටයි මෙතනට පැමිණියේ.

තවද මෙම නිහඬ විරෝධතාවය සඳහා සහභාගි වු ගරු කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා, මෙම සිදුවීම සම්බන්ධව මාධ්‍යවේදීන් අමතා මෙසේ පැවසීය.

“” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා පියතුමා හා පොලිස් නිලධාරින් අතර බහින්බස්වීමක් සිදුවීමෙන් පසු පියතුමා මීගමුව රෝහලට ඇතුළත් වූ බව, බහින්බස්වීමක් සිදුවුව හොත් කවුරුත් රෝහලට ඇතුල් වෙනවාද, එහෙම වෙන්නේ නැහැනේ, එතුමා ඉස්පිරිතාලයට ඇතුල් වුණේ පියතුමාට පහර දුන් නිසයි, පියතුමාට නොසෑහෙන ලෙස පහරදී තිබෙනවා, නීතියට උඩින් කිසිම පොලිස් නිලධාරියෙකුට කටයුතු කරන්නට බැහැ, එම නිසා මාධ්‍ය ප්‍රකාශකවරයා කියන අදහස අපි පිළිගන්නේ නැහැ, ඔහු එක් පැත්තක් පමණක් අරගෙන කතා කරනවා, ඒක වැරදියි, පොලිසියට ඕනෑ දෙයක් කිරීමේ අයිතියක් නැහැ, පියතුමා තමන්ට සිදු වූ පහරදීම ගැන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා, මාධ්‍ය ප්‍රකාශකවරයා එම පැමිණිල්ල නොකියවා වෙන්ඩ ඇති මේ වගේ ප්‍රකාශයක් කරන්නේ, එයට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා,පොලිසියේ
වරදක් නැහැ කියලා මාධ්‍ය ප්‍රකාශකවරයා කියන අදහස අපට පිළිගන්ඩ බැහැ . අපි රජයෙන් සහ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව සාධාරණව කටයුතු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස “”යයිි එහිදී සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here