ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන අපේම ජනතාවගේ දෑත් ශක්තිමත් කරමු!

0
360

අස්වැසුමලාභින්, සමෘද්ධිලාභී පවුල් හෝ කාන්තා මූලික පවුල් හුදු සහනාධාර ලබන්නන්ගෙන් ඔබ්බට ගොස්, රටේ ආර්ථිකයට දායක වන ශක්තිමත් ව්‍යවසායකයින් ලෙස ගොඩනැංවීම අරමුණ කරගනිමින් අවශ්‍ය භාණ්ඩ හා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දිනක මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

තම උත්සාහයෙන් ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන අපේම ජනතාවගේ දෑත් ශක්තිමත් කිරීමට මෙමගින් හැකිවනු ඇති බවත් මෙම උපකරණ මගින් තම ස්වයං රැකියා සහ ව්‍යාපාර දියුණු කරගනිමින්, ස්වශක්තියෙන් නැගී සිටීමට උත්සාහ කරන ලෙසත් මෙම අවස්ථාවේදී ප්‍රතිලාභීන්ගෙන් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න  ඉල්ලා සිටින ලදී.

මේ අවස්ථාවට මිගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චිද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here