spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බාල බෙහෙත් මදිවට GI පයිප්පත් -ඇපත් නෑ! කෙහෙළියට තවත් නඩුවක්..

Must read

 

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990,000/= ක මුදලක් වැය කර GI පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව නිෂ්ප්‍රභා කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ල  මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණ වෙත ගොනුකර තිබුණි.. තමන්ව එම චෝදනාවෙන් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම මූලික විරෝධතාව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් පසුගිය  (12)වනදා ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි.

ඉන් අනතුරුව අදාළ නඩුව තවදුරටත් විභාග කිරීමට තීන්දු කළ මහාධිකරණ විසුරුවරයා එය නැවතත් අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කර තිබුණි

2014 වසරේ දෙසැම්බර් මස 2 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990,000/= ක මුදලක් වැය කොට දේශපාලන කටයුතු සඳහා GI පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කොට අල්ලස් කොමිසම විසින් එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව  මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව ගොනු ඇති ආකාරය නීතියට පටහැනි බවත් ඒ අනුව එය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් මෙම මූලික විරෝධතාව මතුකර තිබුණි.

මෙම නඩුව  විභාගයට ගත් අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අධිකරණයට ඉදිරිපත් කරසිටියේය..

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේදී රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයිසැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය  (මාර්තු 14 වැනිදා) නියෝග කළේය.

ඒ අනුව අදාළ සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නිකුත් කළ ඇප නියෝගයේ සඳහන් විය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා පොදු දේපළ පනතට අදාළ වන බව අධිකරණය විසින් පිළිගනු ලබන බව ය.

පොදු දේපළ පනතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඔහු ඇපමත මුදා හැරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

සැකකරුවන්ට අදාළ විමර්ශන තවමත් පැවැත්වෙන බවත් එවැනි අවස්ථාවක මොවුන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවේ සඳහන් කළාය.

ඉන් අනතුරුව අදාල පැමිණිල්ල ලබන 28 වැනිදා කැඳවන ලෙසට නියෝග කෙරුණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article