spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවට ඇත්ත බැට්ස්මන්ලා 7 යි ! එජාපයට 18 යි !

Must read

newmon 2newඑජාපයට ඇත්තේ ගෙයින් ගෙට ගොස් පත්‍රිකා බෙදා රැස්විම තබා කොට්ටාශයේ ජනයා හා දේශපාලන කථාබහක යෙදුන මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් 19 කි .
පොහොට්ටුවට ඇත්තේ එවන් අය  07 දෙනෙකි.
ක්‍රිකට් භාෂායෙන් කියන්නේ නම් ස්ථිර ක්‍රිඩකයන් 7 කි.
එහෙත් කණ්ඩායමේ සිටින ක්‍රිඩකයන් ගණන 25 කි.එහෙත් අවසානාව වන්නේ ඉතිරි 18 දෙනාම අතිරේක ක්‍රිඩකයන්ය.
කිසිදු ස්ථාවරයක් හෝ ශක්තිමත් බවක් නැති පිරිසකි.
නිදසුනක් ලෙස ගත හොත් නිමල් ලංසා විසින් මුදල් ගෙවා නඩත්තු කළ ස්වාධින කණ්ඩායම් වලින් පත්කරන ලද මන්ත්‍රිවරුන්ගෙන් දේශපාලන අත්දැකිම් ඇත්තේ සරුංගලයෙන් පත්වු සුනිල් සිල්වාට පමණි.
අත්තෙන් අතට පැනපු සුනිල් දැන් නැවති ඇත්තේ සරුංගලයක්විම නිසාම ඔහු පිළිබදව ඇති ජනතා ප්‍රසාදය බරපතල ලෙසින් හිනවි ගොස් ඇත. ඔහු දක්ෂයෙකි.එහෙත් දැන් නම් ඇත්තටම සුනිල් සිල්වා කල්ඉකුත් වු භාණ්ඩයක් වැනිය.
අනෙක් ස්වාධින කණ්ඩායමට පත්කරන්නට ලංසා බලා සිටි කෙනා වෙනුවට පත්කරගන්නට සිදුවුයේ වෙනත් අයෙකි.
ඒ ගැන හොදින්ම දන්නේ සකාවුල්ලාය.
ඇත්තටම ඒ පත්විම පැමිණියේ පක්ෂයේ ලේකම් හෝ ලංසා පවුලෙන් නොවේ.
ඊටත් වඩා ප්‍රබල තැනකිනි.
කෙසේල ඇවරියෙන් පොහොට්ටුවට එක්වු තැනැත්තා එහි කණ්ඩායම් නායකයා වුවද ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 19 ක් පමණි.
ඉතින් එවැන්නෙකු ගැන කුමන කථාද ???
මොණරාගෙන් තරග කළ රිෂාඩ් බදුදින් ඇමතිවරයාගේ මන්ත්‍රි ඊසාක් ගැන මුස්ලිම් ප්‍රජාව වඩාත් හොදින්ම දන්නා අතර මීගමුවේ දේශපාලනය ගැන උනන්දුවක් ඇති අයද දැන් නම් හොදින් දනි.ඒ ඔහු අවස්ථාවාදි වු අවස්ථා ගණනාවක් ගැන දන්නෝ දන්නා නිසාමය.
ඒ ඔහුගේ විශ්වාසවන්ත භාවය පිළිබදවය..
පැවැති සබාවල් වලදි ඔහු සිය නම අවැසි ප්‍රමාණයටත් වඩා කැත කරගත් අයෙකි.
පොහොට්ටුවට අතිරේක ලයිස්තුවෙන් එකතුවු අය ගැනද වචනයක් කිව යුතුමය.
ප්‍රධාන වශයෙන්ම නිමල් ලංසාගේ ප්‍රධාන තේරිම ගැනය. .
එනම් ජිවංග මිරැන්ඩෝ ගැනය.
පළාත් පාලන ඉතිහාසයේ දශකයකටත් වැඩි කාලයක් මහනගර සභාව නියෝජනය කළ ද මේ එකදු දිනයකවත් මහසභාවේදි වචනයක් වත් ඔහු කථා කර නැත.
එවන් නාගරික මන්ත්‍රිවරයෙකුට ලංකාවෙන්ම සිටින්නේ ඔහු පමණක් ම විය යුතුය.
මෙහිලා සටහන් කළ යුතුව තවත් කරුණක් වෙයි.
එනම් ජිවංගට මන්ත්‍රිධුරය දිම සදහා නිමල් ලංසා විසින් කපා දැමු තැනැත්තා ගැනය.
ඔහු රක්ෂණ කේෂත්‍රයේ කළමණාකරණ විශේෂඥයෙකි.දෙස් විදෙස් අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද ඇති ප්‍රාඥයෙකි.
එහෙත් එවන් අයට නිමල් ලංසාගේ කණ්ඩායමේදි තැනක් නැත.
සිටින්නේ පන්දු යවන්නන් හෝ පිතිකරුවන් නොව පිටියට වතුර බෝතල් ගෙන එන අයපමණි.
මිලගට ශ්‍රිලනිපෙන් එකතු වු 5 දෙනාය.
ඇත්තටම මේ අයගෙන් දේශපාලනය ගැන අත්දැකිමක් ඇත්තෙකුට සිටින්නේ ෆරිස් පමණි.
එහෙත් ඔහු වමට සිග්නල් දමා දකුණට හරවන්නෙකු බව දැන් වඩාත් ප්‍රසිද්ධව තිබිම නිසා ඔහු ගැනද ඇත්තේ ජන අප්‍රසාදයකි.blood promise 3
ශ්‍රිලනිපෙන් පැමිණි ඉතිරි 4 දෙනාට කිසිදු දේශපාලන ඉතිහාසයක් ඇති බවක් නොපෙනේ . කම්මල්තොට නියෝජනය කරමින් තේරිපත්වු මුස්ලිම් ජාතික මන්ත්‍රිවරයාව සකාවුලල්ලා විසින් නම් කර තිබුනේ අපෙක්ෂක ලයිස්තුව නිමවෙමින් තිබියදිය. ශ්‍රිලනිප 5 දෙනාම සකාවුල්ලාගේ යැයි කියමින් රාජපක්ෂලා ඉදිරියේද ලොක්කෙකු වන්නට උත්සාහ කළද ඇත්තටම ඔහුට ඉන්නේ කම්මල්තොටින් පත්වු තස්මින් රෝස් පමණි.
මේ එක් අයෙක් ඕස්ට්‍රෙලියාවට බෝට්ටුවෙන් ගොස් දැනට නඩු පිට සිටින අයෙකු බවට රාවයක්ද පවති.
මෙම තරගයේදි එජාපයට සිටින්නේ ඇත්ත බැට්ස්මන්ලා 19 කි.පිටියේ ඇත්තට ක්‍රිඩා කළ හැකි පිරිසකි. මේ දෙපිරිස අතර තරගය ඉදිරියේදි අපට දැකගත හැකිය.( ලංසා ලෙඩකළ කෙනා අතහරින්නේ නම් 18 කි නිව්මන් ලෙඩවන්නේ 22 වනදා රාත්‍රියේදිය. ඒ ලංසාට ඇතිවු බියක් නිසාවෙනි. මේ නිසාම ඔහු වහාම නිව්මන්ගේ සහෝදරයා අමතා නිව්මන් හෙට එන එක නවත්වන ලෙසින් ඉල්ලා සිටියේ ගණුදෙණුද කෙලින්ම කියාමය )
මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුව කරා යන වානිජ නගරයයි.එවන් නගරයක හෙටට ගැලපෙන සේ ඉදිරියට ගෙනයාමට නම් ඒවැන්නකට සුදුසුකම් සහිත පාලකයන් සිටිය යුතුය.
එහෙත් අවසනාවකට එසේ සිදුව නොමැත.
පවතින යථාර්ථය තුල නගර සභාවේ මහසභාව පවත්වාගෙන යැමට තරම් පරිචයක් නගරාධිපතිවරයාට හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයාට නොමැත.ඔවුන් නිතිය නොදන්නවා පමණක් නොව සභාව හසුරුවාගැනිමට තරම් වු කුලසතාවයක්ද ඇතිදැයි සැක සහිතය.
මේය යථාර්ථයකි.
මේ සටහන කිසිවෙකුවත් කිසිවිටෙකවත් පහත්  කොට සැලැකිමට නොවේ. එහෙත් මිගමුවේ බදු ගෙවන ජනයා මේ තත්වය නිවරදිව තේරුම්ගත යුතුව ඇත.
මීගමුව නගරයේ බදුගෙවන ජනතාව ඉතා පැහැදිලිව තම නගරය පාලනය කළයුත්තේ කව්දැයි කියා තින්දු කොට ඒ අයව පත්කොට තිබුණි.
නගරයම ආවරණය වන පරිදි පැතිරුණු කොට්ටාශ 29 න් 19ක ජය එජාපයට ලැබෙන්නේ මීගමුවේ බදුගෙවන ජනතාව විසින් ගනු ලැබු මේ නිවරදි තින්දුව නිසාය.
එහෙත් කළු සල්ලිවලින් මේ බදුගෙවන ජනයාගේ සැබැ තේරිම මංකොල්ල කා අද පත්කොට ඇත්තේ සෑබෑ නියෝජිතයන් නොව කප්පම් අලලස් නියෝජිකයන්ය.මේ නිසාම මිගමුවේ බදුගෙවන ජනයාට අද බරපතල වගකිමක් පැවරි ඇත.
ඒ ඔවුන් විසින් මැතිවරණයේදි සිදුකරන ලද නිවරදිව තේරිමේ අරමුණ ජයගැනිම වෙනුවෙනි.එලෙසින් කටයුතු කරන්නේ නම් පමණක් මේ නගරය රැකෙනු ඇත.
නගරයේ දරුවන්ට දිම සදහා තිබුණ ලක්ෂ 8 ක පොත් විකුණා මුදල් ගත් ,පාරට දාන්නට තිබුණ තාරබැරල් 20 ක් විකුණා මුදල් ගත් අය නම් මේ නගරයට උපදේශක නායකත්වය දෙන්නේ මිගමුවට දෙයියන්ගේම පිහිටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article