spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බලහත්කාර ආදාහනය නැවත්වීමට උතුරේ සර්වාගමික විරෝධතා

Must read

කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීම නව වසර ආරම්භයේ සිට හෝ නවතා දමන ලෙස රජයට බලකරමින් මන්නාරමේදී විරෝධතාවයක් පවත්වා තිබේ.   2020 වසර අවසන් වන දිනයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය සදහා බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සියලු ආගමිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.   “මුස්ලිම් ආගමික අයිතියට ගරු කරනු, අපේ සිරුරු පුළුස්සන්න එපා – භුමදානය අපේ අයිතියකි, ලෝක සෞඛ්‍ය සංවිධානය බොරු කියනවාද? මළ සිරුරු මත ජාතිවාදයද?” ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ  මන්නාරමේ  පුරවැසි කමිටුව, සිවිල් සංවිධාන එකමුතුව හා හා කාන්තා සංවිධානවල එකතුවෙනි.  

xcxc

  එම විරෝධතාවය සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද එක්ව සිටි බව  පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.   මළ සිරුරුක් ආදාහනය කිරීම ඉස්ලාම් ආගමේ ප්‍රතිපත්තිවලට පටහැනි බව පෙන්වා දෙන උද්ඝෝෂකයන් එහිදී රජයට අවධාරණය කර ඇත්තේ කොරෝනාබාධිතව මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීමට රජය කටයුතු කිරීම නිසා එම ජනතාව දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.   ජනාධිපතිවරයා වෙත බාරදීම සදහා සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් නන්දනී ස්ටැන්ලී ද මෙල් වෙත භාරදීමටත් පෙළපාලියෙන් ගිය උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ.  

Prof Bahu‘මළ සිරුරු බලෙන් පිච්චීම නතර කර නව වසර අරඹමු’ – වික්‍රමබාහු 2020 දෙසැම්බර් 31 බ්‍රහස්පතින්දා අගනගරයේදී විරෝධතාවයක් පවත්වමින් මුස්ලිම් වාමාංශික පෙරමුණ රජයට අනතුරු අඟවා තිබුනේ මළ සිරුරු ආදාහනය කිරීම නව වසර ආරම්භයේදීම නතර කිරීමට ක්‍රියා නොකළහොත් මුස්ලිම් ජනයාගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා නව වසරේ දිනපතා සටන් කිරීමට සිදු වන බවයි.   මේ අතර ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස බලකරන එක්සත් රාජධානියේ ඉස්ලාමීය ආයතන 500කට අධික සංඛ්‍යාවක එකතුවක් වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ලියා දන්වා තිබුනේ මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය වෙනුවෙන් නඩු මගට බසින බවයි.    මේ අතර ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස බලකරන එක්සත් රාජධානියේ ඉස්ලාමීය ආයතන 500කට අධික සංඛ්‍යාවක එකතුවක් වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ලියා දන්වා තිබුනේ මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය වෙනුවෙන් නඩු මගට බසින බවයි. 

https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2F180seconds%2Fvideos%2F3440170562789352&width=500&height=280
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article