spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෝරුතොට මුස්ලිම් ගම්මානයට පැමිණ බුදුපිළිමයක් තබා ගිය චීවරධාරියා කවුද??

Must read

IMG-8d1d94d789fcd2db0913d45476df31f8-Vපෝරුතොට යනු මීගමුවේ මුස්ලිම් බහුතරයක් ජීවත්වන ගම්මානයකි.
අද සිකුරාදා දිනයයි.
මුස්ලිම් ජනතාව සිය ආගමික වතාවන් සදහා මුස්ලිම් පල්ලි වෙත ගොස් සිටින අතර එහි පැමිණි චීවරධාරියෙකු මුස්ලිම් ගම්මානයේ ඉඩමක බුදුපිලිමයක් තබා ගොස් ඇතැයි වාර්තා වේ.
මෙය පැහැදිලිව පෙනෙන ආකාරයට ආගමික ගැටුමක් ඇතිකරලිම සඳහා වන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් විය හැකි බව ප්‍රදේශවාසිහු පවසති.
වාර්තා වන අන්දමට මේ ඉඩම දැනට උගස් තබා ඇති එකකි. මේ ඉඩමේ හිමිකරු ප්‍රශ්ණ කර සිටින්නේ තමන්ට හිමි ඉඩමේ බුදුපිළිමයක් සිටුවාලන්නට පියවර ගත්තේ කවුරුන්ද යනුවෙනි.
මේ පිළිබඳව දැනටමත් පොලිසිය දැනුවත් කර ඇති බවද වාර්තා වේ.
මීගමුව කේන්ද්‍ර කොට ගෙන කිසියම් නොසන්සුන්තාවයක් ඇතිකිරිම ඉලක්ක කො⁣ට ගෙන කුමන්ත්‍රණකාරින් පිරිසක් කිසියම් මෙහෙයුමක නිරතව සිටින්නේද යන සැකය නිරන්තරයෙන්ම මතුව ඇත්තේ පසුගියදා කටුවාපිටියේ ⁣සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමා ආවරණයක වීදුරුවකට ගලක් ගසා තිබිමේ සිදුවිමත් සමගින්ය.
එහිදි ඇතිව තිබුන නොසන්සුන් වාතාවරණය තුල කටුවාපිටියේ නොවන පිරිසක්ද එහි සිටි බව හැගෙන්නේ යැයි කටුවාපිටිය මීසම්වාසිහු පවසා සිටිති.
එම නිසාම සාමය ආරක්ෂා කිරිම සඳහා මුස්ලිම් ව්‍යාපාරික ස්ථානය වසා දැමිමට කටයුතු කළ කළ බවද කටුවාපිටියේ මිසම් සේවක පියතුමා මීපුරට කියා සිටියේය.
මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය ලබන 12වෙනිදාට යෙදි ඇත.
ඒ වෙනුවෙන් වු ආගමික වතාවත් වෙනුවෙන් විවිධ ආගමික චාරිත්‍ර ඉටුකිරිමටද ඔවුහු පේවි සිටිති.
මේ සියලු තත්වයන් හමුවේ ආගමික ගැටුමක් නිර්මාණය කිරිම සඳහා කල්ලියක් ක්‍රියාත්මක වෙමින් සිටින්නේද යන්න ගැන පැහැදිලි සැකයක් දැන් මතුවෙමින් තිබේ.
බංකලොත් දේශපාලකයන් යළිත් වරක් ජාතිවාදය හා ආගම් වාදය අවුස්සා සිය වර්ගවාදි දේශපාලනය සමාජගත කරන්නට කැසකවන අන්දම මෙරට බුද්ධිමත් ජනයා දැන් කලක පටන් නිරීක්ෂණය කරමින් සිටීති

මේ කුමන්ත්‍රණකාරින්ට කිසිඳු  ඉඩක් ලබාදිමට කටයුතු නොකර නීතිය හා සාමය මීගමුව තුල හැමවිටකම ස්ථාපිත කොට තැබිමේ වගකීම පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article