යාපනයේ අල්ලයිපිටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පිරිමි ළමයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා යාපනයේ අද විරෝධතාවක් පැවැත්විණි.
යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

පෙබරවාරි 10 වන දින අලුයම අල්ලයිපිටිය ප්‍රදේශයේ ගමන් කළ වෑන් රථයක් මාර්ග හරස් කළ බවත්, වාහනය නතර නොකළ නිසා සිදු වූ වෙඩි තැබීමෙන් වාහනයේ රියදුරු මිය ගිය බවත් පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
පොලිසිය වෙඩි තැබුවේ වාහනය නතර කළ පසුව පමණක් බවත්, එය පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ සැලසුම් සහගත ඝාතනයක් බවත් චෝදනා එල්ල වෙමින් තිබියදී, ඝාතනයට ලක් වූ පිරිමි ළමයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මෙස විරෝධතාව සංවිධානය කර ඇත.
ඡායාරූප – කම්සන්












