spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බල්ලෝ කෑමත් සෙල්ලන් නෑ……

Must read

 

ඊයේ දවල් අපේ දන්න කියන මිතුරෙකුගේ ගෙදර ගේට්ටුව ට අත තියාගෙන අපි කථා කර කර ඉන්න කොට එකපාරටම උඩ පැනල මගේ අත හපාපි… හිතවතාගේ  ගෙදර පුංචි සුරතලා.
ටිකක් ලේත් ආවා.
මම කොහොමත් බල්ලන්ට  අාදරේ වගේම පිට උන්ට හෙනම බයයි.
මගෙ හිතවතා මේක එතරම් ගණන් ගත්තේ නෑ බල්ලා ෂුවර් . බේත් විදල තිබුනේ.
නමුත් මගේ වෛද්‍ය හිතවතුන්ගේ උපදෙස වුනේ කෝකටත් ඉස්පිරිතාලේ ගිහින් බේත් විදගන්න කියල
ඔන්න ගියා කියමුකෝ
අපි ඉස්පිරිතාලේ ගැන ලියල තියෙන දේවල් වල හැටියට බයකුත් තිබුනා යන්න. නමුත් විකල්පයක් නෑනේ.
අනේ දන්න අයගේ උදව් එක්ක මුලික ප්‍රතිකාර ඒ්කකයට යොමු කළා. වෛද්‍යවරයා කිව්වේ බල්ලට එන්නත් විදල තියෙන පොත අරන් එන්න කියල. හැබැයි 2.30 කලින් එන්නත් ඕනේ.ඉතින් මම හිතවතාට කථා කළා මෙන්න ඌ කියාපි හැම අවුරුද්දෙම ගහල තියෙන්නේ නමුත් පොත නම් හොයාගන්න බෑ බං කියල.
අනික බයවෙන්න එපා බං තවත් අපි දන්න අයවත් හපල තිබුන ඒත් අවුලක් නෑ.ඒ හැමෝම තාමත් හොදින් ඉන්නවා කියල.
දැන් මම දෝලනය වෙන්නේ වෛද්‍ය විද්‍යාවත් මිතුරාගේ විශ්වාසයත් අතර ..
ඒ අස්සේ වේලාවත් යනවා මම කෝකටත් කියල ආයේ ගියා මුලික ප්‍රතිකාර ඒකකයට . එයාල කිව්වා හොදට කෑම කලා එන්න මොකද බේත විස වෙලා ඔයාට කලන්තේ  අවොත් අපිට හරියටම හිතාගන්න බෑ කෑම නැති හින්දද නැතිනම් ඇලජික් එකකටද කියල ..
අනික භාරකාරයෙක් වත් අරන් එන්න කියල. කිව්ව
ඒ වේලාවේත් අද දවසේ හැටියට මට කැන්දන් යන්න පුලුවන් වුනේ අපේ පැත්තේ ලක්බිම වාර්තාකරු රේමන්ඩ් අයියව….
අපි මුලික ප්‍රතිකාර ඒකකයට ගිහින් විනාඩි 2 යි ගියේ රෝහලේ ආරක්ෂක කාර්ය මණ්ඩලය ආවා. ඇවිත් අපෙන් සුහදව ප්‍රශ්ණ කලේ මොකද මේ දෙන්නම ඇවිත් තියෙන්නේ කියල..
මට කාරණේ වැටහුණා මම එයාගෙන් ඇහැව්වේ කොහෙන් හරි තොරතුරක් ආවද මාධ්‍ය කාරයෝ දෙන්නෙක් මුලික ප්‍රතිකාර ඒකකයට අැවිත් කියල… මනුස්සයා හිනා වුනා…
කොහොම හරි ඒකත් ඉවරයි කියමුකො.
දැන් ඔන්න අමාරු හරිය….
දැන්  ඒ අංශේ අය උපදෙස් දුන්නා. දවස් 14 ක් බල්ලව පරිස්සමෙන් බලන් ඉදල බැරිවෙලාවත් ඌ මැරුෙනාත්  පාන්දර 1 හරි 2 ට  හරි කමක් නෑ බල්ලාගේ බෙල්ල කපල අයිස් පුරවපු බෑග් එකක දාලා කොළඹ තියෙන MRI එකට අරන් යන්න කියල….ඒක එක ප්‍රතිකාර විදියක්
එහෙම නැතිනම් එයාල ලග තියෙන අශ්ව කොටස්වලින් හදපු ඉන්දියන් බේතක් තමයි විඳින්නේ ඒක හින්ද  ආසාත්මික තත්වයක් එන්න පුළුවන් ඒ හින්ද මුලින්ම එයින් කොටසක් විදල විනාඩි 20 ක් බලල තමයි ඉතුරු ටික ගහන්නේ .
ඔන්න මම ලියවිලි කිපයටත් අත්සන් කළා ඒ වට අනුව ජලභිතිකාවේ  භයානක කම වගේම මේ බේතේ ඇති ආසාත්මික අවධානම ගැන දැනුවත්ව තමයි මේ එන්නත ලබාගන්නේ කියල  මම එකඟ වෙච්ච කොන්දේසි වල තිබුනේ.
අසාත්මික නොවන මිනිසුන් ඇසුරින් නිපදවා අැති එන්නත පිටින් ගන්නව නම් රු 25000 ක් විතර යනවා කියලත් කිව්වා.
ඔන්න විදන මෙහෙයුම පටන් ගත්තා.
පිටගැස්මට දකුණු අතට විද්දා.කැනියුලා එකක් දකුණ අතට දැම්මා. දකුණටත් වමටත් අර එන්නතේ කොටසක් විදල එතන ටිකක් පිම්බිලා ආවට පස්සේ ඒක කාබන් පෑනකින් රවුම් කෙරුවා. එහෙම කරලා මට විනාඩි 20 ක් ඉන්න කිව්වා
ඔන්න විනාඩි 15 විතර යනකොට මටත් ටිකක් අමුත්තක් තේරුණා හුස්ම ගන්න ටිකක් අපහසුයි වගේ.
වෛද්‍යවරයාට විනාඩි 20 න් පස්සේ පෙන්නුවා. හරි මට ඒ බේත ඇලජික් ඒ කියන්නෙ අර කාබන් පෑනෙන් අැදල තිබුන රවුමට එහා ප්‍රදේශයක ඉදිමුම පැතිරිලා තිබුනා.
ඒ හින්ද මට අනිවාර්යෙන්ම කොළඹ ගිහින්  බේත් විදගන්න වෙනවා.නමුත් තවත් පැය 2 කක් යනකන් මුලික ප්‍රතිකාර ඒකකයේ ඉන්න වෙනවා යන්න අවසර නෑ. මොකද බේතේ අසාත්මිකබව තවත් පැය 2 ක් පුරා පවතින හින්ද ..
දැන් වේලාව සවස 5 යි බල්ලා කෑවේ 11.30 විතර …
අනේ රේමන් අයියටත් මා ළගින් ඉන්න උනා 5 වෙනකම්…
දැන් නිකන් ම එන්න බැ මගෙන් ලියවිල්ලකට අත්සන් ගත්තා හෙට අනිවාර්යෙන්ම කොළඹ ගිහින් බේත් එක විදගන්නවා කියල…
හෙට අර ඇලජික් නොවන බේත විදගන්න ලැබුනොත් හොදයි . මොකද අර අස්සයන්ගේ බේත විද්දේ ඊයේ හැන්දෑවේ 2.55 ට දැන්  මේ සටහන තියන වේලාවේ ඔන්න අවුරුදු ලැබුවා…. ඒත් තාමත් පොඩි අපහසුවක් දැනෙනවා……
මම මේ සටහන ලියන්න කල්පනා  කලේ බල්ලෝ  හදන එකයි බල්ලන්ට කියල කවාගන්න එකයි දෙකම සෙල්ලන් නෑ කියල අනික් අයට කියන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article