spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලීසිය සිදු කළ බාධාවන් හෙලා දකිමු – අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව

Must read

‘‘අතුරුදහන් කරවීම්වලට එරෙහි ආසියානු ඒකාබද්ධතා සංගමය’’ ඔවුන්ගේ කමිටු සාකච්ඡාවක් ශ්‍රි ලංකාව තුළ පැවැත්වීමෙන් පසුව සහභාගි වූ ආසියානු රටවල්වල නියෝජිතයන්, ලංකාවේ සිවිල් සංවිධාන නියොජිතයන් ඇතුළු ක්‍රියාකාරීන් වෙනුවෙන් ‘‘සහයෝගීතා රාත්‍රියක්’’ 2012ක් වූ දෙසැම්බර් මස  03වන දින මීගමුව කුරණ පිහිටි ‘‘Lagoon View’’ අවන්හලේ දී පවත්වන ලදී.

එම රාත්‍රියේ දී පසුගිය ඔක්තෝබර් 27වන දින ශ්‍රි ලංකවේ දී පවත්වන ලද ‘‘අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාතික දිනය’’ පිළිබඳ ව කෙටි විඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කරන ලද අතර ‘‘ සියලූ ආකාරයේ ස්වේච්ඡ නො වන අතුරුදහන්කරවීම්වලට එරෙහි වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිබදව විස්තර කෙරෙන කුඩා පොත් පිංචක් ද ‘‘අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව මඟින් එහි දී එළිදක්වන ලදි.

මෙම උත්සවය අවසානයේ දී ප්‍රිය සාදයක් ද පැවැත්වුණි. එම සාදය පවත්වමින් තිබිය දී එයට සහභාගි අතුරුදහන්වූවන්ගේ මව්වරුන් හා අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ ලේකම් ඇතුළු අය තම නිවෙස්වලට යාම සඳහා රාත්‍රි 9.15ට පමණ වාහනයකින් පිටත් ව යන අවස්ථාවේ දී කොළඹ මීගමුව මහා මාර්ගයෙන් අවන්හලට ඇතුළ වන ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වාහනය නවත්වා පිරිසක් බලහත්කාරයෙන් බිමට බස්සවා පොලිස් ජීප් රථය තුළට දමා තිබේ. මේ අය සතුව තිබූ ජංගම දුරකථන, පරිගණකයක් සහ වාහනයේ යතුර ද පොලිසිය භාරයට ගෙන, එදින ප්‍රදර්ශනය කළ වීඩියෝ පටයේ පිටපතක් ලබා දෙන ලෙසත්, එසේ ලබා දෙන තෙක් ඔවුන් ව රඳවා තබා ගන්නා බවත් පවසා තිබේ.

ඉන් පසුව පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ තම දරුවා ගෙන ඒම සඳහා යාමට පැමිණි රයිට් ටූ ලයිෆ් මානව  හිමිකම් මධ්‍යස්ථානයේ විධායක ලේකම් මහතාගේ වාහනය ද පොලීසිය විසින් ඒ අකාරයෙන්ම නවත්වා ඔහුගේ ජංගම දුරකථනය සහ වාහනයේ යතුර ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබුනි. සිය දරුවා  රැගෙන ඒමට අවසර දෙන ලෙසත් ඉන්පසු නිලධාරීන්ගේ නියෝග අනුව ක්‍රියා කිරීමට  එකඟ බවට බොහෝ වේලාවක් වාද විවාද කිරීමෙන් පසු ව දරුවා රැගෙන ඒමට පොලිස් වාහනයක් ලබා දී ඇති අතර, ඔහුගේ දරුවා රැගෙන ඒමෙන් පසු ව ඔහුව නැවත රඳවාගෙන තිබුනි.

මේ පිළිබඳ ව පණිවිඩය ලැබී එම මෙම උත්සව අවස්ථාවට සහභාගී වී සිටි නීතීඥවරු සිවිල් සමාජ සංවිධානයන් හි නායකයන් හා මාධ්‍යවේදීන් සමඟ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ  ප්‍රනාන්දු යන අය පැමිණ මෙසේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හේතු විමසමින් පොලිස් නිලධාරීන් වෙත දැඩි විරෝධයක් දක්වන ලදී.

එවිට එහි සිටි උසස් පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ ජනාධිපතිට විරුද්ධව විදේශිකයන් පිරිසකට වීඩියෝ පටයක් පෙන්වා ඇති බවත්, එම විඩියෝ පටය ලබාදෙන තෙක් මොවුන් රදවා තබා ගන්නා බවත්ය.

විඩියෝ පටයක් පෙන්වු බවත් එය ජනාධිපතිට එරෙහිව සැකසූ වීඩියෝ පටයක් නොවන බවත්, එම වීඩියෝ පටයේ වගකීම තමන් භාරගන්නා බවත්, අවශ්‍ය නම් මා පමණක් අත්අඩංගුවට ගන්නා ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසා සිටියත් නිලධාරීන් ඉන් සෑහීමකට පත්නොවීය.

නමුත් දිගින් දිගටම පැවැති වාද විවාද වලින් පසුව උසස් නිලධාරියෙකුට එම වීඩියෝ පටය පෙන්වීමට සිදුවීමෙන් අනතුරු පැයකට පමණ පසුව අත්අඩගුවට පත්ව සිටි පිරිස් හා වාහන නිදහස් කරන ලදී.

ඉන් පසුව පසුගිය දෙසැම්බර් 05 වන දින කාර්යාලට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියේ එම උත්සවය සදහා පැමිනි විදේශිකයන් පිළිබදව වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසයි. ඒ සම්බන්ධව ලිඛිත නිල ඉල්ලීමක් කරන්නේ නම් දන්නා තොරතුරු ලබා දීමට හැකි බව පැවසීමෙන් පසුව එම නිලධාරීන් ඒ සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණයකට පැමිණෙන ලෙස ලිඛිතව අප වෙත දන්වනු ලැබීය.

ඒ අනුව අද දින එම විමර්ෂණය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 4 වන මහලේ දී පැවති අතර, මෙම උත්සවය සදහා පැමිණ විදේශයකියන් පිළිබදව විස්තර වාර්තාවක් ඔවුන් වෙත ලබා දෙන ලදී.

කිසිදු සොයාබැලීමකින් තොරව පොලීසිය මැදිහත් වී එම අවස්ථාවට සහභාගීව සිටි අතුරුදහන්වු පවුල්වල අහිංසක දෙමාපියන් ඇතුළු පිරිස් නිකරුණේ අත්අඩංගුවට ගැනීමත්, ඔවුන්ට විවිධ ආකාරයේ පීඩනයන් එල්ල කිරීමත්, එම උත්සවය කඩාකප්පල් කිරීමටත් එරෙහිව අපවගේ බලවත් විරෝධය දක්වමු. පොලීසිය සිදු කළ බාධාවන් හෙලා දකිමු

අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව වෙනුවෙන්
බ්‍රිටෝ ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article