spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘පොහොට්ටුව’ අරහන් ශ්‍රීලංකාකාරයින්ට වෙල්ගමගෙන් අලුත් පක්ෂයක්: සන්ධානයකින් මහ ඡන්දයට

Must read

‘නව ලංකා නිදහස් පෙරමුණ’ ලෙස නව පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසිය. 

නව පෙරමුණ ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ නව පෙරමුණ එළිදක්වන බවත් ඔහු සඳහන් කළේය.

නව පෙරමුණේ නායකයා ලෙස තමා කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා, එහි සභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් හා ලකුණ ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද කීවේය.

මේවන විටත් පිළිගත් දේශපාලන පක්ෂ හයක් නව පෙරමුණ සමග එක්වීමට කැමැත්ත පළ කර ඇති බව කී මන්ත්‍රීවරයා, පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අකැමැති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මෙන්ම සියලූ දෙනාට නව පෙරමුණට එක් විය හැකි බවද කීවේය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article