spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බාඳුරාගොඩ විෂ කසිප්පු ගැන බය හිතෙන කථාවක් ?

Must read

1564929393-liqur_Lබාදුරාගොඩදි විස කසිප්පු පානය කිරිම හේතුවෙන් 13 දෙනෙක් මිය යෑමේ පුවත රට තුල මහත් කම්පනයක් ජනිත කළ එකක් විය.
මෙසේ ගිය අය අතිබහුතරයක් කුලිරැකියාවල නිරත දුප්පතුන්ය.
කාංචන නැමැති ව්‍යාපාරිකයා විසින් මේ විස කසිප්පු ජාවාරම වසර ගණනක සිට පවත්වාගෙන යන්නක් බව ප්‍රදේශවාසින් පවසා සිටිති.
මේ සදහා පොලිසියේදි  නොමද සහය ලැබුන බවට ඇත්තේ බරපතල චෝදනාවකි.
කෙසේ වෙතත මරණයේ සෙවනැලි දැක දැක තවත් රෝගින් පිරිසක් රෝහල් කිපයක නේවාසිකව ප්‍රතිකාර ලබති.
මේ අතර අද ලංකාදිප වෙබ් අඩවිය විසින් මේ විස සහිත කසිප්පු නිෂ්පාදනය කර තිබුන අයුරු ගැන පුවතක් පළකොට තිබේ.
එයට අනුව
දැනට වෙළෙඳපළේ පවත්නා,’ආහාර සඳහා යෙදීමට නොව’ ලෙසින් සඳහන්ව ඇති පිපුම් කාරකයක් කසිප්පු පෙරීමේදී භාවිතයට ගන්නා බැවින් කසිප්පු විස වී ඇතැයි කසිප්පු පෙරීමේ නිරතවන්නෙක් පැවසු බව එහි සදහන්ය.

තවදුරටත් ඒ පුවතින් හෙළිදරව් කර සිටින්නේ වසර හතරකට පමණ පෙර භාවිත කළ පිපුම් කාරකය යෙදූවිට ගෝඩා මිශ‍්‍රණය පැසෙන්නට දින 6ක් 7ක් පමණ කල්ගත වන අතර,  නිල් පැහැති ඇසුරුමකින් වෙළෙඳපොළට ආ නව නිෂ්පාදනය යෙදූවිට දිනක් ඇතුළත ගෝඩා සකසා පෙරා කසිප්පු ලබාගැනීමේ හැකියාව ඇතැයි කියාය.

ගෝඩා මිශ්‍රණය වැඩි දින ගණනක් තිබෙන්නට ඉඩ හැරීමෙන් පොලිසියට අසුවීමේ අවදානමක් පැවතීමත් ඉක්මණින් තම නිෂ්පාදන මුදල් කර ගැනීමට හැකිවීමත් සලකා මෙම පිරිස් නව නිෂ්පාදනය භාවිතා කරන්නට පෙළඹී ඇති බවද කසිප්පු පෙරීමට සම්බන්ධවූවෝ පැවසූ බව එහි සදහන්ය.

එමෙන්ම තම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහලින් පවතින බවට පාරිභෝගිකයන්ට හැඟවීම සඳහා පිපුම්කාරක පැකට් එකක් යෙදිය යුතු අවස්ථාවට පැකට් දෙකක් යොදන පුද්ගලයන්ද සිටින බවද හෙළි වී ඇත.

නිල් පැහැති ඇසුරුමකින් යුතු මෙම පිපුම්කාරකය ආහාර පිණිස නොවන බවට සඳහන්ව ඇතත් එය නිෂ්පාදනය කරන ස්ථානයක් හෝ සඳහන්ව නැතැයිද මෙවැනි අනාරක්ෂිත නිෂ්පාදන වෙළෙඳපළට පැමිණීමේ මාර්ග අහුරා දැමීම වහා කළ යුතු බවද ජනතාව පෙන්වා දිය යුතුබවටද ලංකාදිප පුවතින් වැඩිදුරටත් අවධාරණය කර සිටි.

ඉහත හෙළිදරව් කිරිම් සත්‍ය නම් මෙය පැහැදිලිව දැන දැනම මේ විස කපිප්පු පෙරිමට මුල්වු ව්‍යාපරිකයා පැහැදිලි මිනීමරුවෙකි. එපමණක් නොව ජනඝාතයකි.
එමෙන්ම මෙසේ දුප්පතුන්ට විස සහිත බව දැන හෝ අඩුමිළට මෙසේ කසිප්පු ගෙන පානය කිරිමට සිදුව ඇත්තේ රජය විසින් බදු පිට බදු ගසා සීල්කරන ලද අරක්කු වල මිළ ඉහල දමා තිබිම නිසාය.
මේ නිසාම පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ජනපති සිරිසේනගේ මතට තිත වැඩ සටහනද රජයේ බදු ප්‍රතිපත්තියද බරපතල විවේචනයකට ලක්කර තිබුණි.
මේ පසුබිම තුල මේ ජනජිවිත සුරකිම සදහා මේ යහපාලන නායකයන්ට බාදුරාගොඩ වැනි තවත් මීනී කියක් නම් අවැසිදැයි මේ සමාජය විසින් ඇසිය යුතුව තිබේ.
විස කසිප්පු පෙරු ව්‍යාපාරිකයාගේ පමණක් නොව ඒ තැනට දුප්පතුන් පත්කළ පාලකයන්ට මේ මරණ වලින් අතහොදා ගත නොහැක.
මුලාශ්‍රය – ලංකාදිප වෙබ් අඩවිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article