කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් 06 දෙනා ඊයේ දින (25/01/2026) අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ඊයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම පොලිස් නිලධාරින් 06 දෙනා අද දින (26/01/2026) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව අද දින (26/01/2025) එම පොලිස් නිලධාරීන් 06 දෙනා ව නැවත (25) ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරින් 06 දෙනාව එළඹෙන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
මෙලෙස එළඹෙන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකි.
එලෙසම මෙම පොලිස් නිලධාරින්ගේ පහර කෑමට ලක් වූ මිලන් ප්‍රියදර්ශන පියතුමා මීගමුව රෝහලේ 07 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, එම පියතුමාව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි ද වාර්තා වුණි.
ඒ සම්බන්ධයෙන් කොළඹ පදවියේ මාධ්‍ය ප්‍රකාශක ජුඩ් ක්‍රිෂාන්ත ප්‍රියතුමාගෙන් කරන ලද විමසීමකදී පියතුමන් ප්‍රකාශ කළේ මෙලෙස පහර කෑමට ලක් වූ මිලාන් ප්‍රියදර්ශන පියතුමා හට ශරීර අභ්‍යන්තරයෙන් ඇතිව ඇති තැලුම් වේදනාවන් පිළිබඳව සැලකිලිමත් වී පියතුමාණන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව අවශ්‍ය වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා පියතුමන්ව , කොළඹ ජාතික රෝහලට යවා ඇතිි බවයි.












