spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බළලා..

Must read

වෙන්නප්පුවෙන් ඉතාලියට පිටත් වූ ට්‍රෝලර් යාත්‍රාවක අත්උදව්කරුවකු වූ බැවින් ජයන්තටත් අහම්ඛෙන් හෝ ඉතාලියට පය තැබීමටත් සතියක් දෙකක් අනාථ කදවුරක හිරවී සිට අවතැන් සහතිකය සමග කවරුන්ම හෝ නෑදෑ හිතවතකු සොයා යාමටත් අවස්ථාව ලැබිණි.
උසස් පෙළ දක්වා පාසල් ගියත් තවත් ඉහලට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවක් නොවූ නිසාදෝ .. රැකියාවල් පස්සේ නොපන්නා ජයන්ත තම පියාගේ රැකියාවට අත්වැලක් වෙමින් බෝට්ටුවේ සහයකයා වුණේ සිය කැමැත්තෙන්. ඒත් ඉතාලි උණුසුම ඉහල යන විට කවදා හෝ ඉතාලියට යමියි සිතා ජයන්ත ට්‍රෝලර් යාත්‍රාවක සහයක තනතුර තෝරා ගත්තේ තම පෙම්වතිය වූ ජයනිගේ ද කැමැත්ත ඇතිව.
කෙසේ හෝ අවසානයේ ඉතාලි ආණ්ඩුවෙන් ලැබුණු අවසර තුන්ඩු කෑල්ල හතරට නවා සාක්කුවේ දමාගත් ජයන්ත තම නෑදෑ හිතවතුන් සොයා ඉතාලියේ නගරයක් පසා කරක් ගසන්නට වුණේ ඉන්නට තැනකුත් කරන්නට රැකියාවකුත් බලාපොරොත්තුව. එන වෙලාවක ඉතාලියට වරෙන් මචං කන්න, බොන්න, ඉන්න ඔක්කොම දෙන්නන් යැයි කී සමහරුන් නන්නාදුනන ලෙස ඉවත බලද්දී ජයන්ත……. නාපෝලි, රෝමය, බොලෙක‍ඳ පසුකරගෙන නෑදෑ හිත මිතුරන්ද පසුකරගෙන ඇවිත් නැවතුනේ වෙරෝනා නගරයේයි.
වසන්තයට ඔන්න මෙන්න කියා තිබූ බැවින් දැයි සීතලක් නොදැනුනත් නාදුනන නගරයක තනිවීමත් උදව්වට කෙනෙකු ඉදිරිපත් නොවීමත් නිසා ජයන්ත සිටියේ කනස්සල්ලෙන් හා කළකිරීමෙන්. ඒත් වොරොනා නගරයේ පොරපිටිය අසලදී ඔහුට හමුවුන අජිත් නිසා ජයන්තගේ බිදීගිය සිත තරමක් හෝ සුවපත් වුයේ ඉන්නට තැනකුත්, කන්න බොන්නත්, රැකියාවකුත් මේ නාදුනන මිත්‍රයා දෙන්නට පොරොන්දු වූ බැවිනි.
මාසයක් හමාරක් අජිත්ගේ කාමරයේ අනිත් මිතුරන්ගේත් උවැටැන් කිරීමට ජයන්තට සිදු වුවත් ඉතාලි වචන කීපයක් හෝ ඉගෙන ගැනීමටත්, සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමටත් හැකියාවක් ලැඛෙමින් තිබුණි. ගෙදරට ටෙලිපෝනයෙන් කථා කිරීමටත් ජයනිගේ දුක සැප විමසා ලිපියක් ලිවීමටත් මුදලක් ඉදහිට ලැඛෙන පාට්ටයිම් කෑල්ලක් නිසා ජයන්ත අත ඉතිරිවිණි. කාළය කෙමෙන් ඇදී යද්දී අජිත් ජයන්ත වෙනුවෙන් ඉතාලි ගෙදරක රැකියාවක් සොයා ගැනීමට සමත්විය. හරියට ඉතාලි භාෂාව හසුරුවා ගැනීමට නොහැකි වූවත් ඉංග්‍රීසි යන්තම් හෝ අමුණා ගැනීමට ජයන්ත දක්ෂ වූ බැවින් අළුත් රැකියාවේ වැඩ කටයුතු කරගෙන යාමට ජයන්තට පහසුවක් නොවීය. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණියන් දෙදෙනෙකුගෙන් හා රජයේ කාර්යාලයක විධායිකාවක් වන මැදිවියේ කාන්තාවකගෙන් යුත් ඒ පවුල ජීවත් වුනේ නගරයෙන් තරමක් ඈත ඒත් ලස්සන පරිසරයක ඉදිවූ දෙමහල් නිවසකය.
මේ ගෙදර මෙහෙකරුගේ රැකියාව ජයන්ත භාරගත්තේ හිත පිරීගිය සතුටිනි. ගෙදර උඩුමහලේ කොනක ජයන්තට ලැබුණ කාමරය එතරම් විශාල නොවූවත් ඇදක්, මේසයක්, පුටුවක්, අල්මාරියක් හා ටෙලිපොනයක් සහිත විය. මු ගෙයම අතුපතු ගා සෝදා පවිත්‍ර කිරීමත්, වත්ත පිටිය පිරිසිදුව තබා ගැනීමත්, කුස්සියේ වැඩට උදව් වීමත් ජයන්තට එතරම් අපහසුවක් නොවීය. කැඩුණු බිදුණු ඉංග්‍රීසියට කලවම්කර සිංෙඤාරා ( ගෙදර අයිති මහත්මිය ) ඉතාලියෙන් කියන දේ විටෙක තේරුම් ගැනීමට හරස්පද පෙහෙලිකාවක් හා සමාන වූවත් ජයන්ත ටික දිනකින්ම ගෙදර අය හා හිතවත් වීමටත් විශ්වාසය දිනා ගැනීමට සමත් විය.
නිවාඩු දිනයට අජිත්ගේ කාමරයට යන ජයන්ත දවසම ගත කරන්නේ යහළුවන් හා විනෝදයෙන්. විටෙක ලංකාවේ කඩයෙන් මිලදී ගන්නා පුවත්පත් බැලීමටත් ලංකාවේ යුද්ධය- සාමය හා දේශපාලනය ගැන වාද විවාද කිරීමටත් ජයන්තට අවස්ථාව තිබුණි.
කෙසේ වුවත් මෑතක සිට ලංකාවේ ඇතැම් මැතිඇමතිවරුන් තැන තැන නොමනා ලෙස හැසිරීම ජයන්තගේ සිතට ගෙන ආවේ කණගාටුවක්.  අපරාදේ මේ මිනිසුන්ට බැහැනේ තමන්ගේ ගරුත්වයවත් රැක ගෙන ඉන්න.  ජයන්ත යහළුවන් හා කියන්නේ තරමක කෝපයෙන්.
නිවාඩු දිනය ගතකර ආපසු වැඩ කරන ගෙදරට යන ජයන්තගේ සිත නිතරම කළබලයට පත්කරන කරුණක් විය. සිංෙඤරා ආදරයට ඇති කරන බළල් තඩියා සති අන්තය ගේ පුරා සැරි සැරීමටත්, සිතු සිතු තැන මළපහ කිරීටත් විශේෂයෙන්ම සොරා කෑමටත් පුරුදු වී සිටී.
ජයන්තට රිස්සුම් නොදෙන්නක් විය. ආගන්තුකයෙකු ලෙස බලන්නාක් මෙන් ජයන්ත දෙස බලන පූසා ඌට රිසිදේ කිරීමට පෙලඛෙන්නේ ජයන්ත ගැන ගානකටවත් නොගනිමිනි.  උඹ පූසව හොදට බලා ගන්න ඕන. ඌට තරවටු කරන්නේ එහෙම නැහැ සිංෙක‍ඳා්රා ජයන්තට කීපවිටක් කියා ඇත.
බළලාගේ අපිරිසිදු කිරීමත්, හොරා කෑමත්, හිතුහිතු තැන පහුරු ගෑමත් ජයන්තට හිසරදයක් වුවත් අපහසුවෙන් හෝ එය විඳ ගැනීමට ජයන්තට සිදුවිය.
ජයන්තගේ ඉතාලි ලිය කියවිලි සකසා දීමට සිංෙඤාරා පොරොන්දු වී සිටි නිසා වෙනදාටත් වඩා උවමනාවෙන් ගෙදර වැඩ කටයුතු කිරීමටත්, ගේ දොර බලා ගැනීමටත් ජයන්ත උනන්දු විය. ඒත් නිතර නිතර බළලාගෙන් කෙරෙන අවැඩ ජයන්තගේ වැඩ කටයුතු අවුල් කළේය. ජයන්ත හෝදා වේලන්නට දමන රෙදි ඌගේ නවාතැනට ඇදගෙන යාමත්, පිළිවෙල කර මේසය මත හෝ කුස්සියේ තිඛෙන කෑම පෙරලාගෙන කෑමත්, හිතු හිතු තැන ජරා කිරීමත් බළලාගේ පුරුද්ද බැවින් එන්න එන්නම ජයන්තගේ වැඩ කටයුතු අවුල් විය. බළලා නිසා කීප විටක්ම සිංෙක‍ඳා්රාගෙන් බැනුම් ඇසීමටද සිදු වූ නිසා ජයන්ත සිටියේ තරහිනි.
ඒත් බළලා ගැන වරදක් කීමට තරම් භාෂා දැනුමක් නොමැති කමද සිංෙක‍ඳා්රා බළලාට තියෙන ආදරය නිසා බළලාගේ මැරකම් ඉවසා දරා ගැනීමට ජයන්තටසිදුවිය. පසුගිය දිනක සිංෙක‍ඳා්රා කවුදෝ යෙහෙලියක ඇයට තෑගි දුන්න පුංචි කුරුළු පැටවකු කූඩුව පිටින්ම ගෙදර ගෙනාවාය. කුරුළු පැටවා බළලාට අසුවන්නට නොදෙන්නැයි කී ඇය සාලයේම කොනක කූඩුව තබා තිබුණාය.
කීපදිනක සිට කුරුළු පැටවා බිලි ගැනීමට බලා සිටි බළලාට ජයන්ත මද විරාමයකට ඔහුගේ කාමරයට යාම ප්‍රමාණවත් විය.
හිස් කුරුළු කූඩුවත් පසෙකට වී කුරුළු පිහාටු එහෙ මෙහෙ කරන බළලා දුටු ජයන්තට උන්හිටි තැන් අමතක විය.
ඉදිරියට පැන බළලාගේ ඛෙල්ලෙන් ඔසවාගත් ජයන්ත කිසිවක් නොහිතාම අසල තිබූ රෙදි සෝදන මැසිම ඇර ඒ තුලට බළලා දමා එබුවේය. ඒ සමගම මැෂිමේ දොර වැසූ ඔහු විදුලි බොත්තමද තද කලේය. දවල් කෑමට ගෙදර එන සිංෙක‍ඳා්රාගේ කාරයේ පුරුදු හඩද ඒ සමගම ඇසුන බැවින් දඩි බිඩි ගා කුරුළු පිහාටු ටික අස්පස් කර පිරිසිදු කර දැමු ජයන්ත කුස්සියට දිවගියේ පාස්තා සෑදීමට වතුර ලිප තැබීමටය.
එදා දවල් කෑම සෑදීමට අනවශ්‍ය බව කී සිංෙක‍ඳා්රා ජයන්තද කැටුව ඔහුගේ ලියකියවිලි අත්සන් කිරීම සදහා ආපසු නගරයට යාමට පිටත්විය. ඇය හා ගිය කාරණා කටයුතු අවසන් කොට ආපසු එන විට ජයන්තට බළලා ගැන මතක ්වුණේ හදිසියෙනි. දෙවියනේ බළලා මරුනොත් මේ ලියකියවිලි තියා මගේ රස්සාවත් නැතිව යනවා. මොකද්දෝ නොඉවසිල්ලකින් ජයන්තගේ පපුව ගැහෙන්නට විය. ජයන්ත ගෙදර ගේට්ටුව අසලින් බැස්සුව ඇය වැඩට යාමට පරක්කු වෙන බව කියා ආපසු යාම ජයන්තට ම`ද අස්වැසිල්ලක් ගෙන දුනි.
දෙවියනේ පැය දෙක තුනක් රෙදි සෝදන මැෂිම ඇතුලේ ඇපිල්ලූන බළලා තවත් ජීවත් වෙයිද? ජයන්ත ඇදුම්ද නොගලවා ඉක්මනින්ම දිව ගියේ රෙදි සෝදන මැෂිම අසලට. ඊලගට කිසිවක් නොසිතාම එහි දොර ඇරියේ බලල් කුණ ගෙන සගවා දැමීමේ අරමුණෙන්. ඒත් මැෂිමෙන් එලියට පැන්න බලල් තඩියා එක පිමිමේ දුව ගොස් වසන් වෙද්දී ජයන්ත සැනසුම් සුසුමක් පිට කලේය.
පුරා දිනක්ම ගෙදර එක එක තැන සැගවුණ බලලා අවසානයේ සැටියේ වාඩි වී සිටි සිංෙක‍ඳා්රාගේ දෙපා අසලට ආවේ හොරෙන් හොරෙන් ජයන්ත දෙස බලමිනි. හොරා කෑමත්,  තැන තැන කැත කිරීමත්, වැඩ අවුල් කිරීමත් සම්පූර්ණයෙන්ම දැනට නවතා ඇති බළලා ජයන්ත යන එන දෙසවත් නිකමටවත් බලන්නේ නැත.
ඔන්න මන්ත්‍රී කෙනෙක් හෝටලයක යකා නටල  ජයන්ත ඊලග නිවාඩු දිනයේ කාමරයට යද්දී ඒ එදා දිනයේ යාළුවන්ගේ මාතෘකාව.
අගමැතිතුමාට ලොකුවයින් රෙදි සෝදන මැෂිමක් යවන්න ඕන.  ජයන්ත තමාටම කියා ගත්තේ හෙමිහිට සිනා සෙමිනි.

ටෝනි ප්‍රනාන්දු – වෙරෝනා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article